ඇවන්ට්ගාඩ් නාවික හමුදාවෙන් වන්දි ඉල්ලයි ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට ආරක්ෂාව ලබා දෙමින් තමන් කරගෙන ගිය ව්‍යාපාරය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් පැහැරගැනීමෙන් තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් නාවික හමුදාපතිවරුන්ගෙන් රුපියල් කෝටි 500ක් අයකර දෙන්නැයි ඉල්ලමින් ‘ඇවන්ට් ගාඞ් මැරිටයිම් සමාගම’ කොළඹ දිසා අධිකරණයේ අද (14) වන්දි නඩුවක් පැවරීය. 14 November 2017
මහින්දගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් එජාපයට බස්නාහිර පළාත් සභාවේ හිටපු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කළ තුෂාර පෙරේරා මහතා අද (14) එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය. 14 November 2017
යාපන සරසවි සිසුවෝ වීදි බසිති රජය පොරොන්දු වූ පරිදි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට හෝ ඔවුන් වෙනුවෙන් නඩු කටයුතු කඩිනම් කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසමින් යාපනය සරසවි සිසුහූ පිරිසක් අද (14) විරෝධතා පාගමනක් පැවැත්වූහ. 14 November 2017
ලංගම රියට යටවී කතක් මරුට අම්පාර සෙනරත් සෝමරතන කි්රඩාංගණය අසල දී අද (14) ලංගම බස් රථයකට යටවී කාන්තාවක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 14 November 2017
නුවර - කොළඹ මාර්ගයේ උද්ඝෝෂණයක් ගනේතැන්න - ගම්පොල මාර්ගය හදා දෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් අද (14) නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය ගනේතැන්නෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ. 14 November 2017
විවාහක යුවළකගේ සිරුරු මිල්ලනිය නිවසකින් සොයා ගැනේ පරගස්දෙණිය, මිල්ලනිය වත්තේ නිවසක තිබී විවාහක යුවළකගේ සිරුරු සොයාගත් බව පොලිසිය කියයි. 14 November 2017
මහජන සෞඛ්‍ය පරීක්ෂකයෝ වැඩ වරන්න සැරසෙති පුත්තලම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු නොකළහොත් ලබන 16 වැනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව සමස්ථ ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 14 November 2017
මුම්බායි ගිය ශ්‍රී ලන්කන් යානය ආපසු කටුනායකට මුම්බායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ආපසු හරවා පැමිණ තිබේ. 14 November 2017
ඒකාබද්ධය සමඟ සාකච්ඡා සාර්ථකයි - ටී. බී මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසි ලෙසකින් දෙකඩ නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවත් ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී ඒකනායක මහතා අද (13) පැවසීය. 13 November 2017
භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 400ක් ඉරාන ඉරාක දේශසීමාවේ ඇති වූ භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් ඇතැයි දෙරටේ ආරංචි මාර්ග සඳහන් කරයි. 13 November 2017
වාහන බලපත්‍ර මිල සීමාව ඉවතට රජයේ නිලධාරීන්ට ලබාදෙන වාහන බලපත්‍රය අනුව ගෙන්විය හැකි වාහනවල උපරිම මිල සීමාව මෙවර අය වැයෙන් ඉවත් කර තිබේ. 13 November 2017
පිළිකුත්තු චෛත්‍යයේ නිදන් සොයලා ඵෙතිහාසික වටිනාකමකින් යුත් ගම්පහ පිළිකුත්තුව රජ මහා විහාස්ථානයේ චෛත්‍ය ගර්භයෙහි නිදන් වස්තු සොරා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරීක්ෂණ අරඹා ඇත. 13 November 2017
බියර් අඩු කිරීම ගැන සංඝ සභාවේ චෝදනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැයෙන් බියර් මිල අඩු කිරීමට යෝජනා කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය නොසලකා හැරීමක් යැයි ජාතික සංඝ සභාව අද (13) අවධාරණය කළේය. 13 November 2017
රූපලාවන්‍ය ශිල්පිනියක් අභිරහස් ලෙස මියයයි මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක සේවය කරමින් සිටියදී අභිරහස් ලෙස මියගිය තරුණ රූපලාවන්‍ය ශිල්පිනියකගේ මළ සිරුර අද (13) එම රූපලාවන්‍යාගාරයේ පුටුවක් මත තිබියදී සොයාගත් බව මීරිගම පොලිසිය කියයි. 13 November 2017
බොරළු කැපු පුද්ගලයෙක් අත්අඩංගුවට පොළොන්නරුව අලිවංගුව ශාන්තිපුර රජයේ රක්ෂිතයේ කිසිදු අවසරකින් තොරව පුද්ගලයකු කලක පටන් මහා පරිමාණයෙන් බොරළු කපන බවත් මෙම පුද්ගලයා කිසිවෙකු අත්අඩංගුවට නොගන්නා බව පවසමින් ප්‍රදේශවාසින් විසින් අරලගංවිල විශේෂ කාර්ය බළකා කඳවුර වෙත දැනුම් දිමෙන් පසු අද (13) කළ වැටලීමකදි ටි්රපර් රථ දෙකක් සහ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය පවසයි. 13 November 2017
