IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාසල් සිසුවාගේ දිවිය තොර කළ ජංගම දුරකතනය

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා නවීන පන්නයේ ජංගම දුරකථනයට හානි කළ බව කියන17 හැවිරිදි පාසල් සිසුවකු  තෝප්පුවපාලම මතින්  ගඟට පැන ඇතැයි  කොච්චිකඩේ පොලිසිය පවසයි.

මෙසේ ගඟට පැන්න 17 හැවිරිදි සිසුවා සොයා නාවික හමුදාවේ සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ කිමිදුම්කරුවන් යොදවා මෙහෙයුමක් දියත් කර ඇතැයි කොච්චිකඩේ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ වන තෙක් එම සිසුවා හොයා ගැනීමටනොහැකි විණි යැයිද පොලිසිය කියයි.

ගඟට පැන ඇති මෙම සිසුවා මීගමුව ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිට මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයෙකි.

මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක පැවති විභාග මධ්‍යස්ථානයේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දිනක මෙම සිසුවා ඔහුගේ මිතුරකු සමඟ ආරවුලක් ඇතිකර ගෙන ඇතැයි කියති.

මෙම ආරවුලෙන් පසු එම සිසුවා මිතුරු සිසුවාගේ ලක්ෂ තුනක් පමණ වටිනා ජංගම දුරකථනයට අලාභහානි කර ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

මෙම ජංගම දුරකථනයට අලාභ කිරීම සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිසියට පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

අලාභය සිදුකළ බව කියන සිසුවා සහ ඔහුගේ මවුපියන් ද ජංගම දුරකථනයේ අයිතිකාර සිසුවා සහ ඔහුගේ මවුපියන් ද පොලිස් ස්ථානයට කැඳවා මෙම පැමිණිල්ල විභාග කර ඇත.

මෙම පැමිණිලි විභාග යෙදී අලාභහානි කළ ජංගම දුරකථනයට මසකට රුපියල් 10000 බැගින් පැමිණිලි පාර්ශවයට ගෙවීමට චෝදනාවට ලක්ව සිටි සිසුවා සහ ඔහුගේ මවුපියන් පොරොන්දු වී පැමිණිල්ල සමථයකට පත්කරතිබිණි යැයි එම පොලිස් නිලධාරියා ලංකාදීපයට පැවැසීය 



අදහස් (2)

පාසල් සිසුවාගේ දිවිය තොර කළ ජංගම දුරකතනය

Bamunuarachchi Tuesday, 14 February 2023 07:48 AM

දුරකතනයේ වටිනාකම කවුරුත් කිව්ව පලියට මාසෙකට රු 10000 ගානේ ගෙවන්න කැමතිවෙන්නේ මොන මැට්ටද?

:       2       6

Senaka Tuesday, 14 February 2023 08:44 AM

මීගමු පුරේ ඕවා ඔහොම තමා. තමන්ගේ සහෝදර ජනතාවට බෝම්බ ගැහුවත් තමන්ගේ දේශපාලන වහල් භාවය අත් නොහල මිනිස්සු, බෝම්බ ගහපු උන් හොඳ වෙලා ආරක්ශාව සලසපු උන්ව මහමොලකරුවෝ කියලා හන්වඩු ගහලා බෝම්බ ගහද්දී හිටපු අගමැති ජනපති කල මිනිස්සු ඔය පලාතේ ඉන්නේ. රටට වැඩිපුරම හෙරොයින් ගංජා එන්නේ ඔය මුහුදු තීරයෙන්, රටට අනවසර සංක්‍රමනිකයො වැඩිපුරම එන්නෙ ඔය තීරයෙන්.

:       3       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site