කෝප් කමිටුවේ 5ක් ඇලෝසියස් සමග දුරකථන සබඳතා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමට පත් කළ කෝප් කමිටුවේ සාමාජිකයින් 28 දෙනාගෙන් 5 දෙනකුම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇතැයි අද(16) බැඳුම්කර කොමිසමේදී හෙළිවිය. 16 November 2017
බැකෝවෙන් පස් කපද්දී බෝම්බ මතුවෙයි වවුනියාව මහකච්චකොඩිය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා පස් කපන යන්ත්‍රයකින් බොරලු කපමින් සිටියදී පොළව යට වළදමා තිබූ අත් බෝම්බ 2ක් අද (16) සොයා ගත් බව වව්නියාව පොලීසිය කියයි. 16 November 2017
වනජීවී නිලධාරීන් 15ක් නිවාස අඩස්සියේ ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ අලි මෙහෙයුමක නිරතව සිටි වනජීවී නිලධාරීන් 15 දෙනකු අද(16) ප්‍රදේශවාසීන් පිරිසක් විසින් නිවාස අඩස්සියට ගනු ලැබූහ. 16 November 2017
‘නොරොච්චෝලේ අළු කන්දත් මීතොටමුල්ල වගේ‘ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ගොඩ ගැසෙන අළු කන්ද ජන ජිවිතයට දැඩි බලපෑම් එල්ල කරමින් උග්‍ර පාරිසරික සහ සමාජීය අර්බුදයක් නිර්මාණය කරමින් පවතින බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි. 16 November 2017
මූල්‍ය වංචා කළැයි සමෘද්ධියේ අටකට නඩු මූල්‍ය වංචා සහ දූෂණ කළ බවට චෝදනා එල්ල වී තිබෙන සමෘද්ධි නිලධාරීන් අට දෙනකුට එරෙහිව කයිඩ්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇතැයි යාපනය දිසා ලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි. 16 November 2017
අයවැය දෙවැනිවර කියවීමේ ඡන්දය අද 2018 වසර සඳහා වන අයවැය වාර්තාව පිළිබඳ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය. 16 November 2017
ත්‍රී රෝද - ලොරි අනතුරින් අයෙක් මරුට මින්නේරිය හිගුරක්ගොඩ මාර්ගයේ 1 කණුව ප්‍රදේශයේ අද(16) ලොරි රථයක් සහ ති‍්‍රරෝද රියක් එකිනෙක ගැටීම හෙතුවෙන් ති‍්‍රරෝද රථ රියදුරු එහි සිටි දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි. 16 November 2017
නාගයකු පුච්චන්න ගොස් අයෙක් මරුට මරාදමන ලද නාගයකු කසල ගොඩකට දමා පිළිස්සීමට යාමේදී එම කසල ගොඩේ තිබූ පුපුරණ ද්‍රව්‍යයක් පිපිරී යාමෙන් පුද්ගලයකු පුනරීන් කිරාංචිහී දී මිය ගොස් ඇතැයි පුනරීන් පොලීසිය කියයි. 16 November 2017
මුදල් වංචා කළ පුද්ගලයෙක් හලාවතින් අත්අඩංගුවට ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන බව පවසා මුදල් ලබා ගෙන රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් වංචා කළ බව කියන පුද්ගලයකුව හලාවත කොට්ඨාස වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඔහු හලාවත - වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 16 November 2017
ගවුමේ වාටිය ලිහන්න කියු ගුරුවරියට තර්ජනය කරලා පාසල් සිසුවියකට ගවුමේ වාටිය ලිහා දමන ලෙස අවවාද කළ විනයභාර ගුරුවරියකට එම පාසල තුළට පැමිණ බැන වැදී තර්ජනය කළ බව කියන පුද්ගයකු සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය කියයි. 16 November 2017
ප්‍රධාන දුම්රිය මගේ ගමන් පමාවෙයි වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථාන අතර දාරළුව ප්‍රදේශයේ දී දුම්රියක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් අද(16) උදෑසන ප්‍රධාන මාර්ගයෙහි දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබිණි. 16 November 2017
ස්වර්ණාභරණ තොගයක් ගුවන් තොටෙන් අල්ලයි නීතිවිරෝධී ලෙස ස්වර්ණාභරණ තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ පුද්ගලයකු (40) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අද (16) අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 16 November 2017
යුද හමුදාපතිට නොතීසි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට ලබන ජනවාරි 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා අද (15) නියෝග කලේය. 15 November 2017
නවීන රේඩාර් පද්ධතියක් ගුවනට ගුවන් යානා ඇති ස්ථානය නියමුවාගේ සංඥා නිකකුත්වීම නොමැතිව වුවද සොයා ගත හැකිවන ආකාරයට වැඩි දියුණු කළ නවීන තාක්ෂණයෙන් යුතු ආරක්ෂිත ගුවන් ගමන් පාලක රේඩාර් පද්ධතිය ගුවනට මුදා හැරීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලානේ පිහිටි කොළඹ ගුවන්තොටුපළෙදී අද(15) සිදු කෙරිණි. 15 November 2017
ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි රිට් පෙත්සමක් පළාත් පළාන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පළාත් පාලන ආයතන 6ක ඡන්දදායකයින් පිරිසක් විසින් ගොනු කළ රිට් පෙත්සම හෙට (16) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. 15 November 2017
නඩු භාණ්ඩ කාමරයේ භාණ්ඩ අතුරුදන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ පවතින නඩුවකට අදාළ නඩු භාණ්ඩ වූ රන් ආභරණ අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේප්පුවලට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද(15) මුද්‍රා තබනු ලැබීය. 15 November 2017
