IMG-LOGO

ගෑස් ඉවරවෙලා දේහය බාගෙට පුච්චලා

(රංජිත් රාජපක්ෂ)

කොටගල අදහනාගාරයේ  දේහයක් අදහනය කරමින් සිටියදි  ගැස් සිලින්ඩරය එකවරම හිස් විම නිසා දේහය රැගෙන පැමිණි ඥාතින් අදහනාගාරය තුල නොසන්සුන්කාරි ලෙස හැසිරි ඇත.

කොටගල ප්‍රදේශයේ මියගිය පුද්ගලයකුගේ දේහයක් කොටගල  කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි අදහනාගාරයට අද පස්වරු 1 ට පමණ රැගෙන විත් ඇත.

ඒ සදහා කොටගල ප්‍රාදේශිය සභාවට රු 24,850/= ක මුදලක් ඥාතින්  ගෙවා ඇති අතර , දේහය අදහනය කරමින් තිබෙන අතරතුර එකවරම ගැස් සිල්න්ඩරය හිස් විම නිසා අදහනාගාරය භාරව සිටි කම්කරුවා  ඥාතින් හමුවේ පවසා ඇත්තේ දේහය සම්පුර්ණයෙන්ම අදහනය කිරිමට ගැස් ප්‍රමාණවත් නොවන බවත්, නව ගැස් සිලින්ඩරයක් රැගෙන එන තෙක් අදහනගාරයේ රැදි සිටින ලෙසයි.

පැය දෙකකට ආසන්න කාලයකට පසු ප්‍රාදේශිය සභාවේ ලොරි රථයකින් ගැස් සිලින්ඩර් දෙකක් රැගෙනවිත් සිරුර අදහනය කිරිමට අදාහනාගාරය භාර කම්කරුවෝ පියවර ගත්හ.



අදහස් (5)

ගෑස් ඉවරවෙලා දේහය බාගෙට පුච්චලා

andare Monday, 13 February 2023 06:02 PM

අනිත් බාගෙට පණ ඇවිත් ‘‘පුච්චනවා නම් මාව හරියට පුච්චපියෝ‘‘ කියලා කෑ ගැහුවලු...

:       9       16

Suee Monday, 13 February 2023 07:24 PM

ඒ මනුස්සයා දැනගන්න එපැයි ගෑස් ඉවරයි කියලා...

:       1       12

පිටිගල මිලානෝ Monday, 13 February 2023 07:59 PM

ගංගා නම් නදිය අසබඩ මා දුටු දසුනක් සිහිපත් වෙනවා. දුසිම් ගණන් මිනී පිච්චෙනවා. විවිධ වර්ගයේ සාදුලා විවිධ මළ පූජා සඳහා විවිධ මිල ගණන් අය කරනවා. දර මුදලාලිලා ගජරාමේට දුකට පත්වූවන් සමග කේවල් කරනවා. දුප්පත් අය දර ටිකකින් මිනිය බාගෙට පුච්චා ගගට විසිකරන අතර යමක් කමක් ඇති අය මිනිය දර වැඩියෙන් දමා හොඳින් පුච්චා ගඟට දමයි. බොහෝ අය අවට ඉඳන් වැලපෙන අතර තවකෙක් පව් සෝදාගැනීමට එම ගඟටම පනියි...

:       3       16

චාන්දනීTuesday, 14 February 2023 12:06 PM

මිලානෝ අයියා මේ දවස් වල නුවරද ඉන්නේ?

:       1       3

jayasekara Tuesday, 14 February 2023 09:15 AM

මාත් වන්නාදවෙ ගියවෙලවෙ ඇස් දෙකින්ම දැක්ක... මිනි බගෙට පිච්ඉචිල ගංගානම් ගගට දාපුව ගග අයිනෙ ගොඩ ගැහිල තියෙනව...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 513 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 694 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site