(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි බිල වැඩි කිරීමට අවසර නොලැබුණහොත් දීර්ඝ විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීහු ජාතික සභාවට අද (13) දැනුම් දුන්හ.
විදුලිය බිල වැඩි නොකළහොත් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ගල් අඟුරු මිලදී ගැනීමට පවා නොහැකි වනු ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ.
විදුලිය බල මණ්ඩලයේ ප්‍රධානීන් මෙසේ පෙන්වා දුන්නේ විදුලිය බිල ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් ජාතික සභාවට අද කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිලධාරීහුද ජාතික සභාවට අද කැඳවනු ලැබ සිටියහ.
විදුලි බිල සම්බන්ධයෙන්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව හෙට (15) අවසන් තීරණය ගැනීමට පෙර, එම කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන ලෙස, ජාතික සභාව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඒ අනුව අද පස්වරුවේම දෙපාර්ශවය ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව දැනගන්නට ඇත.
ජාතික සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද ( 13) පස්වරුවේ රැස්විය.
මෙහිදී අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් ජාතික සභාවට පැවසුවේ විදුලි බල ගාස්තු වැඩිවීම පිළිබද අවසන් තීරණය ලබන 15 වැනිදා දැනුම් දීම සදහා මේවනවිට කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි.
විදුලිබල මණ්බලයේ දත්ත සහ මහජනතාව ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් දැනටමත් ලබාගෙන ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදේශ ගත වීම සම්බන්ධයෙන්ද ජාතික සභාවේ අවධානය යොමුවිය.
මීට මාස ගණනාවකට පෙර සැලසුම්කර තිබූ පරිදි නිසි අවසරයකින් පසු ඔවුන් විදේශ ගතවී ඇති බවත් සියලු කටයුතු සදහා උපරිම මැදිහත්වීම සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදේශයේ සිට ලබාදෙන බවත් කොමිසමේ ලේකම්වරිය මෙහිදී පැවසුවාය.
මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන්වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, ටිරාන් අලස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්, ඩී.වී. චානක, සිසිර ජයකොඩි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන,ඒ.එම් අතාවුල්ලා, නාමල් රාජපක්ෂ සහ සාගර කාරියවසම් යන මහත්වරුද පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතාද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ රාජකාරිය මහජනයාට විදුලිය ලබාදීමයි. එය ඔබට කිරීමට නොහැකි නම් කරුණාකර ඉවත්වන්න. වැදගත් විදිහට. ජනතාවට විදුලිය ලබාදීමට හැකි කෙනෙක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වනු ඇත....
මේක හරියන්නෙ නැහැ. ආයෙමත් දවසක කියයි බිල වැඩි කළා මදි. කරුවලේ ඉන්න වෙයි... නැවත වැඩි කරන්න ඕනෑ කියලා. කරුවලේ ඉන්නවා. බිල වැඩි කරන්න ඕනෑ නැහැ...
පට්ට හොරු මන්ත්‍රී කණ්ඩායමක්නේ... සාකච්ඡාවට ඇවිල්ලා තියෙන්නේ. මේ අයට මොනවාහරි කරලා බිල වැඩිකරගන්නයි ඕනෑ.
අඳුරේ, බඩගින්නේ, පෝලිම්වල ඉන්න ශ්‍රී ලාංකිකයින්ට උරුම කළේ පාලකයින්...
කරුවලේ ඉන්න තරමට අරගලේ පනගැන්වෙනවා අවුලක් නෑ
උඹේ අම්මට කියාපිය.
මෙ වැඩෙ කොහොමත් හරියන්නෙ නැහැ. කරුනාකරල යුනිට්ස් ගානක් විතරක් හැ මෝටම දෙන්න. මෙ වැඩෙන් වෙන්නෙ ගෙවන්න පුලුවන් එකා...කෝය උනත් ගෙවනව..නැති එකාට බැහැ..එඑට වඩ හොන්දයි...යිනිට්ස් ගානක් විතරක් දෙන්න..මොකක් හරි ක්‍රමයකට. නැත්නම් පලවෙනි යුනිට්ස් ගාන අඩු කරල...යුනිට් 100 වගෙ පැන්නම කෝ දෙකක විතර බිලක් එවන්න..
ජනතාව දාන සද්ද පාර්ලිමේන්තුවේ විදුලි හොරුන්ට දාන්න බැරිද කංචන ?එතකොට ඔයා බබාද ?තාත්තට වෙච්ච දේ මතක තියා ගන්න .කල කම් පල දෙනකොට කොහේ හිටියත් පල දෙනවා
ඕක කරන්න බැරි බව තේරෙනවා නේද. පෞද්ගලික අංශයට ඉඩ දෙන්න. ආණ්ඩුවේ සේවය පඩියට අත්සන අතිකාල වලට වැඩ.අනික සියලු යාන්ත්‍රික සහ විද්‍යුත් නඩත්තුව සැපයුම්කාරක සමාගම්. නමට විතරක් ඉන්න පින්පඩිකාර ඉන්ජිනේරු සහ සේවක මණ්ඩලය. අපේ බදු සහ බිල්පත මත පිනුම් ගහනවා