ඩයනා උදයංගනී
ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් ලෝකයේ රටවල් 118ක අනිද්දා (4) දිනයේදී සැමරුම් උත්සව පැවැත්වෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ එම රටවල පදිංචි ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධානවල සහයෝගයෙන් මෙම උත්සව සංවිධානය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන නිඳහස අපිට ලැබුනේ නැත්නම් අද අපේ රට සිංගප්පුරුව, හොංකොං වගේ දියුණු, උගතුන්ගෙන් පිරුණු රටක්.
එම රටවලත් නිදහස් උත්සවවල බිල්ගේට් වත් නොදන්නා "ලැප් ටොප් - කුළුනැටුම" ඉදිරිපත් කරනවද?
සියලුම දේශපාලකයින් රටේ සම්පත් මංකොල්ල කෑවා. හොරකම් කලා. ධනය විනාසකලා. 2000න් පසු හිරිකිතයෙන් තොරව කොල්ල කෑම වේගවත් කලා. දේශපාලකයන් රටේ සාරය උරාබිව්වා. කවදාහරි දවසක... රටට ඇත්තටම ආදරය කරන ශක්තිමත් නායකයෙක් බිහිවේවා.! එදාට අපි නැතිවුණත් අපේ පැතුම් මේ ලක්පොලොවේ අහසේ කොහේ හෝ රැඳී තිබේවි..
ඡන්දේ තියන්න තිබුණෙත් හරියටම නිදහස් දිනයේ. එහෙනම් නිදහසේ සතුට හොඳටම භුක්ති විඳින්න තිබුණා අපට...
ලංකාවේ ලැප් ටොප් ඩාන්ස් එක .... අනික මේ අය ඒක අරන් නටන්නේ, ඒක හැදුවා වගේනේ. තමන්ගේ රටේ ජාතික උත්සවයක්වත් කරගන්න දැනුමක් නැහැ. තුන්වැනි ලෝකයේ රටක් වෙලයි තියෙන්නේ..
ඔව් ඉතින් 1000 ක් වියදම් වුනොත් ලක්ෂයක් වියදම් වුණා කියා ගහගනියි. නිදහසට පින්සිදු වෙන්න...
අභිමානවත් නිදහස? බම්බුව. ලෝකෙටම ණයවෙච්ච හිඟන ජාතියක් වන අපිට මොකක්ද තියන නිදහස? අභිමානය? නිදහස උපරිම මට්ටමින් තියනවා දේශපාලුවන්ට සහ උන්ගේ ඇම්බට්ටයන්ට!