(ඩයනා උදයංගනී)
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට 21 ක් වතාවක් උත්සාහ කළ ආණ්ඩුව, දැන් මැතිවරණයට මුදල් නොදී සිටීමට ද උත්සාහ කරමින් සිටින බව, 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මැතිවරණ කොමිසමට දෙන වියදම් නතර කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව කී මන්ත්‍රීවරයා, අමාත්‍යංශ ලේකම්වරු තමන්ට ව්‍යවස්ථාවෙන් පැනවී ඇති නියෝග පිළිපැදීමට අනිවාර්යෙන් බැඳී සිටින බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මතක තබා ගත යුතු බව ද ප්‍රකාශ කළේය.
නීතිගරුක නිලධාරියෙක් ලෙස ඔහු එම කාර්යය ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම කීවේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ පානදුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
මෑත කාලයේ ආණ්ඩුව පැවැත්වූ උත්සව හා ආණ්ඩුවේ ආදායම් අනුව මෙයට වැයවන්නේ දිනක ආදායම බව කී මන්ත්‍රීවරයා මෑතකදී පැනවූ බද්දෙන් මෙවැනි මැතිවරණ 10 ක් පැවැත්විය හැකි බව ද කීවේය.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දෙ කල්දාන ආණ්ඩුවේ අලුත් උප්පරවැට්ටිය
Bamunuarachchi Tuesday, 14 February 2023 07:38 AM
චන්දය කල්දානවාද කියන එක අපිට අදාළ නැහැ. බෙහෙත්, ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය බඩු ගෙන්වීමට ඇති මුදල් චන්දෙට වියදම් කරන්න එපා. පුරසාරම් දොඩනවා හැරෙන්න කාටවත් මේ චන්දය ජයගෙන රටට කරන්න පුලුවන් මගුලක් නැහැ. උන්ගේ කයිවාරු අහන්න අපි ණය වෙන්න ඕනේ නැහැ.