(ඩයනා උදයංගනී)
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට 21 ක් වතාවක් උත්සාහ කළ ආණ්ඩුව, දැන් මැතිවරණයට මුදල් නොදී සිටීමට ද උත්සාහ කරමින් සිටින බව, 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මැතිවරණ කොමිසමට දෙන වියදම් නතර කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව කී මන්ත්‍රීවරයා, අමාත්‍යංශ ලේකම්වරු තමන්ට ව්‍යවස්ථාවෙන් පැනවී ඇති නියෝග පිළිපැදීමට අනිවාර්යෙන් බැඳී සිටින බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මතක තබා ගත යුතු බව ද ප්‍රකාශ කළේය.
නීතිගරුක නිලධාරියෙක් ලෙස ඔහු එම කාර්යය ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම කීවේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ පානදුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
මෑත කාලයේ ආණ්ඩුව පැවැත්වූ උත්සව හා ආණ්ඩුවේ ආදායම් අනුව මෙයට වැයවන්නේ දිනක ආදායම බව කී මන්ත්‍රීවරයා මෑතකදී පැනවූ බද්දෙන් මෙවැනි මැතිවරණ 10 ක් පැවැත්විය හැකි බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දය කල්දානවාද කියන එක අපිට අදාළ නැහැ. බෙහෙත්, ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය බඩු ගෙන්වීමට ඇති මුදල් චන්දෙට වියදම් කරන්න එපා. පුරසාරම් දොඩනවා හැරෙන්න කාටවත් මේ චන්දය ජයගෙන රටට කරන්න පුලුවන් මගුලක් නැහැ. උන්ගේ කයිවාරු අහන්න අපි ණය වෙන්න ඕනේ නැහැ.