(අංජුල මහික වීරරත්න)
රජය විසින් ගෙවිය යුතු රුපියල් මිලියන 17000ක ණය මුදල් වහා ගෙවන්නැයි පොහොර සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.
වසර කිහිපයක සිට පොහොර සමාගම් වලින් රසායනික පොහොර හා කාබනික පොහොර මිල දී ගැනීමට ගන්නා ලද මෙම ණය මුදල් ගෙවීමට තිබෙන බව පොහොර සමාගම් දැනුම් දී ඇත.
මේ අනුව රසායනික පොහොර ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 11,000ක් සහ කාබනික පොහොර සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 6000ක් අදාල සමාගම්වලට ගෙවීමට සිදු ව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.
පසුගිය වසරේ දී හිඟ මුදල් රුපියල් මිලියන 4000ක් ගෙවා ඇතත්, තවත් රුපියල් මිලියන 17,000ක් ගෙවීමට ඇතැයි අදාල පොහොර සමාගම් නියෝජිතයෝ පොහොර සමාගම් වලට දැනුම් දුන්හ.
යල කන්නයට අවශ්‍ය පොහොර ලබා දීම සම්බන්ධවපැවැති සාකච්ඡාවක දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි රජය විසින් මුදල් ප්‍රතිපාදන ලබා දෙන ආකාරය අනුව අදාල හිඟ මුදල් පියවීමට කටයුතු කරන බවයි.
මෙවර මහ කන්නයේ දී පොහොර රට පුරා බෙදා හැරීම සඳහා රජය රුපියල් බිලියන හයක මුදලක් වැය කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පෝර ණය මිලියන 17000ක් ගෙවන්නැයි ඉල්ලයි