අන්‍යාගමීකරණයට එරෙහිව බකමූණේ විරෝධයක් අන්‍යාගමීකරණයට එරෙහිව බකමූණ අවට විහාරස්ථානවල විහාරාධිපති හිමිවරු ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් අද(15) බකමූණ නගරයේ විරෝධතාවයක නිරත වූහ. 15 November 2017
ව්‍යාජ ඇමරිකා ඩොලර් මිලියනය අලෙවි කිරීමට ගිය අයෙක් කොටුවෙයි ඇමැරිකා ඩොලර් මිලියනයක ව්‍යාජ මුදල් නොට්ටුවක් රුපියල් ලක්ෂ 10 මුදලකට අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයකු කින්යා මාන්චෝලෙච්චනෙයි ප්‍රදේශයේ විශේෂ කාර්ය බළකා කැලෑ පුලියන්කුලම කඳවුරේ භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 15 November 2017
සීදූව ව්‍යාපාරිකයකුගේ රියට වෙඩි සීදුව ව්‍යාපාරිකයකු (49) කල්පිටියේ ව්‍යාපාරික කටයුත්තකට ගොස් සිය ජිප් රියෙන් ආපසු එමින් සිටියදී සීදුව ඊරියගහළිඳ පාර අසලදී තවත් මෝටර් රියකින් පැමිණි අයකු ඔහුගේ රියට වෙඩි තබා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි. 15 November 2017
සෙවණගල දයාට නෑ ඌණ උපයෝගිතා පනත අනුව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව යළි අමාත්‍ය දයා ගමගේට පැවරීමට රජය තීරණය කර නැතැයි ජල කළමනාකරණ හා වාරි මාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අද(15) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. 15 November 2017
ගාමිණි සෙනරත් යළි රිමාන්ඩ් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා නොවැම්බර් 21 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය. 15 November 2017
යාපනයේ කඩු කිනිසි ගත් කල්ලියක් 8 ක් කපා පළා යති යාපනය දිස්ත්‍රීක්කයේ කඩු කිනිසි ගත් තවත් බිහිසුණු කල්ලියක් විසින් අඟහරුවාදා (14) රාත්‍රියේ ස්ථාන 4 කදී පුද්ගලයින් 8 දෙනෙකු කපා පළා යාම හේතුවෙන් යාපනය ජනතාව තුළ නැවතත් බියක් හට ගෙන ඇත. 15 November 2017
මහාධිකරණ විනිසුරුවරුන් වැඩි කෙරේ මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව තවත් 35 කින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යංශය කියයි. 15 November 2017
වෙන්නපුවේදී සිසුවෙක් මුහුදේ ගිලී අතුරුදන් වෙන්නප්පුව - සින්දාත්‍රිය ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අතරින් එක් සිසුවකු මුහුදේ ගිලී අතුරුදහන්වී ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. 15 November 2017
සිම්බාබ්වේ අගනුවර පාලනය හමුදාව යටතට තමන් අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව සිම්බාබ්වේ හමුදාව කියයි. සිම්බාබ්වේ රාජ්‍ය රූපවාහිනි සේවය වන ‘ඉසෙඞ්.බී.සී’ ඔස්සේ ප්‍රකාශයක් කරමින් හමුදාව ඒ බව ප්‍රකාශ කර තිබේ. 15 November 2017
විරෝධතාවයෙන් පසු පාර හදන්න මුදල් වෙන් කෙරේ මහන්තේගම මාර්ගය පිළිසකර කරන්නැයි ඉල්ලා කොළඹ නුවර පාර මාවනැල්ලෙන් අවහිර කරමින් පැවති විරෝධතාවයෙන් අනතුරුව එම මාර්ගය සැදීම සදහා රුපියල් ලක්ෂ 86ක් වෙන් කර ඇති බව රඹුක්කන විධායක ඉංජිනේරු රොෂාන් වික්‍රමසිංහ මහතා අද (15) මාධ්‍යයට පැවසිය. 15 November 2017
ආණමඩුවේ නොහික්මුණු ගුරුවරයා අත්අඩංගුවට ගුරු විවේකාගාරයේදී පාසල් ගුරුවරියක්ව වැළදගෙන ඇයව සිපගත් බව කියන එම පාසලේම ගුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පවසයි. 15 November 2017
සිවු පුද්ගල කමිටුවෙන් තෙල් සංස්ථාවට දොස් ඉන්ධන හිඟයක අනතුරක් එන බව දැනගෙන සිටියද ඛනිජ තෙල් සංස්ථාව ඊට මුහුණ දීමට අවශ්‍ය පියවරක් ගෙන නොතිබූ බව ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ සිවු පුද්ගල ඇමැති අනුකමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ. 14 November 2017
අයවැය යෝජනා ගැන කැබිනට් රැස්වීමේදී විරෝධය නාවික කටයුතු සහ භාණ්ඩ මෙහෙයුම් ආයතනවල විදේශ හිමිකාරිත්වය කෙරෙහි ඇති සීමා ඉවත් කිරීමට මෙවර අයවැයෙන් ගෙන ඇති තීරණයට අද පැවැති කැබිනට් රැස්වීමේදී අමැතිවරුන් කිහිප දෙනකු විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ. 14 November 2017
නිළධාරින් නැතිව එම්.අාර්.අයි ඒකකය නතර වෙයි නිළධාරින්ගේ හිඟය හේතුවෙන් මහනුවර මහ රෝහලේ එම්.අාර්.අයි ඒකකය අද (14) සම්පුර්ණයෙන්ම නතර වී තිබු බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි. 14 November 2017
පුංචි ඡන්දයට ඒකාබද්ධය වෙනම ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව පුළුල් සන්ධානයක් ලෙස තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. 14 November 2017
ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප වැඩිවේ 2018 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට පහළොවකින් වැඩිවන බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා අද (14) පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2017
