(නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
ශ්‍රි ලංකාවේ 70 වෙනි නිදහස් සැමරුම් උත්සවය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ශ්‍රි ලංකාවට සම්ප්‍රාප්ත වී සිටින දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ පුත් එඞ්වර්ඞ් කුමරු හා එම ආර්යාව අද දින නුවරඑළිය පිහිටි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා පිහිටුවා ඇති මෙන්කැෆේප් පාසල නිරීක්ෂණය කිරීමට එක් වූහ.
මෙන්කැෆෙප් ආයතනයේ නිර්මාතෘ ආචාර්ය ක්‍රිස්ට් ස්ට්‍රබ්ස් මහතා හා රංජි ස්ට්‍රබ්ස් යන යුවලගේ ආරාධනා පරිදි නුවරඑළියේ මෙන්කැෆෙප් ආයතනයට පැමිණි රාජකීය එඞ්වර්ඞ් කුමරා හා සොෆි රයිස් කුමරිය දෙදෙනා පැයක පමණ කාලයක් මෙන්කැෆ් ආයතනයේ සෙවන ලබන දුදරුවන් සමඟ ගත කර ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකීය භාර්යාවන්ගෙයි, අපේ දේශපාලකයන්ගේ අාර්යාවන්ගෙයි වෙනස ඕකයි.
සුද්දන්ට බැන්නට සුද්දා හරි හොඳයි. අපි තමයි ගුණමකු ජාතිය.. අර ළමයින්ට ඔළුවේ මල් දාලා ලස්සනට ඇඳුම් අන්දවලා .. මම හිතන්නේ මේක එදාට විතරක් ළමයින්ට හොඳ ඇඳුම් අන්දවලා...
බොරු සොබන... ලන්ඩන්වල එහෙම ඔහොම කරන්න දෙන්නේ නැහැ.
දයාල් කියන්නේ ලන්ඩනයේ නගරාධිපතිද නැත්නම් අයිතිකාරයාද? කොහොම වුණත් ඔය වගේ බලධාරී තත්වයක් ඔබට තිබීම අපට ආඩම්බරයක්!
අමතක නොකර දියවන්නාවට යන්න කියන්න.. එහේ ඉන්න කට්ටියට විශේෂ අවශ්‍යතා ගොඩක් තියනවා.
ඔබ දෙපලගේ ක්‍රියාව අති විශිෂ්ඨයි. අපේ පාලකයින් ඔවැන්නක් තිබේද කියාවත් නොදනී..
දයාල් ඒ ගැන හොඳටම දන්නවද?