දෙමළ ජනතාව වෙනුවෙන් පොදු ලකුණක් දෙමළ ජනතාවගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් බිහි කළ දෙමළ ජනතා සංසදය කිසි සේත් දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය නොකරන බවටත් සියලු දේශපාලන කටයුතු වලදී සංසදයක් ලෙස ඊට මැදිහත් වන බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා පැවසීය. 13 November 2017
සෙවනගල යළිත් දයා ගමගේට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්මත කරගන්නා ලද 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කිරීමට අය වැයෙන් යෝජනාකර තිබේ. 12 November 2017
දිවුලපිටියේ කඩ අටක් ගින්නට බිලි දිවුලපිටිය නගරයේ ඔර්ලෝසු කණුව වටරවුම ඉදිරිපිට කොළඹ පාරේ පිහිටි කඩ පෙලෙහි අද 12 රාති‍්‍ර ඇතිවූ හදිසි ගින්නකින් කඩ කාමර අටකින් යුත් ඉහල මහල සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූ අතර රාති‍්‍ර 9.00 පමණ වනවිට ගින්න පහල මාලය කරා පැතිරෙමින් තිබිණි. 12 November 2017
අයියා වෙනුවට මල්ලි පරීක්ෂණයට ඇවිත් රජයේ පාසල්වලට ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණයට සිය වැඩිමල් සොයුරා වෙනුවට පෙනී සිටි බාල සොයුරකු හෝමාගම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. 12 November 2017
තිසා වැවේ දිය නෑමට අවසර දෙන්න’යි අටමස්ථානාධිපති හිමියෝ පොලිස්පතිට කියති තිසාවැවේ ජලය ලබාගෙන ශ්‍රී මහ බෝධින්වහන්සේ දෝවනය කිරීම සිදු නොකරන බවත්, ගිහි, පැවිදි කණ්ඩායමක් ගෙනයන ප්රචාරක වැඩ පිළිවෙල නිසා අටමස්ථාන පූජා භූමියට වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පිරිසිදුවීම සදහා දියනා ගැනීමට ස්ථානයක් නොමැතිවී ඇතිබවත් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් පැවසූහ. 12 November 2017
ඉමදූවේ අනතුරින් අයෙක් මරුට ගාල්ල දෙනියාය මාර්ගයේ ඉමදුව සිට ගාල්ල දෙසට ගමන් කරමින් තිබූ යතුරු පැදි තුනක් ගාල්ල සිට ඉමදුව දෙසට ධාවනය කරමින් තිබූ කැන්ටර් ට්‍රක් රථයක ඉමදුව අධිවේගි මාර්ග පිවිසුම අසලදී ගැටීමෙන් වූ අනතුරින් එක් අයෙක් මියගිය බවත් සිව්දෙනකු කරාපිටිය රෝහලට ඇතුළත් කරන ලද බවත් ඉමදුව පොලීසිය කියයි. 12 November 2017
ජෝන් සෙනෙවිරත්න තවමත් දෙලොවක් අතර ඉදිරි පළාත් පාළන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඉදිරිපත් වුවහොත් තමන් ගනු ලබන ස්ථාවරය පිළිබඳ නැවත වරක් සිතා බැලීමට සිදුවන බව කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවසීය. 12 November 2017
නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව රෝහණ සංඝ සභාව කියයි රටේ දැනට පවතින තත්වය තුළ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට රජය කිසිදු අයුරකින් ක්‍රියා නොකළ යුතු බවට ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ විධායක කාරක සංඝ සභාව ඒකමතිකව තීන්දු කළේය. 12 November 2017
‘ගනුදෙනු ජනතාව සමග පමණයි‘ තමා රනිල් හෝ මෛත්‍රී සමග ඩීල් එකක් නැති බවත් තමාගේ ගනුදෙනුව ඇත්තේ ජනතාව සමග පමණක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද(12) අනුරාධපුරයේ දී පැවසීය. 12 November 2017
පාසල් සිසුවිය ටිපර් රියට බිලි හුංගම, කොටවායේ දී ටිපර් රියකට යටවී 14 හැවිරිදි සිසුවියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 12 November 2017
බිම්මල් විසවී තිදෙනෙක් රෝහලේ දිවා ආහාරය සමග ව්‍යංජනයක් ලෙස ආහාරයට ගත් බිම් මල් වර්ගයක් විස වීමෙන් කන්දකැටිය බුදුගේකන්ද ගම්මානයේ තිදෙනෙක් රෝගීව අද (12) කන්දකැටිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. 12 November 2017
කබැල්ලෑ පොතු බවට සැක මලු හතරක් පොලිස් දැලේ මිලියන 52කට ආසන්න වටිනාකමකින් යුත් කබල්ලෑවා නම් අධි සුරක්ෂිත සතුන්ගේ පොතු යැයි කියන පොහොර උර 4ක් කල්පිටිය තිල්අඩිය ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 12 November 2017
වවුනියා ව්‍යාපාරිකයා පැහැරගැනීමේ තැත වරදී වවුනියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු පැහැරගැනීමට පැමිණි කණ්ඩායමක සාමාජිකයින් තිදෙනකු අද(12) වවුනියාවේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. 12 November 2017
කැබ් රථ අනතුරින් සිසුවෙක් මරුට රාජගිරිය සිල්වා පටුමග ආසන්නයේ දී අද(12) කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවකු මියගොස් තවත් සිසුන් සිසුන් 7 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින බව පොලිසිය කියයි. 12 November 2017
දෘශ්‍යාබාධිත උපාධිධරයෝ රැකියා ඉල්ලති ‘‘ආබාධිත බව ප්‍රශ්නයක් කර නොගෙන උපාධිය ගත්තු අපි රස්සාවක් නැතිව විඳින දුක දැකලා අපට අනුකම්පාව එපා සහයෝගය ලබා දෙන්න‘‘ යැයි රැකියා විරහිත දෘෂ්‍යාබාධිත උපාධිධාරි එකමුතුවේ සංවිධායක රංග ප්‍රියදර්ශන මහතා පැවසීය. 12 November 2017
