IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිධන් හැරූ 12ක් පොලිස් දැලේ

(දයාරත්න ඇඹෝගම)

එප්පාවල කඩිගාව, මැඩියාව වැව් ඉස්මත්ත ප්‍රදේශයේ කුඹුරු යායක මිනිරන් කැනීම සඳහා ලබා ගන්නා ලද බලපත්‍ර උපයෝගී කර ගනිමින් නිධන් කැනීම් සිදු කරමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල, ගම්පහ, තඹුත්තේගම, මාතර හා මිහින්තලය ප්‍රදේශයේ පදිංචිවයස අවුරැදු 32ත් 58ත් අතර වියේ පසුවන පුද්ගලයන් දොළොස් දෙනෙකි.

අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් අතර විදුලි බළ මණ්ඩල සේවකයකු, ආයුරුවේද දෙපාර්තමේන්තු නිළධාරියකු , ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් සිටින  බවද එප්පාවල පොලීසිය කියයි.

කැනීම් කිරිම සදහා භාවිතා කළ බැකෝ යන්ත්‍රයක්, ලොරි රථයක්, ජලයේ ගිල්වන වතුර මෝටර් තුනක්, වයර්  හා පූජා භාණ්ඩද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබිණි.

එප්පාවල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණු අතර, වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් කැනීම් සිදු කරමින් සිටි බවද පොලීසිය පැවසිය.

සැකකරුවන් විසින් ඉදිරිපත් කළ බලපත්‍රයන් ව්‍යාජ ඒවාද නැතහොත් නීත්‍යාණූකූල ඒවාද යන්න සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පරීක්ෂණ සිදු කරන අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (13) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (2)

නිධන් හැරූ 12ක් පොලිස් දැලේ

Bamunuarachchi Monday, 13 February 2023 01:23 PM

සජියාගේ නමත් ඔය අතරේ තිබෙනවාද?

:       2       3

Saththaya Monday, 13 February 2023 01:59 PM

ඉස්සර ප්‍රසිද්දියේම නිදන් හාරපු කට්ටියව ඇයි දැන් අත් අඩංගුවට ගන්න බැරි?. හැමෝම දන්නා දෙයක්නේ .

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site