කියුබාවේ හිටපු විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ පුත්‍රයා වන 68 හැවිරිදි කැස්ත්‍රෝ ඩයස් බැලරට් හවානාහිදී මරණයට පත්වී ඇත. “ෆෙඩලිටෝ“ යන නමින් ජනප්‍රියව සිටි මොහු සියදිවි හානි කරගෙන ඇත අතර ඔහු විෂාදය නම් රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙකි.
ෆිදෙල් කැස්ත්‍රෝෙග් වැඩිමහල් පුතු වන මොහු කියුබානු රජයේ උපදේශකවරයෙකු වශයෙන් ද න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් ද සේවය කර ඇත.
මියයන විට කියුබානු විද්‍යා ඇකඩමියේ උප සභාපති ලෙසද සේවය කරමින් සිටියේය.
1980 - 1992 කාලයේ කියුබානු ජාතික න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානියා ලෙස කටයුතු කල මොහු න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවීම කෙරෙහි පෙරමුණ ගෙන කටයුතු කළේය.
ඔහුට ප්‍රතිකාර කල වෛද්‍යවරු පවසන්නේ කැස්ත්‍රෝ ඩයස් බැලරට් දීර්ඝ කාලයක් තිස්සේ විෂාදය රෝගී තත්ත්වයෙන් බරපතල ලෙස රෝගී වී සිටි බවයි.
(රොයිටර් ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවීම කෙරෙහි පෙරමුණ ගෙන කටයුතු කිරීම නොකළ යුතු රැකියා වලට අයත් බව මගේ වැටහීම වේ.