(ඩයනා උදයංගනී)

මෙරට සෞඛ්‍ය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙනයාම සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට ජපන් යෙන් බිලියන 5 ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 38 ක් පමණ) ලබාදීමට ජපන් රජය එකඟතාව පළකර ඇත.

එය ලබාගැනීම සඳහා අදාළ ගිවිසුම්වලට අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.