(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ වියදම් පියවා ගැනීම සඳහා තවත් රුපියල් කෝටි 30 ක මුදලක් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිපියක් යවා ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මීට පෙර රුපියල් කෝටි 77 ක මුදලක් ඉල්ලා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළේය.
ඒ අනුව මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 10ක මුදලක් ලැබුණු අතර එම මුදල් මැතිවරණයේ මූලික කටයුතු සඳහා වැය කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ අතර පළාත් මැතිවරණ කටයුතු සඳහා පසුගිය මාසයේදී පමණක් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක පමණ මුදලක් වැය කළ බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවැසීය.
මැතිවරණ වියදම් සඳහා තවත් මුදල් අවශ්‍ය වන අතර එම මුදල් ඉදිරියේදී ලබාගැනීමට බලාපොරොත්තු වන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතය.
මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බව කොමිසමේ නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන මතය විමසන්න මේ තරම් බිය මොකද?
ඔහොම ඉල්ලන ඉල්ලන සැරේට සල්ලි දෙන්න අපි සල්ලි ගස්වලින් කඩනවා කියලා හිතුවද? සල්ලි නැතිනම් ඔන්න ඔය මගුල අත් හැරලා දමන්න. අපිට් චන්ද තිබ්බත් එකයි නැතත් එකයි. තවලම ඇදගෙන යන එවුන් ඔහේ ඇදගෙන යයි.
රජයේ නිලධාරින් ස්වාධීන කියාගෙන දේශපාලනය කරන්නහොඳ නැහැ. මෙයා මාර්තු 9 මැතිවරණය දාගත්තේ කුමන දේශපාලන අරමුණකින්ද යන්න පැහැදිලි නැහැ
මැති ඇමති වරුන්ගේ ගිනි ගත්තු ගෙවල් හදන්න දීපු වන්දි මුදල් මාසයකට නවත්තන්න්න බැරිද? කෝටි 70ක් කියන්නේ ඉතාම සුළු මුදලක්. හරියට කිව්වොත්, ලොක්කන්ගේ ජීප් 5ක් සුදු කපුටා එලවමු
පක්ශ හා දේශපාලකයො ලග විශාල මුදල් ප්‍රමාණයක් ඇති බව පෙනේ. සමහරු කිව්වේ චන් දෙට යන මුදල ලූණු බිකක් කියාය. එමෙන් ම කට්ටියට චන් දය ඕනැම නිසා කැට වලට සම්මාදම් කර අඩුපාඩුව සොයා දිය හැකිය.
ඔබ හිතා ගෙන ඉන්නේ 'අර මැජික් කාරයෝ තොප්පිය අස්සට අත දාලා හාවෙක් උස්සලා පෙන්නනවා වාගේ ' භාණ්ඩාගාරයෙනුත් අත දාලා කෝටි 30 ක් උස්සලා පෙන්නන් පුළුවන් කියලාද?
බන්දනාගාර ලෙකම්වරයාත් රටෙ නීතියත් එක්ක සෙල්ලම් කරන්න උත්සහ කරනවා වගෙ පෙනෙන්නෙ.
රනිල් සහ රාජපක්ෂ හොර තක්කඩි දන්නවා මේ ගෙවී යන්නෙ උන්ගේ අවසන් හෝරාව බව ඒක වලක්වන්න කරන්න පුළුවන් සියළුම බාදා කිරීම් කරමින් ඉන්නේ