(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා නවීන පන්නයේ ජංගම දුරකථනයට හානි කළ බව කියන17 හැවිරිදි පාසල් සිසුවකු තෝප්පුවපාලම මතින් ගඟට පැන ඇතැයි කොච්චිකඩේ පොලිසිය පවසයි.
මෙසේ ගඟට පැන්න 17 හැවිරිදි සිසුවා සොයා නාවික හමුදාවේ සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ කිමිදුම්කරුවන් යොදවා මෙහෙයුමක් දියත් කර ඇතැයි කොච්චිකඩේ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ වන තෙක් එම සිසුවා හොයා ගැනීමටනොහැකි විණි යැයිද පොලිසිය කියයි.
ගඟට පැන ඇති මෙම සිසුවා මීගමුව ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිට මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයෙකි.
මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක පැවති විභාග මධ්‍යස්ථානයේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දිනක මෙම සිසුවා ඔහුගේ මිතුරකු සමඟ ආරවුලක් ඇතිකර ගෙන ඇතැයි කියති.
මෙම ආරවුලෙන් පසු එම සිසුවා මිතුරු සිසුවාගේ ලක්ෂ තුනක් පමණ වටිනා ජංගම දුරකථනයට අලාභහානි කර ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
මෙම ජංගම දුරකථනයට අලාභ කිරීම සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිසියට පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
අලාභය සිදුකළ බව කියන සිසුවා සහ ඔහුගේ මවුපියන් ද ජංගම දුරකථනයේ අයිතිකාර සිසුවා සහ ඔහුගේ මවුපියන් ද පොලිස් ස්ථානයට කැඳවා මෙම පැමිණිල්ල විභාග කර ඇත.
මෙම පැමිණිලි විභාග යෙදී අලාභහානි කළ ජංගම දුරකථනයට මසකට රුපියල් 10000 බැගින් පැමිණිලි පාර්ශවයට ගෙවීමට චෝදනාවට ලක්ව සිටි සිසුවා සහ ඔහුගේ මවුපියන් පොරොන්දු වී පැමිණිල්ල සමථයකට පත්කරතිබිණි යැයි එම පොලිස් නිලධාරියා ලංකාදීපයට පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුරකතනයේ වටිනාකම කවුරුත් කිව්ව පලියට මාසෙකට රු 10000 ගානේ ගෙවන්න කැමතිවෙන්නේ මොන මැට්ටද?
මීගමු පුරේ ඕවා ඔහොම තමා. තමන්ගේ සහෝදර ජනතාවට බෝම්බ ගැහුවත් තමන්ගේ දේශපාලන වහල් භාවය අත් නොහල මිනිස්සු, බෝම්බ ගහපු උන් හොඳ වෙලා ආරක්ශාව සලසපු උන්ව මහමොලකරුවෝ කියලා හන්වඩු ගහලා බෝම්බ ගහද්දී හිටපු අගමැති ජනපති කල මිනිස්සු ඔය පලාතේ ඉන්නේ. රටට වැඩිපුරම හෙරොයින් ගංජා එන්නේ ඔය මුහුදු තීරයෙන්, රටට අනවසර සංක්‍රමනිකයො වැඩිපුරම එන්නෙ ඔය තීරයෙන්.