අරක්කු 80කින් නගී - බීර 80කින් බහී මෙවර අයවැය ලේඛනය මගින් වැඩිකළ මත්පැන් සඳහා වන ජාතිය ගොඩනැගීමේ බද්ද හේතුවෙන් අරක්කු බෝතලයක මිල රුපියල් 50ත් 80ත් අතර මිලකින් වැඩිවී ඇතැයි අරක්කු සමාගම් පවසයි. 13 November 2017
නියගයෙන් බැටකන ජනතාව වෙනුවෙන් බන්දුල සහන ඉල්ලයි රටේ දිස්ත්‍රික් 25න් 20 කම තවමත් නියඟයෙන් බැට කන ජනතාවට අවම වශයෙන් මසකට රුපියල් 2000ක සහනාධාරයක් දියයුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. 13 November 2017
බැසිල්ගේ නඩුව වෙනත් උසාවියකට යොමු කිරිමේ තීන්දුව බදාදා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා වෙනත් උසාවියකට යොමු කිරීම සම්බන්ධයෙන් වු තීන්දුව බදාදා (15) ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (13) දැනුම් දුන්නේය. 13 November 2017
ඉරාන-ඉරාක දේශ සීමා ආසන්නයේ භුමිකම්පාවෙන් 332 ක් මරුට ඉරාන ඉරාක දේශසීමාව ආසන්න ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකාංක 7.3ක ප්‍රභලත්වයකින් යුතු භූමිකම්පාවකින් 332 ක් මිය ගොස් අවම වශයෙන් 2500කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි දෙරටේ මාධ්‍ය වාර්තා කරයි. 13 November 2017
යාපන සරසවිය යළි ඇරේ දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ලද විරෝධතා හේතුවෙන් වසා දමා තිබූ යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යනය කටයුතු අද (13) නැවතත් ආරම්භ කැරිණි. 13 November 2017
උදරයෙන් හෙරොයින් මතුවෙයි පාකිස්ථානයේ ලාහෝර් සිට පැමිණි පුද්ගලයකු අද (13) අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි. 13 November 2017
ගාමිණි සෙනරත් රිමාන්ඩ් අධිකරණයට බාරවු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු තිදෙනා ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය. 13 November 2017
පෙට්රල්වලට භූමිතෙල් කලවම් කිරීමේ ජාවාරමක් හසුවෙයි ඉන්ධන පිරවුම්හල් වෙත ගෙනයන පෙට්රල්වලට බවුසර් රථය තුලදීම භූමිතෙල් කලවම් කරන ජාවාරමක් හෙළි කරගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමකට අද(13) හැකිවිය. 13 November 2017
සීනි සමාගම ඇමැති දයාට පවරනවාට අමරවීරගෙන් විරෝධය රජයට අයත් සෙවනගල සීනි සමාගම ඇමැති දයා ගමගේ මහතාට අයත් පෞද්ගලික ව්‍යාපාරයකට පවරනවාට තමන් විරුද්ධ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (13) පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 November 2017
සංරක්ෂිත වනාන්තරයක වගා කරන්න දුන් නියෝගය ගැන පැමිණිල්ලක් වනආඥා පනත උල්ලංඝණය වන ලෙස පොතුවිල් මහේස්ත්‍රාත් එම්.අයි.එම්.වහබ්දීන් මහතා විසින් සිවිල් වැසියන් 17 දෙනෙකුට රදැල්ල සංරක්ෂිතයට ඇතුළු වී කුඹුරු වගා කිරීමට අවසරදීම සම්බන්ධයෙන් විධිමත් 13 November 2017
ලිදුල රෝහලේ වර්ජනයක් ලිඳුල ප්‍රාදේශිය රෝහලේ සේවය කරන හෙද නිලධාරීන් දෙදෙනෙකුට වහාම ස්ථාන මාරුවීම ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍යවරුන් සිව්දෙනෙක් හා සුළු සේවකයින් 12 දෙනෙක් අද (13) පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් ඇරඹුහ. 13 November 2017
‘යුද්ධයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 400ක පාඩුවක්’ තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 400 ක පාඩුවක් වී ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් සඟරාව වාර්තා කර ඇතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (13) පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 November 2017
මුන්නේෂ්වරම වැවෙන් පැරණි ගොඩනැගිල්ලක නටඹුන් මතුවෙයි හලාවත-මුන්නේෂ්වරම වැවේ රොන් මඩ ඉවත් කරමින් සිටින විට ගොඩනැගිල්ලක නටඹුන් මතුවී ඇත. 13 November 2017
ප්‍රසන්න රණවීර ඇතුළු 31කට ඇප හම්බන්තොට විරෝධතාවයේ යෙදීම නිසා රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර සහ මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු 31 දෙනා ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද(13) නියෝග කළේය. 13 November 2017
ඉරාන- ඉරාක භූ කම්පනයෙන් ලාංකිකයන්ට හානි නෑ ඉරාන හා ඉරාක දේශ සීමාවේ ඇතිවූ භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන්ට කිසිදු හානියක් මෙතෙක් වාර්තා වී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 13 November 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026