(සුජිත් හේවාජුලිගේ )
ඡන්දයට පෙර ලබන මස 8,9 වනවිට විදුලිය කප්පාදුව,ඉන්ධන පෝලිම් වැඩි කර රටේ ආර්ථික අර්බුදයක් ඇති කිරීමට සමහර කණ්ඩායම් කුමන්ත්‍රණ කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
සමහර කොමිෂන් සභාවල සිටින ඇතැමුන්ද ඒ දේශපාලන ව්‍යාපාරය කළ බව ඔහු සඳහන් කළේය.
ගිය අවුරුද්දේ උසස් උසස් පෙළ කාලයේ පැය හත හමාරක් විදුලිය කැපූ බව සමහරුන්ට අමතක යැයි පැවසූ අමාත්‍යවරයා පෝලිම්වල ජනතාව දවස් දෙක තුන සිටි බවද ප්‍රකාශ කළේය.
ඒ ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමට හැකිවූ බවද ඔහු සඳහන් කළේය.
විදුලි බල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වියදම්ද කළමනාකරණය කරගත යුතු බවත් ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හඳුන්වාදී ඇත්තේ ඒ සඳහා බවත් කංචන විජේසේකර මහතා පැවසීය.
සමහර ඒ කටයුත්තටත් විරුද්ධ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මාරි මෝඩ මීහරකට ජනතාව ප්‍රශ්න තේරෙන්නේ නෑ .යකෝ ඉන්ධන නැතිව විදුලිය දෙන්න බැරි නම් මොන මගුලකටද ඇමති ඉන්නේ ?ඉන්ධන,ජලය තියෙද්දී විතරක් විදුලිය දෙන්න මොකටද ඇමතිවරු
ගිය අවුරුද්දෙත් AL කාලේ විදුලිය කැපුවේ තමුන්නාන්සේලාගේ ආණ්ඩුවෙන් කියලා තමුන්ට අමතක උනාට අපිට මතකයි
එතකොට මේ ලයිට් කපන්නෙ අපි ද . තමන්ගේ අමාත්‍යාංශය තුළ ඇති දූෂණ නවත්වන්න බැරි වෙලා . මහජනතාව පලි නැහැ .
සමහරක් නොඑයි ජෙප්පෝ...!
ඇමැති තනතුරක් කියන්නේ ජනතා සේවය කිරීමට ජනතාව ලබාදුන් තාවකාලික තනතුරක්, ජනතාවට වරක් හිතීමට අවස්ථාවක් එනවා. ආයතන විකිණීමට දීපු බලයක් නොවේ. ජනතා මතයට ගරුකර උද්දච්චකම අඩුකරගෙන, කළමනාකරණය කරගතහොත් බැනුම් නොඅහා ගමන ගිය හැකියි...
අයියෝ, අපි හිතුවා මේ මනුස්සයට වත් පොඩ්ඩක් මොලේ ඇති කියලා. බලද්දි මෙයා අනිත් අයට හරියන කෙනෙක්... ඇයි දෙයියනේ මේ මනුස්සයා ඇමැතිකමේ ඉන්න අතරේ වෙන අයට පුළුවන්ද ඉන්ධන විදුලි හිඟ ඇතිකරන්න?
ඡන්දය කඩා කප්පල් කරන්න කුමන්ත්‍රණය කරන අයම තමයි ඒ දවස් කිට්ටු වෙනකොට රටේ තෙල් හා විදුලි අර්බුදයක් නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ... ඒ අයගේ නම්ගම් අපි නම් දන්නවා. ඇමැතිතුමාත් දැනගන්න කැමැති නම් අපි කියන්නම්...
ඔය වගේ කතා මහඑකාත් කිව්වා...!
අනේ මෙයාගේ හෙළිදරව්ව... බම්බුව තමයි... රට තවත් වනසන්නේ නැතිව තොළොංචි වෙලා යන්න කාලකණ්ණි....
ඔය නොකිය කියන්නේ අපි ලයිට් කපනවා. කැපුවොත් අපි නෙවෙයි වගේ එකක් නේද?