සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ වැදගත් සාක්කි නීත්‍යනුකූල නොවන ලෙස ලබා ගත් උසස් පොලිස් නිලධාරීන් තිදෙනකු ගැන විමර්ශන අරඹා ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
රහස් පොලිසියෙන් අද අත්අඩංගුවට ගත් ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා හරහා මෙම උසස් පොලිස් නිලධාරීන් එම සාක්කි ලබා ගෙන ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයක් පැමිණි වාහනයේ අංකය සහිත ලේඛණයක් ද එලෙස ලබා ගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
අද අත්අඩංගුවට ගත් හිටපු පොලිස් පරීක්ෂකගෙන් අනාවරණය වූ තොරතුරු අනුව පොලිස් ප්‍රධානීන් තිදෙනකු ගැන විමර්ශන සිදු කෙරන බව රහස් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ඇමක් නොවී මිනීමරුවන්ට දඬුවම් ලබාදීම ඉතාමත් වැදගත්... හැබැයි නියම මිනීමරුවන් අනාවරණය වෙයිද? මොකද මේ හැම ඝාතනයක්ම රෙජීමය විසින් කරන ලද්දක් බව කුප්‍රකට රහසක්...
මෙයාලට ලසන්ත, තාජුදින් වගේ උදවියගේ පරීක්ෂණ මතක් වෙන්නේ ඡන්දයක් ලංවෙනකොට. මේවයේ පරීක්ෂණ තවම කෙරෙනවා කියන්නේ 2015 ඡන්දවල කරපු චෝදනා බොරු. ඒ වගේම මෙයාල කරනවා කියපු සංවර්දන වැඩ කෙරුනෙත් නැහැ. ඒ වුනාට කියන්නේ ආර්ථිකේ හදල ඉවරයි. දැන් තියෙන්නේ සංවර්දන වැඩ කරන එක. කටින් නම් වැඩ කෙරෙනවා , ප්‍රායෝගිකව නැති වුනාට .