IMG-LOGO

පා වෙන වියත් මගේ අයත් ගමනට එකතු කරගන්නවා

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණය යනු ආණ්ඩු පෙරලා ජනාධිපතිවරයා වෙනස් කළ හැකි මැතිවරණයක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රටක් ගිනි තබා මිනිසුන් ඝාතනය කිරීමට තරම් දරුණු මානසිකත්වයක් අැති ජනතා විමුක්ති පෙරමුණට බලය ලබාදීම අතිශය බයානක වැඩක් බව ද අමාත්‍යවරයා කීය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික් පාලන අපේක්ෂක හමුවලට සහභාගී වෙමිනි. 

ගෝඨාභය ජනාධිපතිට උපදෙස් දී රට අරාජික කරපු වියත් මගේ සමහර අය වෙනත් පක්ෂවලට ගිහින් ඇතැයි ද තවත් සමහරු පා වෙවී  මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නා බවද අමාත්‍යවරයා කීය.

ඒ අයත් ජයග්‍රහණය වෙනුවෙන් එකතු කරගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (11)

පා වෙන වියත් මගේ අයත් ගමනට එකතු කරගන්නවා

gamsabaa Monday, 13 February 2023 03:16 PM

අනේ නිකන් තප්පුලන්නේ නැතිව ඉන්න. ඔයා නොදන්න දේවල් තව හුඟක් තියෙනවා.

:       0       22

සෙනෙවිරත්න Monday, 13 February 2023 03:23 PM

මෙන්න කවුරුත් මෙයා කියන එක අහන්න හොඳේ, මෙයා බොහෝම වැදගත් මහත්මයෙක්, කොච්චර වැදගත්ද කිව්වොත් කප්පම් ඉල්ලපු නඩුවක අච්චු දීලා, ඇපෑල මතයි සිරගතව නොසිටින්නේ... මේ වගේ අයට තියෙන එකම කරදරය ජවිිපෙ පමණයි. ජවිපෙ මතක්වෙන වාරයක් පාසා හීං දාඩිය දාලා මොනවා හරි කියනවා... මෙයාට සජිත්ලා වගේ අය බලයට ආවාට කමක් නැහැ.. මොකද ලස්සනට ඒ පැත්තේ හෙවන තියෙනවා...

:       0       27

සෙනෙවිරත්න Monday, 13 February 2023 03:24 PM

කප්පම් කරුවෙකු රා බීපු මීයෙක් ලෙස හැසිරෙන අවස්ථාවක්...!

:       0       29

sharm warn Monday, 13 February 2023 03:28 PM

තව තියනවා පා වෙන දේවල් .පොල් කෝම්බ ,ලබු කබල් .ඒවත් එකතු කර ගත්තා නම් සර්ව සම්පූර්ණයි

:       0       25

suneth hemantha Monday, 13 February 2023 03:55 PM

වියත් මගේ අයගෙන් වැඩක් නැතිනම් ඇයි එයාලා ආයිත් එකතු කර ගන්නේ...? තමුන්ලාගේ ජයග්‍රහණය කියන්නේ ජනතාවගේ පරාජය කියන එක මිනිස්සු දැන් තේරුම් අරන් ඉන්නේ...

:       0       10

ගමේ එකාලා Monday, 13 February 2023 04:11 PM

ජනතා විමුක්ති පෙරමුණ ගැන කියන්නේ නුඹලා හොඳ අයද? සුදු වෑන්, ඝාතන අතුරුදහන්, මිනීමෝරු රජකරපු කාලේ මතක නැද්ද? ජනතාව ගොනාට අන්දලා බලයට ඇවිත් අන්තිමට රටම හොරාකාලා විනාශ කෙරුවා.

:       0       12

Sunil Monday, 13 February 2023 04:19 PM

තමන්ට ලැබෙන ඕනෑම උපදෙසක් ඉස්මුදුනින් පිළිගන්න තරම් කෙනෙක්ද?

:       0       7

Hafeel Monday, 13 February 2023 04:27 PM

කප්පම් කාරයාට සහ කප්පම් කරුවාගේ ගෝලයින්ට ඡන්දය දෙන්න තරම් දරුණු මානසිකත්වයකින් ඉන්න මිනිස්සු දැන් ගම්පහ දිස්ත්‍රික්කයේත් නැහැ...

:       0       11

Pankumburage Monday, 13 February 2023 04:33 PM

මිනිස්සුන්ට තර්ජනය කර කප්පම් ගන්න ඇමැතිලා ඉන්න රටක ජීවත්වීම අති භයානකයි. මොවුන් එළවීමට කාලය එළඹ ඇත...

:       0       9

Kumara Monday, 13 February 2023 04:54 PM

දෙන අය ගැන ගැන ඉන්නේ කවද්ද කූරු ගණින්න ඇතුළට යන්නේ කියලා...

:       0       11

fairoos Monday, 13 February 2023 05:50 PM

ඔය කියන වියත් මගේ සෙට් එක රටට කරපු විනාශය ජනතාවට අමතකවෙලා කියලා හිතුවද? කාලකණ්ණි එකතුවෙලා රට කෑවා. උඹලට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 513 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 694 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site