අධ්‍යාපන සමූපකාරයේ කෝටි 200ක් අවභාවිත කරලා හිටපු සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කළ අතුරුපාලක මණ්ඩලය මගින් 2012 වසරේ පමණක් අධ්‍යාපන සමූපකාරයේ රුපියල් මිලියන 2000ක් පමණ අවභාවිත කර ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. 12 November 2017
දෙමළ ජාතික සන්ධානයේ තීරණාත්මක සාකච්ඡාවක් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා සාකච්ජාවක් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වෙයන් අද (12) වවුනියාව පෞද්ගලික හෝටලයකදි ආරම්භ වී තිබේ. 12 November 2017
ඇමෙරිකා-රුසියා සබඳතා ඇති විය යුතුයි ඇමෙරිකාව සහ රුසියාව අතර තවදුරටත් ද්විපාර්ශවීය වශයෙන් සාකච්ඡා හා සබඳතා ඇතිවිය යුතු යැයි රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් මහතා ප්‍රකාශ කරයි. 12 November 2017
වඩුකෝඩෙයි මුල් පුටුවට සීතල යුද්ධයක් යාපනය වඩුකෝඩෙයි ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සදහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බිරියක පත් කිරීමට ගෙන ඇති උත්සහායකට පළාත් පාලන නියෝජිතයින්ගේ අප්‍රසාදය මතුව ඇතැයි වාර්තා වේ. 12 November 2017
ඌව මහඇමති කිතුල් රා බොන්න පහසුකම් ඉල්ලයි “මංගල මහත්තයා බියර් මිල අඩු කරපු එක හොදයි.හැබැයි ඒ සුද්දන්නට.අපේ මිනිස්සුන්ට සෙතක් වෙන්න නම් කිතුල් රා බොන්න පහසුකම් ලබාදිය යුතුයි“ යැයි ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි. 12 November 2017
‘හෑන්ස්‘ මත් පැකට් සමග අයෙක් දැලේ පාසල් සිසුන්ට අලෙවි කිරීමට රැගෙන එමින් තිබූ බව කියන හෑන්ස් නම් මත්ද්‍රව්‍ය පැකට් තොගයක් සමග පුද්ගලයකු අද (12) අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි. 12 November 2017
ව්‍යාජ ගුවන්ගමන් බලපතක් සමග ශ්‍රී ලාංකිකයෙක් කොටුවෙයි ව්‍යාජ මැලේසියා ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයකු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අද(12) අත්අඩංගුවට ගනු ලැබීය. 12 November 2017
කේරළ ගංජා කිලෝ 100ක් බස් රථයක රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 100 ක් යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ අධිසුඛෝපභෝගි බස් රථයක තිබී අද (12) අත්අඩංගුවට ගත් බවට කනගරායන්කුලම් පොලිසිය කියයි. 12 November 2017
අතුරුදන් වූ දරුවාගේ සිරුර ඇළෙන් හමුවෙයි දිඹුල බෝගහවත්ත ප්‍රදේශයේ අතුරුදන්ව සිටි පිරිමි දරුවකුගේ මළසිරුර අද (12) බෝගහවත්ත තේ කර්මාන්ත ශාලාව අසලින් මහවැලි ගගට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි සොයාගත් බව දිඹුල පොලිසිය පවසයි. 12 November 2017
කොග්ගල්ලේ දී පොලිස් වෙඩි පහරකින් තරුණයෙක් මරුට අම්බලන්තොට කොග්ගල්ල හබරත්තවල ප්‍රදේශයේ දි සිදු කළ මෙහෙයුමක දී පොලිස් අණ නොතකා පලා ගිය කුඩා ලොරි රථයකට පොලිසිය වෙඩි තැබීමෙන් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 11 November 2017
විමර්ශන තොරතුරු ඇතුළත් වාර්තාවක් සඳුදා පාර්ලිමේන්තුවට - ලසන්ත රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් විමර්ශනය කළ යුතු සියලුම ආයතනවල විමර්ශන තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉතිහාසයේ පළමු වරට ලබන සඳුදා (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එහි සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 11 November 2017
බීර මිල අඩුකිරීමට පාඨලීගේ විරෝධය බීර මිල අඩුකිරීමෙන් නීති විරෝධී මත්පැන් (කසිප්පු) පාලනය කළ නොහැකි බවත්, එම මිල අඩු කිරීමෙන් සිදුවන්නේ රජයට ආදායමක් අහිමිවීම පමණක් බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 11 November 2017
හැටන් - කොළඹ මාර්ගයේදී පෙට්‍රල් බවුසරයක් පෙරළෙයි මුතුරාජවෙල සිට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් සංකිර්ණයට පෙට්‍රල් ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැනිමෙන් අද (10) අනතුරට පත්ව තිබේ. 10 November 2017
ගිනි අවිය ක්‍රියාත්මකවී බැංකු ආරක්ෂකයා රෝහලේ මාවනැල්ල නගරයේ ඇති රාජ්‍ය බැංකුවක බැංකු ආරක්ෂකයකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ඔහු බරපතළ තුවාල ලබා අද (10) රෝහල්ගත කර ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි. 10 November 2017
ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කරන්න යයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම මාස තුනක කාලයක් ඇතුළත කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 10 November 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026