IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක්

අධ්‍යාපනවේදී උපාධිධාරී පත්වීම් ප්‍රමාද කරමින් සමස්ත අධ්‍යාපන පද්ධතිය අඩපන  කරන ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව අධ්‍යාපනවේදී උපාධිධාරීන් එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (13) පැවැත්විය

එයට විශාල පිරිසක් සභාගි වූ අතර ඔවුන් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු

(ඡායාරූප ශාන්ත රත්නායක)



අදහස් (7)

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක්

චන්දන Monday, 13 February 2023 03:47 PM

අධ්‍යාපනවේදී කියන්නේ ගුරු වෘත්තීය ටම හදපු උපාධිය ක්. එයාල ඔක්කෝන්ටම කලින් ගත යුතුය . එයාලට තවත් කිසිම පුහුණුවක් අවශ්‍ය නැහැ .

:       7       8

ජගත් ලියනගේ Monday, 13 February 2023 04:25 PM

සටනට ජයවේවා...!

:       4       6

රාං කුරුල්ලා Tuesday, 14 February 2023 10:16 AM

ඕකුන් මොනවද මේ රටට කොරල තියෙන්නේ .තමන් ගෙ දෙයක් කරගෙන රස්සාවක් හදපන්කො කාලකන්ණි .ඉපදිව්ව දවසෙ පෝලියෝ බිංදුවෙ ඉදන් මැරුනාම පොට්ටියත් ආන්ඩුවෙ න් දෙනකම් ඉන්න කාලකන්ණි .

:       8       1

චතූTuesday, 14 February 2023 11:45 PM

අධ්‍යාපනවේදී උපාධිය ගැන හොයලා බලලා කතාකරොත් හොද නැද්ද

:       0       1

රාං කිරිල්ලිTuesday, 14 February 2023 11:53 PM

ගෙදර වරෙන්කො හරහට අරගෙන අධ්‍යාපනවේදී උපාධිය ගැන කියලා දෙන්න. ඉස්සර අම්මා උඹට හැමදාම කිව්වලු හොදට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරපන් කියලා. කොහෙද ඉතිං උබට ඊට වඩා වෙන එවුන්ගෙ කුණු හොයන එක ලොකු වෙලානෙ. ඒ නිසා උබට ඉගෙනගෙන ගුරුවරයෙක් වෙන්න බැරිවුනා කියලා අනිත් එවුන්ට ඉරිසියා නොකර හිටපන් රාංං...

:       0       0

දිසානායක. Tuesday, 14 February 2023 11:42 PM

අධ්‍යාපනවේදී උපාධිය ගැන සමාජයේ බොහෝ පිරිසකට කිසිම අවබෝධයක් නැහැ. මෙය ප්‍රධාන විශ්වවිද්‍යාලය කිහිපයකින් පමණක් ලබාදෙන උපාධියක්. එම උපාධිය සදහා තේරීපත්වීමට ඉහළ ප්‍රතිඵල අවශ්‍යයි. ඒ වගේව මේ උපාධියට තේරීපත්වීම ගොඩක් තරගකාරියි. මොවුන් පාසල් ගුරුවරුන් වීමටම ඉගෙන ගන්නා අය. ගුරුවරයෙක්ට අවශ්‍ය සියලු දේ මොවුන් ඉගෙන ගන්නවා. පසුව ගුරු පුහුණුවක්, අධ්‍යාපනික පර්යේෂණයක් ද සිදුකොට උපාධිය අවසන් කරනවා. මොවුන්ට ගුරු විභාග නැත. විශ්වවිද්‍යාලයෙන් උපාධිය සම්පුර්ණ කළ පසු උපාධිය ලැබීමටද ප්‍රථම මොවුන්ට ගුරු පත්වීම ලබා දෙනවා. 2 ii ගුරු ශ්‍රේණියට අඩුම වයසකින් සහ සෘජුව යන්න පුළුවන් එකම උපාධිධාරීන් කණ්ඩායම තමා මේ අධ්‍යාපනවේදීන් කියන්නේ. මොවුන් අධ්‍යාපනික සුදුසුකමත් වුර්තීය සුදුසුකමත් යන දෙකම එකවර සම්පූර්ණ කරනවා. විදයාපීඨ අය සහ ගුරු විභාගය ලියා පත්වීම් ගන්නා සියලු ගුරුවරුන් නැවත මෙම අධ්‍යාපනවේදී උපාධිය හෝ පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාවක් කල යුතුය. නමුත් අධ්‍යාපනවේදීන්ට මේ කිසිවක් නොමැත. ගුරු සේවයේ අගය නොදත් පාලකයින් තවදුරටත් මොවුන්ගෙන් සේවයක් නොගන්නේනම් එය අධ්‍යාපන පද්ධතියට කරන බරපතල වරදකි.

:       0       1

Arm.hisan Wednesday, 15 February 2023 07:14 AM

ඔව්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site