තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක
සන්ඬේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කිරීමට ඉඩ ඇති හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ඇතුලූ හිටපු උසස් පොලිස් නිලධාරීන් තිදෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාට අමතරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහත්වරුන්ගේ ද විදෙස් ගහන් තහනම් කරන අධිකරණය නියෝග කළේය.
මෙම පොලිස් නිලධාරීන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශන සිදුකරද්දී සාක්කි විනාශ කළේයැයි සැකපිට අත්අඩංගුවට ගත් ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතා අධිකරණයයට ඉදිරිපත් කරමිනි. එම සැකකරු ලබන 16 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙසද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
සැකකරු අද (02) රාත්‍රී 10.30 ට පමණ මහේස්ත්‍රාත් නිල මැදිරියට ඉදිරිපත් කරමින් රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යංශයේ සිටි උසස් නිලධාරියකුගේ උපදෙස් පරිදි උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මෙම සිද්ධියේ සාක්කි විනාශ කළ බවට කරුණු අනාවරණය වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පොලිස් නිලධාරින් කරන්නේ රාජකාරියක් ඒ උසස් නිලධාරීන්ට අණදුන්නේ කවුද ? ඔහු සොයා දඩුවම් දෙන්න.
මෙම නිලදාරින්ට අණ දුන්නේ කවුද? ඒ අය හෙළි කල යුතුයි.
මෙම නිලධාරින්ට නිවැරදිව රාජකාරිය ඉටු කිරීම විශේෂයෙන්ම පොලිස් නිළදාරීන්ගේ වගකීමකි. මොවුන් අපරාදයකට උදව් කරානම් නිසි දඩුවම් දිය යුතුය. මෙම උසස් නිලධාරීන්ට අණදුන්නේ කවුද ? ඔහුද සොයා හිටපු තනතුර හෝ ඔහුගේ සම්බන්දකම නොතකා අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුය.
සනත් මහත්මා ඔබගේ තර්කය ඉතා වැදගත්. හැබැයි ඒ අපි වගේ වැඩකට නැති මෝඩයො ඉන්න රටකට නෙවෙයි.
ඉතින් ඔය ඉහලින් දෙන නියෝග අනුව කටයුතු නොකළා නම් ඒ දවස්වලම එම උසස් නිලධාරීන්ගේ වාහනවලට වෙනත් වාහන , ගස් ,ගල් ඇවිත් හැප්පිලා, රියදුරන්ට නින්ද ගිහිල්ලා ප්‍රපාතවලට වැටිලා , ගිනිඅරගෙන පත්තර පිටු පිරෙන්න කතන්දර බලන්න තිබුනා. එහෙම වෙලා සාක්ෂි යට ගිය ඒවා ඕනෑ තරම් තියෙනවා නේ. දැන් ඒවා එලියට එන්නේ නැති වුනාට ඒවා ගැන දන්නා උදවිය රැකිලා ඉන්නවා නේ.
පරීක්ෂණ උඩ එනවා, යට යනවා
වතුර බස්සන්න පහසුම පහත තැනකින්
මේක අපිට පෙන්නේ බොරුවක්. මේ අවුරුදු 3 දී කී දෙනෙකු උසාවියට දමා නිදහස් කලේද. මෙය දේශපාලන ගේම් එක්ක. තව අවුරුදු කීයක් මෙසේ යයිද.
මේ, සනත් උන්නැහේ. පොලිස් නිලධාරියා තියා කවුරු වුණත් නීතියට පටහැනිව කටයුතු කරන්න බැහැ. පොලිස් නිලධාරියා මහජන (රජයේ) සේවකයෙක් මිස දේශපාලයන්ගේ අතකොළුවක් නොවෙයි. දේශපාලකයන්ට නිලධාරීන් ගැතිකම් කරන්නේ වරප්‍රසාද ලබාගන්න! ඒ නිසා දේශපාලකයන්ට ඕනෑ විදිහට අවිනීත වැඩ කරන අයට දැඩි දඬුවම් ලබා දිය යුතුයි.
නීතිය ලොක්කන්ට ඕනෑ විදියට නමන්න ගිහින් අන්තිමේට හිරේ යන්න වෙන්නේ සොක්කන්ටයි. මේවා හොඳ පාඩම් අනිත් රජයේ සේවකයින්ටත්....
මේක රාජපක්ෂවරු, ඡන්දකාලෙට පාලනය කරන්න කරන දෙයක්. එහෙම නැත්නම් මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු 3ක් වෙනවා. මේ පොලිස් නිලධාරීන්ගෙන් මේ වනතෙක් ප්‍රශ්න කරන්න බැරි වුණේ මොකද? අගමැතිතුමා මේ ගැන 2015 ට කලින් චෝදනා කලේ හිටපු හමුදාපතිටයි. අද ඒ ගැන කවුරුවත් කතාකරන්නේ නැහැ .
පොලිස් සේවයේ ගෞරවය මේ තරු පටි කාරයෝ කෙලෙසලා නේද? දේශපාලකයින්ට අවනත නොවී කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරන්න පුළුවන්නම් පමණක් පොලිස් සේවය තෝරාගන්න ඕනේ .. මේවගේ පීචන් වැඩ කරලා පොලිස් සේවය කුණු කුඩයට නොදමා ..ලැජ්ජයි හලෝ..
ලොක්කා බයේ රට ගොස් සිටින අතර පොඩ්ඩෝ පොලිසි ගානේ රස්තියාදු වෙති.
මේ සිද්ධියට වගකිවයුතු 1 වේදිකාවල මේ දවස්වල බයිලා කියයි 2 ඇමරිකාවේ සැප ගනීවි 3 අහිංසක නිලධාරින් හිරේ මේක ට තමයි කියන්නේ රටේ නීතිය බලවතාගේ උවමනාව කියලා.
මේ සිද්ධියට සම්බන්ධ අය මුළු ලෝකෙම දන්නවා.. මෙව්වා විහිළු...
සනත් ඔබලා වැනි හය හතර නොතේරෙන දරුවන් නිසා තමයි ශ්‍රී ලංකා පොලිසිය කිසිම හිරිකිතයකින් තොරව රාජකාරියක් හැටියට මිනිස් ඝාතන සිදු කලේ.