IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් කුණු කූඩෙට

(සුජිත් හේවාජුලිගේ සහ මහින්ද නිශ්ශික)

පළාත් පාලන මැතිවරණය සඳහා ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත්‍ර සංඛ්‍යාවෙන් 36,000 ක් විවිධ දෝෂ හේතුවෙන් ප්‍රතික්ෂේපවී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් මැතිවරණ කොමිසමට රුපියල් කෝටි දහයක මුදලක් ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.

පලාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද තම සේවා ස්ථානවලදී ලබන 22, 23 සහ 24 යන දිනවල සලකුණු කිරීමට හැකියාව ඇති බවත් යම් හෙයකින් එම දින තුනේදී තමන්ගේ ඡන්ද ඡන්දය සලකුණු කිරීමට නොහැකිවුවහොත් තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඉදිරියේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ලබන 19 වැනිදා සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදීම ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (5)

තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් කුණු කූඩෙට

Gunasinghe Monday, 13 February 2023 11:21 AM

සභා විසුරුවන්නෙ නැතිවද චන්ද තියන්න හදන්නෙ.

:       1       7

චමින්ද Monday, 13 February 2023 01:17 PM

දැන්ද ගොයියෝ ඇහැරුණේ...? මේ වනතුරුම කිසිම සභාවක් විසුරුවා නැහැ. ඒත් හෙංචයියන් දිනවීමේ අපේක්ෂාව නිසා කිසිදාක නොමැති ලෙසට මෙවර සභා විසුරුවන්නේ නැතුව මැතිවරණ තියන්න හදන්නේ කියලා කියන්න පුළුවන්... තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වෙන්නේ අයදුම්කරුවන් ඉල්ලුම් කරන්නේ තමන්ගේ සත්‍ය නමට... ඒත් ඡන්ද හිමි නාමලේඛනයේ තියෙන්නේ සමහර විට ඉස්පිල්ලක්, පාපිල්ලක්, කොමාවක් වෙනස් නමක් ඉතින් අති පණ්ඩිත තේරුම් කරුවන් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. මැතිවරණ දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය පෙන්වන හොඳම උදාහරණයක් තමයි ඡන්ද හිමි ලේඛනයේ බාලම කෙනා, නැත්නම් විවාහයක් නිසා නිවසට පැමිණි කෙනාගේ නම මුලින්ම සඳහන් කිරීම නුවණින් අඩුම (පොහොට්ටු සාමාජිකත්වය ඇති කෙනෙක් මනාලියක් ලෙස ආවොත් මමයි ගෘහ මූලික කියලා රණ්ඩුවක් ඇතිවෙන්න පුළුවන්) එහෙම දෙපාර්තමේන්තුවක ඔහොම ප්‍රතික්ෂේප නොවුණොත් තමයි පුදුමේ...

:       0       1

sharm warn Monday, 13 February 2023 12:30 PM

අපේ චන්දත් අවලංගු ඒවා කියලා ප්‍රතික්ෂේපිත ගොඩට දාන්න ඉඩ තියනවා .මුන්ගේ ලේසිම වැඩේ ඒකනේ .ගිය පාර මහ මැතිවරණයේදී කලෙත් ඒකමයි

:       10       3

Srimath fernando Monday, 13 February 2023 01:00 PM

රජයේ සේවකයන් ගෙන් මේවගේ වැරදි සිදුවෙලා 36000 ක් ඡන්ද ප්‍රතිකා කුණු කුඩයට නම්... අනිත් ජනතාව ගැන කවරක් පවසම්ද

:       4       11

Perera Tuesday, 14 February 2023 02:12 AM

රනිල් රාජපක්ෂ රජය චන්දය දිනාගන්න යොදන ක්‍රමවේද තමා ඔය .මුන්ට ලංකාවේ ව්‍යවස්ථාව චන්ද නීති රීති රෙගුලාසි බලපාන්නේ නැත .මේ රාජපක්ෂ නීතිය අනුව වැඩ කරන හොර තක්කඩි ආණ්ඩුවක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site