(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණය යනු ආණ්ඩු පෙරලා ජනාධිපතිවරයා වෙනස් කළ හැකි මැතිවරණයක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රටක් ගිනි තබා මිනිසුන් ඝාතනය කිරීමට තරම් දරුණු මානසිකත්වයක් අැති ජනතා විමුක්ති පෙරමුණට බලය ලබාදීම අතිශය බයානක වැඩක් බව ද අමාත්‍යවරයා කීය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික් පාලන අපේක්ෂක හමුවලට සහභාගී වෙමිනි. 

ගෝඨාභය ජනාධිපතිට උපදෙස් දී රට අරාජික කරපු වියත් මගේ සමහර අය වෙනත් පක්ෂවලට ගිහින් ඇතැයි ද තවත් සමහරු පා වෙවී  මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නා බවද අමාත්‍යවරයා කීය.

ඒ අයත් ජයග්‍රහණය වෙනුවෙන් එකතු කරගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.