ආරියරත්න රණබාහු
2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වූ කාලපරිච්ඡේදය තුළදී ශ්‍රි ලංකන් එයාර් ලයින්ස් සමාගම , සී/ස ශ්‍රි ලංකන් කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිඳු කරන ලදැයි සඳහන් වන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම පත් කළේය.
ඊට අදාල ගැසට් නිවේදනයට අද (02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබීය.
මෙම කොමිසමේ සාමාජිකයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමලත් විනිශ්චයකාර අනිල් ගුණරත්න , අභියාචනාධිකරණයේ විනිශ්චයකාර ඇතාඋඩ ආරච්චිගේ ගාමිණි රෝහන් අමරසේකර , මහාධිකරණයේ විශ්‍රාමලත් විනිශ්චයකාර පියසේන රණසිංහ , විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති මල්ලවආරච්චිගේ දොන් ඇත්තනි හැරල්ඩ් , ශ්‍රි ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමික්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් වසන්තා ජයසීලි කපුගම යන මහත්ම මහත්මීන් ජනාධිපති විසින් පත් කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාදිපතිතුමනි 2008 සිට 2018 දක්වා සියලු හොරකම්, මිනීමැරුම්, වංචා සියල්ල හෙළිකර චූදිතයින්ට දැඩි දඬුවම් දෙන්න. ඔබතුමාට ජයවේවා.
කොමිෂන් පත් කරන්නා වගේම ඒවා සක්‍රීයව පැවැත්වීමත් කොමිෂන්වල කටයුතු කල්ප ගණන් ඇදගෙන යාමට හේතුවන දුෂ්කරතා ඉවත් කරදීමත් සිදුවිය යුතුය. එසේම මේ දූෂණ හා අල්ලස්වලට සම්බන්ධ අයගෙ පළමුවෙන්ම ගමන් බලපත්‍ර කොමිෂන් භාරයට ගතයුතුය. දේපොළ රාජසන්තක කළ යුතුය. මුදල් ගිණුම් අක්‍රීය කළ යුතුය. මේ අයට රජයේ මුදල් මේ විධියට මංකොල්ල කාලා තියාගෙන ඉන්න පුලුවන් නම් කොමිෂමටත් පුලුවන් වෙන්න ඕනේ මේ අය හොරුද නැද්ද යන්න තීරණය වනතුරු ඒ සියල්ල තහනම් කිරීමට. නැතිනම් ඉතිං නඩු අහල ඉවර වෙනකොට ඔක්කොගෙම පණ ගිහිල්ල තියේවි. වැරදි කරුවන්නම් උපරිම දඩුවම් දිය යුතුය.
දුෂණ වංචා වලට විරුද්දව හදීසි අවදි වීම මැතිවරණය ඉලක්ක කරගෙන බව ඉතා පැහැදිලියි.
පහුගිය කාලේ ඕවා පත්කරන්න ගියේ නැත්තේ බැඳුම්කරේට හිලව්වට තියා ගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන හිටපු නිසාද?
අන්න අල්ලනවා නම් නියම හොරකම්, එමිරේට්ස් විසින් ලාභ ලබපු ශ්‍රීලන්කන් සේවය තමන්ගේ පුද්ගලික සේවයක් කරගත් අයට දඬුවම් ලබාදිය යුතුයි.
මාවත් එකතු කර ගන්න. මටත් පුළුවන් හොඳට වැරදි හොයන්න.
ජනපති තවත් මහා නාට්‍යයක්... රූපවාහිනියෙන් දක්වන එක ඉර හඳ වගේ, ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල් වී ඇන්දෙන්න බලා ගෙන හිටින්න !!
තමන්ගේ පුද්ගලික සුඛ විහරණය වෙනුවෙන් ශ්‍රීලංකා ජාතීන්ටම පාඩුවක් කල අයට දඬුවම් කරමු.
විදේශගත ශුමිකයන්ගේ සල්ලි ගැනත් හොයන්න්න. දහදුක් විදලා මෙරටට එවපුවා. පහළ සිට ඉහළටම හොයා දැඩි දඩුවම් දෙන්න.
දැන් බැලින්නම් 2015 ජනවාරි මාසයේ කරලා තියෙන්නේ හිටපු ජනාධිපති තුමාව අයින් කරලා පක්ෂයේ බලය ඇල්ලීමේ මෙහෙයුමක් . ඕනනම් බලන්න දුෂණ සෙවීමේ කොමිසම වැඩිම වුනොත් වාහන අවබාවිතා නඩු කීපයක් ගොනු කරයි.