(රංජිත් රාජපක්ෂ)

කොටගල අදහනාගාරයේ  දේහයක් අදහනය කරමින් සිටියදි  ගැස් සිලින්ඩරය එකවරම හිස් විම නිසා දේහය රැගෙන පැමිණි ඥාතින් අදහනාගාරය තුල නොසන්සුන්කාරි ලෙස හැසිරි ඇත.

කොටගල ප්‍රදේශයේ මියගිය පුද්ගලයකුගේ දේහයක් කොටගල  කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි අදහනාගාරයට අද පස්වරු 1 ට පමණ රැගෙන විත් ඇත.

ඒ සදහා කොටගල ප්‍රාදේශිය සභාවට රු 24,850/= ක මුදලක් ඥාතින්  ගෙවා ඇති අතර , දේහය අදහනය කරමින් තිබෙන අතරතුර එකවරම ගැස් සිල්න්ඩරය හිස් විම නිසා අදහනාගාරය භාරව සිටි කම්කරුවා  ඥාතින් හමුවේ පවසා ඇත්තේ දේහය සම්පුර්ණයෙන්ම අදහනය කිරිමට ගැස් ප්‍රමාණවත් නොවන බවත්, නව ගැස් සිලින්ඩරයක් රැගෙන එන තෙක් අදහනගාරයේ රැදි සිටින ලෙසයි.

පැය දෙකකට ආසන්න කාලයකට පසු ප්‍රාදේශිය සභාවේ ලොරි රථයකින් ගැස් සිලින්ඩර් දෙකක් රැගෙනවිත් සිරුර අදහනය කිරිමට අදාහනාගාරය භාර කම්කරුවෝ පියවර ගත්හ.