
(චාපා මධුභාෂිණි)
මින්නේරිය නගරයේ සිට ගිරිතලේ දක්වා ඇඟළුම් කම්හල් සේවික සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක රියැදුරා හදිසි හෘදයා බාධයකට ලක්ව බස් රථය තුළම මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මින්නේරිය ප්‍රදේශයේ පදිංචි එන්.කේ.ජි. ආරියරත්න නමැති 75 හැවිරිදි පුද්ගලයෙකි.
රියදුරා මින්නේරිය බස් ආසන්නයේ නවතා තිබූ බසය පණ ගන්වා බස් රථය ඉදිරියට ධාවනය කිරීමට සූදානම් වෙනවත් සමග බසය රියදුරාගේ පාලනයෙන් ගිලිහි ගොස් අසල කඩයක වැදී අනතුරට ලක්ව ඇත.
පසුව අසල සිටි පිරිස එක්ව සිහිසුන්ව සිටි රියදුරා රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
අනතුර සිදුවන අවස්ථාවේ බසයේ කිසිවකුත් නොසිටි අතර වෙළෙඳ සල ඉදිරිපිට ද කිසිවකුත් නොසිටීම නිස ජිවිත හානි කිසිවක් වාර්තා වන්නේ නැතැයි පොලිසිය කියයි. වෙළෙඳහලට සහ බසයට සුළු හානි සිදුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ බවුසර් රියදුරු, අද බස් රියදුරු. පහුගිය කාලේ බලහත්කාරයෙන් විඳපු ඒවායේ ප්‍රතිඵල...
දියවැඩියාව සහ හෘදයාබාධ වලින් පෙළෙන අයට රියැදුරු වෘත්තිය ඉතා අහිතකර බව සහ මෙය තව හුඟාක් දෙනෙකුට මරු කැඳවයි...!
පහුගිය දවසක මගේ රියදුරු බලපත්‍රය අලුත් කරගන්න ගාල්ලේ ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ගියා. මුදල් බැඳල දහ දෙදෙනෙක් ගත්තු පරීක්ෂණයට, යනකොටම ඇහුවා කවුරුත් ප්‍රෙෂර් සීනි බෙහෙත් බොනවාද කියලා.., කවුරුත් නෑ... කීවාම ඇස් සහ කටුව ඇනලා සීනි පමණයි පරීක්ෂා කළේ... නමුත් වාර්තාවේ, ප්‍රෙෂර් සහ ශ්‍රවණය ගැන දත්ත දාලා තිබුණා... ඉතිං මෙහෙම නොවේවිද?