ගුරුවරයාට ඇප නවගත්තේගම පාසලක ගුරුවරියකට හිරිහැර කළැයි අත්අඩංගුවට ගත් ගුරුවරයකු රුපියල් 15000 ක මුදල් සහ ලක්ෂය බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරිමට ආණමඩුව මහෙස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියෝග කළාය. 15 November 2017
හම්බන්තොට විරෝධතාවයේ සිටි හිමිනමක් අත්අඩංගුවට හම්බන්තොට දී පසුගිය ඔක්තෝබර හය වැනිදා පැවැති විරෝධතාවයේදී අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටි අරංවල අමිත හිමියන් (19) වීරකැටිය මැදමුලන කිංචිගුණේ ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ දී තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද දහවල් අත් අඩංගුවට ගනු ලැබීය. 15 November 2017
වැඩ බලන විභාග කොමසාරිස් සනත් පූජිත වැඩබලන විභාග කොමසාරිස් ලෙස සනත් පූජිත මහතා පත්කරනු ලැබ සිටී. 15 November 2017
තට්ටු නිවාස සංකීර්ණවලට ග්‍රාම නිලධාරී කාර්යාලයක් නිවාස සියයකට වැඩි සෑම තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේදීම ග්‍රාම නිලධාරී කාර්යාලයක් සඳහා ඉඩක් වෙන් කළ යුතු බවට වන නීති සකස් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද(15) පැවසීය. 15 November 2017
බැඳුම්කර කොමිසම රහස් පොලිසියේ දෙදෙනකුගෙන් සාක්කි ගන්න යයි භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ තවත් රහස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගෙන් අද (16) සාක්කි ලබා ගැනීමට කොමිසම තීරණය කොට ඇති බව එහි ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා පැවසීය. 15 November 2017
ලක් ඉතිහාසයේ ලොකුම අල්ලස ගත් රේගු නිලධාරීන් සිව් දෙනාට ඇප මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 12 හමාරක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින රේගු අධිකාරීවරුන් සිව්දෙනා කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් කොන්දේසි සහිත ඇප මත මුදාහරින ලදී. 15 November 2017
රජරට රැජිණ පීලී පනී - තැපැල් දුම්රිය 4ක් නවතී මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ දුම්රිය පරසන්ගස්වැව සහ මැදවච්චිය අතර ඊයේ (14) රාත්‍රී පීලි පැනීමට ලක්වූ අතර ඉන් මැදිරි 4ක් පීලි පැන පෙරළීමෙන් දුම්රිය මාර්ගයට ද දුම්රිය පාලමකට ද විශාල වශයෙන් හානි සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි පවසයි. 15 November 2017
බුදු රුව පච්ච කෙටූ කතට ලක්ෂ 6ක වන්දි සිය බාහුවේ බුදු රුවක් පච්ච කොටගෙන පැමිණීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 6ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) නියෝග කළේය. 15 November 2017
‘රාජ්‍ය සහ පෞද්ගලික සේවකයා අමතක කළ අයවැයක්’ මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ මෙවර අයවැය රාජ්‍ය අංශයේ සේවකයා සහ පෞද්ගලික අංශයේ සේවකයා අමතක කළ අවමංගල අයවැයක් බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා අද (15) පැවසීය. 15 November 2017
ස්ථාන මාරු ක්‍රියාත්මක කරන තෙක් මධ්‍යම පළාත් වර්ජනය දිගටම පේරාදෙණිය හා මහනුවර රෝහල්වල විකිරණ විද්‍යා තාක්ෂණවේදින් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය, ස්ථාන මාරු ලබා සිටින එම පළාතේ රෝහල්වල විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ ස්ථාන මාරු කි‍්‍රයාත්මක කරන තුරු අඛණ්ඩව කරගෙන 15 November 2017
නුගේගොඩ අනුලාවේ විදුහල්පතිනිය ඉවතට නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කරනු ලැබ ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 15 November 2017
‘සිම්බාබ්වේ ජනපති ආර්යාව රටෙත් නෑ‘ සිම්බාබ්වේ අගනුවර පාලනය හමුදාව යටතට ගෙන ඇතැයි වාර්තා වෙයි. 15 November 2017
විද්‍යා නඩුවෙන් නිදහස් වුණත් ඉන්ද්‍රකුමාර් යළි රිමාන්ඩ් යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්කොට ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නඩු තීන්දුවේදී නිදහස ලැබු පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් යළි නොවැම්බර් 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්.රියාල් මහතා ඊයේ (14) නියෝග කළේය. 15 November 2017
IEEE සංවේදක සමුළුවේදී මොරටු සරසවිය තෙවැනි තැනට අන්තර්ජාතික විදුලි හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ආයතනයේ සංවේදක කවුන්සිලය සංවිධානය කළ ‘2017 IEEE සංවේදක සම්මේලනයේදී ගොඩනැගිලි ස්වයංක්‍රීයකරණ පද්ධතියක් ඉදිරිපත් කළ මොරටුව සරසවියේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවට තෙවන ස්ථානය හිමි වී තිබේ. 15 November 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026