(රන්ජන් කස්තුරි)
ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගන්නේ නම් කුරුලු උණ රෝගය නැති රටවලින් පමණක් ඒවා ආනයනය කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරයි.
යම් හෙයකින් බිත්තර ආනයනය හරහා ශ්‍රී ලංකාවේ කුරුලු උණ රෝගය පැතිර ගියහොත් මෙරට ආර්ථිකයට දරැණු ප්‍රති විපාක විඳීමට සිදුවනු ඇතැයි ද ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති ආචාර්ය වෛද්‍ය ඩිලාන් සතරසිංහ මහතා පැවැසීය.
තායිලන්තය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, බ්‍රසීලය සහ ඇමෙරිකාව වැනි දැනට කුරුලු උණ රෝගය වාර්තා නොවන රටවලින් පමණක් බිත්තර ආනයනය කරන්නැයි දැනටමත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ තම සංගමය රජයට උපදෙස් ලබාදී තිබෙන බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට හොයල බලන්න මෙ සත්තුන්ට " ඇන්ටිබයටික් " ගිල්ලවලද කියල .. ඇන්ටිබයටික් ගිල්ලවපු කුකුල් මස් - බිත්තර අපෙ සෞක්යට ඉතා අහිතකර බව සහ ලදරුවන්ට ඉතාමත් අතිතකරබව අමතක නොකරන්න ,
"එහෙම කළාම අපිට ලාබෙට කුණු බිත්තර ගෙන්නන්න බැරිවෙනවා. මට දැන් මුණුපුරන් 3 දෙනෙක් ඉන්නවා. ඉතින් ඔවුන්ගේ එකවුන්ට් වලට රුපියල් කෝටි 1000 ගානෙවත් නොදැම්මොත් ඔවුන් මට හෙන ඉල්ලයි. මට මේ ගේම කොහොම හරි ගහන්න ඕනෑ. ඒ නිසා කොහොම හරි, මොකක් හරි උප්පරවැට්ටියක් දාලා ඉන්දියාවෙන්ම බිත්තර ගෙන්වමු හාමුදුරුවනේ.."