(සුජිත් හේවාජුලිගේ )
මන්දපෝෂණයෙන් පෙළෙන වයස පහට අඩු දරුවන් 10,000කගේ පෝෂණ අවශ්යැතා සපුරාලීම සඳහා විවිධ ආයතන සහ පුද්ගලයන් කැපකරු මවුපියන් ලෙස ඉදිරිපත්ව සිටින බව සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් තවත් 11,000කට කැපකරු මවුපියන් සොයා දීම සඳහා තමා පෞද්ගලිකවම මැදිහත්වී කටයුතු කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ කැපකරු මවුපියන් ලෙස කටයුතු කිරීමට දිවයිනේ නමගිය සමාගම් ගණනාවක් ඉදිරිපත් ව ඇතැයි පැවසූ අමාත්යයවරයා ජෝන් කීල්ස් ආයතනය දරුවන් 3000කට
දායකත්වය දක්වන බවද සඳහන් කළේය.
මෙයට අමතරව ශ්රැං ගිලා ආයතනය දරුවන් 1000 කට අනුග්ර හය දක්වන බවත් මේ සඳහා ඉදිරිපත් වූ සියළුම සමාගම් සහ පුද්ගලයන්ට තමා ස්තූතිවන්ත වන බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීවේය.
මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින පවුල්වලට මාසයකට රුපියල් දාහතර දාහක මුදලක් මෙම වැඩපිළිවෙල යටතේ පිරිනැමෙන බව පැවසූ අමාත්යසවරයා විදේශයන්හි සිටින ධනපතියන්ටද මේ වැඩපිළිවෙළ සඳහා දායකත්වය දැක්විය හැකි බව ප්රාකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල්වල බෙහෙත් නෑ. සායනවලින් බෙහෙත්ටික ගන්න අසරණ වැඩිහිටියන් ගේ ජීවිත අනතුරේ. ටික දවසකින් සියළුම සැත්කම් නවතීවි. මේ ඇමතිහොරු කොමිස් කුට්ටිය බලාගෙන ඉන්නවා. බෙහෙත්ටික වෙලාවට ගෙන්නන්නේ නෑ.
පුද්ගලිකව මැදිහත් වෙන්න මෙයා සමාජ සේවා අමතිද ?ඉස්පිරිතාලයට බෙහෙත් ටික අරන් දීපන්.බල්ලාගේ වැඩේ කරලා බූරුවෙක් බව ඔප්පු කරන්නේ නැතුව (වැඩේ හොඳයි ..මේකත් චන්දෙ ඉවර වෙනකල් විතරද දන්නේ නෑ )
නෙදකින් කාලකන්නි ,රට විනාශ කරලා දැන් හිඟා කන එක නම්බුවක් කරගෙන
කැප කරු මවුපියන් වශයෙන් ඉදිරිපත්වීම ඉතා අගය කරන අතර, මෙවැනි ළමුන් මන්දපෝෂණයෙන් පෙලීම සබැදිව සෞඛ්‍ය අමාත්‍ය වරයා ලැජ්ජා විය යුතුය.
තරු පහේ ජීවිත ගත කරන ඔබලාගේ ,කැපකරුවන් රජයට බදුගෙවන ජනතාවයි
මන්දපෝෂණයක් නැහැ කියලානේ කිවුවේ .රැවුල දික්කරගෙන හිටියට මුන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ වගේ
සෞඛ්‍ය ඇමැතිකමට අඩුම ගානේ සාමාන්‍ය පෙළ සෞඛ්‍ය විෂයට සම්මානයක් වත් තියෙන කෙනෙක් හොයාගන්න බැරිද? මොකද මන්ද පෝෂණය කියන දේ නිර්ණායකවත් දැනගන්න එපෑයෑ. නොතේරෙන කමට මන්ද පෝෂණයක් නැහැ කියලා. ඒ ගැන කියන දොස්තර මහත්වරුන්ගේ වැඩ තහනම් කරන රටක්...
මොකට සෞඛ්‍ය ඇමැති කෙරුවද මන්දා? බල්ලාගේ වැඩේ බූරුවා කරන්න හදනවා.
මේ කාලකණ්ණි රට දාලා දැන් එනවා මෙතන විසඳුම් දෙන්න. තොලොංචිවෙලාම යන්න.
එක ඇමැතියෙක්ගේවත්, නායකයෙක්ගේවත් හොඳක් කියලා කියන්න දෙයක් නැති හැටි. මේ අය ජනතාවට බොරු පොරොන්දු දීලා ඇවිත් සැප විඳිනවා...
මෙයා මහ උජාරුවට කිව්වෙ රටෙ ඔන තරම් බෙහෙත් තියෙනව, මන්දපෝෂනය ඉතා සුලුවෙන් තියෙන්නෙ කියල, දැන් මොනවද මෙ කියවන්නෙ??? ඉදගෙනද හිටගෙනද ඉන්නෙ කියල දන්නෙ නැති මෙහෙම අපත ඇමතිලගෙන් රටට ඇති පලේ මොකක්?????