(දයාරත්න ඇඹෝගම)
එප්පාවල කඩිගාව, මැඩියාව වැව් ඉස්මත්ත ප්‍රදේශයේ කුඹුරු යායක මිනිරන් කැනීම සඳහා ලබා ගන්නා ලද බලපත්‍ර උපයෝගී කර ගනිමින් නිධන් කැනීම් සිදු කරමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල, ගම්පහ, තඹුත්තේගම, මාතර හා මිහින්තලය ප්‍රදේශයේ පදිංචිවයස අවුරැදු 32ත් 58ත් අතර වියේ පසුවන පුද්ගලයන් දොළොස් දෙනෙකි.
අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් අතර විදුලි බළ මණ්ඩල සේවකයකු, ආයුරුවේද දෙපාර්තමේන්තු නිළධාරියකු , ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් සිටින බවද එප්පාවල පොලීසිය කියයි.
කැනීම් කිරිම සදහා භාවිතා කළ බැකෝ යන්ත්‍රයක්, ලොරි රථයක්, ජලයේ ගිල්වන වතුර මෝටර් තුනක්, වයර් හා පූජා භාණ්ඩද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබිණි.
එප්පාවල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණු අතර, වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් කැනීම් සිදු කරමින් සිටි බවද පොලීසිය පැවසිය.
සැකකරුවන් විසින් ඉදිරිපත් කළ බලපත්‍රයන් ව්‍යාජ ඒවාද නැතහොත් නීත්‍යාණූකූල ඒවාද යන්න සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පරීක්ෂණ සිදු කරන අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (13) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජියාගේ නමත් ඔය අතරේ තිබෙනවාද?
ඉස්සර ප්‍රසිද්දියේම නිදන් හාරපු කට්ටියව ඇයි දැන් අත් අඩංගුවට ගන්න බැරි?. හැමෝම දන්නා දෙයක්නේ .