IMG-LOGO

බස් රියැදුරා හෘදයා බාධයෙන් අසුනේම මරුට

(චාපා මධුභාෂිණි)

මින්නේරිය නගරයේ සිට  ගිරිතලේ දක්වා ඇඟළුම් කම්හල් සේවික සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක රියැදුරා හදිසි හෘදයා බාධයකට ලක්ව බස් රථය තුළම මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මින්නේරිය ප්‍රදේශයේ පදිංචි එන්.කේ.ජි. ආරියරත්න නමැති 75 හැවිරිදි පුද්ගලයෙකි.

රියදුරා මින්නේරිය බස් ආසන්නයේ නවතා තිබූ බසය පණ ගන්වා බස් රථය ඉදිරියට ධාවනය කිරීමට සූදානම් වෙනවත් සමග බසය රියදුරාගේ පාලනයෙන් ගිලිහි ගොස් අසල කඩයක වැදී අනතුරට ලක්ව ඇත.

පසුව අසල සිටි පිරිස එක්ව සිහිසුන්ව සිටි රියදුරා රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

අනතුර සිදුවන අවස්ථාවේ බසයේ කිසිවකුත් නොසිටි අතර වෙළෙඳ සල ඉදිරිපිට ද කිසිවකුත් නොසිටීම නිස ජිවිත හානි කිසිවක් වාර්තා වන්නේ නැතැයි පොලිසිය කියයි. වෙළෙඳහලට සහ බසයට සුළු හානි සිදුව තිබේ. 



අදහස් (4)

බස් රියැදුරා හෘදයා බාධයෙන් අසුනේම මරුට

සිරා Monday, 13 February 2023 05:32 PM

ඊයේ බවුසර් රියදුරු, අද බස් රියදුරු. පහුගිය කාලේ බලහත්කාරයෙන් විඳපු ඒවායේ ප්‍රතිඵල...

:       10       13

සෙනෙවිරත්න Monday, 13 February 2023 07:44 PM

ඔන්න ⁣පැණිය පස්සේ ගිහිපු කෙනෙක්... ලෝකෙම පිළිගත්තු එන්නත, අපිට විතරක් නරක් වෙන්නේ කොහොමද? හෘදයාබාධ තිබුණේම නැද්ද? නාකි සහ ලෙඩ්ඩු ගෙදර විවේකයෙන් ඉන්නේ නැතුව වගකිව යුතු රැකියා කරවන්නේ රටේ කරුමෙට...

:       7       12

දයානන්ද Monday, 13 February 2023 06:31 PM

දියවැඩියාව සහ හෘදයාබාධ වලින් පෙළෙන අයට රියැදුරු වෘත්තිය ඉතා අහිතකර බව සහ මෙය තව හුඟාක් දෙනෙකුට මරු කැඳවයි...!

:       0       21

සෙනෙවිරත්න Monday, 13 February 2023 07:50 PM

පහුගිය දවසක මගේ රියදුරු බලපත්‍රය අලුත් කරගන්න ගාල්ලේ ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ගියා. මුදල් බැඳල දහ දෙදෙනෙක් ගත්තු පරීක්ෂණයට, යනකොටම ඇහුවා කවුරුත් ප්‍රෙෂර් සීනි බෙහෙත් බොනවාද කියලා.., කවුරුත් නෑ... කීවාම ඇස් සහ කටුව ඇනලා සීනි පමණයි පරීක්ෂා කළේ... නමුත් වාර්තාවේ, ප්‍රෙෂර් සහ ශ්‍රවණය ගැන දත්ත දාලා තිබුණා... ඉතිං මෙහෙම නොවේවිද?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 515 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 694 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site