(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවතීරණය කළ බව  පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අනුව පෙබරවාරි 21 වැනි අගහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. පෙ.ව 9.30 සිට 5.00 දක්වා  ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ අංක 2245/29, 2248/36, 2248/37 සහ 2258/14 යන ගැසට් පත්‍රවල පළකළ නියෝග හතරක් සහ සමාගම් පනත යටතේ  අංක 2303/07 දරන ගැසට් පත්‍රයේ පළකළ නියෝගය විවාද කිරීමේන අනතුරුව අනුමතිය ලබා ගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වීමට නියමිතව ඇත.