ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීමෙන් රජයට රුපියල් කෝට් 1140 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවෙන් තමා ඇතුළු පිරිස නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබූ ප්රතිචෝදනා අයදුම්පත කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් නිශ්ප්‍රභා කරන ලදී.
මෙම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් වරයා ගත් තීන්දුවෙන් විත්තිකරුවන්ට අගතියක් නොවන බව සඳහන් කළ විනිසුරු ඒ අනුව අදාළ ප්රතිශෝධන අයදුම්පත නිශ්ප්‍රභා කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔබට අවස්ථාව ඇත ලංකාවට පැමිණ ඔබගේ නිර්දෝෂිබවය ඔප්පුකිරීමට.
ජනාධිපතිගේ කඩුව දැන් වැඩ කරන්න පටන් ගත්ත වගේ පෙන්නේ.
ඒක මාර කතාවක්නේ. ඇවන්ගාඩ් සමාගම නැව්වලට ආරක්ෂාව සැපයීමට ප්‍රථම රජය විසින් නැව්වලට ආරක්ෂාව සැපයීමේ සේවාවක් කරගෙන ගියානම් රජය කල එම සේවාව පුද්ගලික සාමගමකට දීම වරදක්. කොහොම නමුත් රජය කල ව්‍යාපාර පුද්ගලික අංශයට දීපු පලවෙනි වතාව මෙය නොවෙයි. රක්ෂණ සංස්ථාව පුද්ගලික අංශයට දුන්නා. සතොස දුන්නා එහෙමනම් මොකද මේ ඇවන්ගාඩ්?
ඔය කඩුව ඉතින් කැලේ කපන අයටවත්, බැංකු මංකොල්ල කන අයටවත් වැනෙන්නේ නැහැනේ. රාජපක්ෂ පවුලට විතරක් වැනෙනවා.
පෝලිමේ ගන්න. පවුල් පිටින් රට කාපු ඉන්න බවට සාධාරණ සාක්ෂි තිබේ නම් හොරුන්ට , අපරාධකාරයින්ට , ඒ වගේම වාර්ගික භේද අවුස්සන අවස්ථා වාදීන්ට කිසිම අනුකම්පාවක් පෙන්විය යුතු නැහැ.