(අංජුල මහික වීරරත්න)
මෙවර ඇතැම් ප්‍රදේශවල විශාල පිරිසකට තැපැල් ඡන්ද අහිමි කර ඇතැයි වාර්තා වන බවත් මේ පිළිබඳව සොයා බලා තැපැල් ඡන්ද හිමි සෑම දෙනකුටම එම අයිතිය ලබා දීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.
මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයේදී තැපැල් ඡන්ද ඉල්ලුම් කළ අති විශාල ඡන්ද දායකයන් පිරිසකට එම අයිතිය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද මෙවර තැපැල් ඡන්ද ප්‍රතික්ෂේපිත අනුපාතය මැතිවරණ ඉතිහාසයේ වැඩිම ප්‍රතික්ෂේපිත අනුපාතය ලෙස වාර්තා ගත වී අතැයි දැනගන්නට ලැබී තිබෙන බවද ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලය, ගමනා ගමන මණ්ඩලය, ත්‍රිවිද හමුදාව සහ පොලිසිය වැනි අත්‍යවශ්‍ය සේවාවල මේ ආකාරයට තැපැල් ඡන්ද ප්‍රතික්ෂේප වී ඇතැයි ද උදාහරණයක් ලෙස මහනුවර ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලයේ එක් ආයතනයක සේවය කරන 150 ට වැඩ් සියලු සේවකයන්ගේ තැපැල් ඡන්ද ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වූ බවට තොරතුරු ලැබී තිබෙන බවද මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.
එබැවින් මේ පිළිබඳව සොයා බලා තැපැල් ඡන්ද හිමි සෑම දෙනකුටම එම අයිතිය ලබා දීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ එස්.බී හේරත් මහතා මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තැපැල් ඡන්ද අයිතිය සුරකින්න
ranjith Monday, 13 February 2023 05:52 PM
තැපැල් ඡන්ද ඉල්ලුම්පතේ හරියට තොරතුරු නැතිනම් ප්‍රතික්ෂේප වෙනවා. එසේ වුවත් ඡන්ද අයිතිය නැතිවෙන්නේ නැහැ. ඡන්ද මධ්‍යස්ථානයකට ගිහින් ඡන්දය දෙන්න පුළුවන්...
siri Monday, 13 February 2023 08:55 PM
ඒක පළාත් පාලන ආයතනයකින් තැපැල් ඡන්ද 100ක් විතර නේද ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ... ඒකට හේතු ඇති... මැතිවරණ නිලධාරීන් පලපුරුදු නිලධාරීන්. එම නිලධාරීන්ගෙන් විමසුවා නම් හේතුකාරණා පැහැදිලි කර දේවි.