බියර් අඩු කිරිමේ තින්දුවේ වෙනසක් නැ බියර් හා වයින් සඳහා බදු අඩු කිරිමේ තින්දුවේ වෙනසක් සිදු නොවනු ඇතැයි මුදල් අමාත්‍යවරයා කියයි. 14 November 2017
තානාපති සේවයට යන්නේ විවේක ගන්නයි - ජනපති වර්තමානයේ තානාපති සේවාවන්වල යෙදී සිටින බොහෝ දෙනා එම සේවාව යොදා ගෙන ඇත්තේ විශ්‍රාම දිවිය විවේකයෙන් ගත කිරීම සඳහා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. මේ නිසාම තානාපති සේවාවන්වලට විශාල තරඟයත් ඇති වී ඇතැයි ද ජනාධිපතිවරයා කීය. 14 November 2017
අල්ලස් නඩුවෙන් පොලිස් සැරයන් නිදහස් ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් වු පැමිණිල්ලක් සමථයකට පත් කිරීමට කාන්තාවකගෙන් රුපියල් 20,000 ක අල්ලසක් ලබා ගත්යැයි කියන පොලිස් සැරයන්වරයකු නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (14) නියෝග කළේය. 14 November 2017
තෙල් අර්බුදයේ වාර්තාව ජනපතිට නොබෝදා ඇතිවූ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට පත් කරන ලද ඇමැති අනුකමිටුවේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (14) දහවල් බාර දෙනු ලැබීය. 14 November 2017
විභාග කොමසාරිස් ඉවතට විභාග කොමසාරිස් ජනරාල් ඩම්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා මීට ස්වල්ප වේලාවකට පෙර එම තනතුරෙන් ඉවත් කර තිබේ. 14 November 2017
බීර මිල වැඩිකළ යුතු බව ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණ කියයි මෙවර අයවැයෙන් බියර් මිල අඩුකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ දැඩි අප්‍රසාදය පළ කරන බව එහි සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි. 14 November 2017
‘මෙවර මැතිවරණයේ ශ්‍රිලනිපෙ නාමයෝජනා කටයුතු අවසන්’ - අමරවීර මෙවර පළාත් පාළන මැතිවරණය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා කටයුතු සියයට අනූ නවයකින් අවසන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය. 14 November 2017
‘ඊපීආර්එල්එෆ් පක්ෂය සන්ධානයෙන් ඉවත් වීමෙන් බලපෑමක් නෑ’ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය සන්ධානයෙන් ඉවත් වීමෙන් හෝ සන්ධානය හා එක්ව මැතිවරණවලට තරග නොකිරීමෙන් දෙමළ ජාතික සන්ධානයට කිසිදු බලපෑමක් හෝ පාඩුවක් සිදු නොවන බව එම සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.යෝගේෂ්වරන් මහතා පැවසීය. 14 November 2017
යුද හමුදා සාමාජිකයන්ට දෙන පොදු සමාකාලය දිර්ඝ වෙයි යුද හමුදාව හැරගොස් සිටින හමුදා සාමාජිකයන්ට හමුදාවට බාර වී නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති දින 24 ක පොදු සමාකාලය මෙම 22 දින දක්වා තවදුරටත් දීර්ඝ කළ බව හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය. 14 November 2017
රාජගිිරිය අනතුරට සම්බන්ධ සිසුන් දෙදෙනාට ඇප අධික වේගයෙන් කැබ් රථ දෙකක් පදවා රාජගිරිය සිල්වා පටුමගේ දී අනතුරක් සිදුකළැයි කියන කොළඹ ජනප්‍රියතම පිරිමි විදුහලක 18 හැවිරිදි සිසුන් දෙදෙනකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද(14) නියෝග කළේය. 14 November 2017
අධ්‍යාපන අමාත්‍යංශයේ ගැටුම ගැන පරීක්ෂණයක් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු අමාත්‍යංශ සේවකයකුට පහර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 14 November 2017
විදෙස් මත්පැන් ගෙනා අයකුට දඩ තීරු බදු නොගෙවා ඉන්දියාවේ සිට මෙරටට විදේශීය මත්පැන් බෝතල් 8ක් සහ විදේශීය දුම්වැටි 200ක් රැගෙන විත් සන්තකයේ තබාගැනීම සහ යතුරුපැදියකින් ප්‍රවාහනය කිරීම යන චෝදනාවන්ට වැරදිකරු වූ අයකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය රුපියල් 25000ක දඩයක් නියම කළාය. 14 November 2017
උ’මැද විදුහල්පතිවරු 100ක් හිටිහැටියේ මාරු උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිසම මගින් එම පළාතේ පාසල්වල විදුහල්පතිවරුන් 100කට අධික පිරිසක් හිටි හැටියේම නීති විරෝධී ලෙස හා දේශපාලන අවශ්‍යතාවන් මත ස්ථාන මාරු කිරීමට එරෙහිව තම සංගමය දැඩි විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 14 November 2017
ආණමඩුවේ නොහික්මුණු ගුරුවරයා ගැන විමර්ශන ආණමඩුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක සේවය කරමින් සිටි තරුණ ගුරුවරියක් බලහත්කාරයෙන් සිප වැළදගෙන ඇයට ලිංගික අතවර කිරීමට ගිය ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව නවගත්තේගම පොලීසිය කියයි. 14 November 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026