(සුජිත් හේවාජුලිගේ සහ මහින්ද නිශ්ශික)
පළාත් පාලන මැතිවරණය සඳහා ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත්‍ර සංඛ්‍යාවෙන් 36,000 ක් විවිධ දෝෂ හේතුවෙන් ප්‍රතික්ෂේපවී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් මැතිවරණ කොමිසමට රුපියල් කෝටි දහයක මුදලක් ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.
පලාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද තම සේවා ස්ථානවලදී ලබන 22, 23 සහ 24 යන දිනවල සලකුණු කිරීමට හැකියාව ඇති බවත් යම් හෙයකින් එම දින තුනේදී තමන්ගේ ඡන්ද ඡන්දය සලකුණු කිරීමට නොහැකිවුවහොත් තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඉදිරියේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ලබන 19 වැනිදා සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදීම ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභා විසුරුවන්නෙ නැතිවද චන්ද තියන්න හදන්නෙ.
අපේ චන්දත් අවලංගු ඒවා කියලා ප්‍රතික්ෂේපිත ගොඩට දාන්න ඉඩ තියනවා .මුන්ගේ ලේසිම වැඩේ ඒකනේ .ගිය පාර මහ මැතිවරණයේදී කලෙත් ඒකමයි
රජයේ සේවකයන් ගෙන් මේවගේ වැරදි සිදුවෙලා 36000 ක් ඡන්ද ප්‍රතිකා කුණු කුඩයට නම්... අනිත් ජනතාව ගැන කවරක් පවසම්ද
රනිල් රාජපක්ෂ රජය චන්දය දිනාගන්න යොදන ක්‍රමවේද තමා ඔය .මුන්ට ලංකාවේ ව්‍යවස්ථාව චන්ද නීති රීති රෙගුලාසි බලපාන්නේ නැත .මේ රාජපක්ෂ නීතිය අනුව වැඩ කරන හොර තක්කඩි ආණ්ඩුවක්