ලහිරු හර්ෂණ
ශ්රී ලංකන් එයාලයින් සහ මිහින් ලංකා සමාගම් වල සිදුවී ඇතැයි කියන වංචා සහ දූෂණ ගැන සෙවීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද අත්සන් තබා තිබේ.
එම ගැසට් නිවේදන දෙක අද රාත්රී නිකුත් වීමට නියමිතය.
ප ඬුවස්නුවරදී දැන් පැවැත්වෙන ශ්රීලනිප ඡන්ද ප්රචාරක රැලියක් අමතමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව ප්රකාශ කළේය. ‘මම දැන් එන්න කළින් වැඩක් දීලයි ආවේ. ශ්රී ලංකන් සහ මිහින් ලංකා ගැන ජනාධිපති කොමිසම පිහිටුවන ගැසට්පත්රයට අත්සන් කරලයි ආවේ.‘ යැයි ජනාධිපතිවරයා කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය රජය සමයේ මෙම ආයතන වල වංචා සහ දූෂණ සිදුවූ බව යහපාලන රජය බලයට පැමිණි පසු පත්කළ කමිටුවකින් සොයාගනු ලැබුවා. අවුරුදු 3ක් කිසිම ක්රියා මාර්ගයක් නොගෙන බුදියගෙන ඉදලා ඡන්දයක් ලං වුනාම වැඩක් දෙන්න හිතිලා. අනේ අපි කරගත්තු ගොන්කමක්.
සයිටම් කොමිසමකුත් දැම්මා තවත් හොඳයි.
පහුගිය දවස්වල එලියට ගත්ත කඩුවට මොකද වුනේ
පසුගිය රජයේ සිටි කැබිනට් මණ්ඩලය මේවාට වග කියන්න ඕන. මේවා වෙනකල් බලා හිටියේ ඇයි?
මෙයත් වාර්තාව කලඑළි දකින්න කලින් පාර්ලිමේන්තුව විසුරුවයිද? එජාප හොරුනුත් අහුවුණු ගමන් පාර්ලිමේන්තුව අහෝසියි.
තමාගේ වසළ බව ඔප්පු කර හමාරයි. ජනපතිකමට සුදුසු නැත. අවුරුදු තුනට කල විනාශය නම් ඇති. බෙරිහන් දුන්නාට වැඩක් නැත. පුළුවන් නම් රට වෙනුවෙන් පුංචි දෙයක් කරලා පෙන්වනවා. ගොන් පාට් වැඩක් නැහැ. ගෙදර මිනිස්සු කරන හොරකම් සොයා බලන්න. නැත්නම් කොහොමද තරු හතේ හෝටලයක් හදන්නේ?
ජනාධිපතිතුමෝ, මේ ඉහත අය කියල තියෙන අදහස් ඇත්ත... මොකද ඔබතුමා දැන් කියන දේවල් මහජනතාව විශ්වාස කරන්නේ නැහැ. අවුරුදු තුනක් නොකළ දේවල් දැන් කරන්නේ මොකද කියලා පොඩි ළමයෙක් වුනත් දන්නවා. දැන් කල හැකි එක දෙයක් තියෙනවා. ඔය පෙරහරේ යන පැනපු හොරුටික කඩුව පාවිච්චි කරලා කපල දාන්න. ඒවාට කොමිසම් ඕන නැහැ. එතකොට මහජනතාව ඔබතුමාව විශ්වාස කරයි. මොකද හොරුත් එක්ක ආයි ආණ්ඩු හදල වැඩක් නැහැ.
අර `සිරිලිය` කේස් එක, `සුනාමි සල්ලි` පිල්ලි ගහපු කේස් එක... හොර පාස්පෝට්, හොර උප්පැන්න කේස් එහෙමත් ඉක්මනට එළියට ඇද්දොත් නරකද උතුමාණනි? කොහොම වුණත් ඕවා අදින්නේ නැතුව බකන් නිලාගෙන ඉන්න අතරේ බැරිවෙලා හරි ඔක්කොම කණපිට ගැහුවොත් තමයි !!!
මොවුන්ම හොරකම් කරලා මොවුන්ම කොමිසන් පත්කරනවා. පුදුම රටක් නේද?
ශ්රීලන්කන්, මිහින් ලංකා මොන තරම් පාඩු වුනත් ජනතාව පැත්තෙන් නම් ඉතා අඩු මුදලකට හොඳ ආහාර වේලක් සමග පිටරටවල් වලට ආවා ගියා. ඒ දවස්වල ඔය කට්ටියම කිව්වා පිටරටවල්වල දුවපු පරණ ගුවන් යාන කුලියට අරන් මිහින් ලංකා හදන්නේ කොයි මොහොතේ කඩා වැටෙයිද කියන්න බැහැ කියලා. එක ගුවන් යානාවක්වත් කඩන් වැටුනද ?
ඒ කාලේ සිරිසේන මහත්තයත් කැබිනෙට්ටුවේ හිටියා නේද?
වැඩකට නැති කොමිෂන් පත් කරලා ලෝක වාර්තාවක් තිබ්බා නම්, ඒ අපේ රටේ විධායක ජනාධිපති ඔබ තුමාම තමයි. වාසනාවට, වෙන කවුරුත් නැහැ ඒ ඔබ තුමාම තමයි.
හරියට හරි එතුමාත් කැබිනෙට්ටුවේ ජේස්ටයෙක් . පක්ෂයේ ලේකම් . ලෝකයටම පුදුමයි මන් හිතන්නේ .