( තිළිණි ද සිල්වා )
හැත්තෑ වන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා සහභාගි වීමට මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු පිළිගැනීමේ දී අනුගමනය කළ යුතු බවට කරුණු කිහිපයක් ඇතුළත් කරමින් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ වන ප්‍රචාර අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
විශේෂයෙන්ම දැනට සංසරණය වෙමින් පවතින " බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව " විසින් නිකුත් කළේ යැයි පැවසෙන උපදෙස් මාලාව ඇතුළත් ලියැවිල්ල, ව්‍යාජ එකක් බවට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අද (02) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
‘‘බ්‍රිතාන්‍ය රාජකියයන් පිළිගැනිමේ කමිටුව“ නැමැති කමිටුවක් විසින් නිකුත් කර ඇති අදාළ ප්‍රකාශය ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ විවිධ පුද්ගලයින් විසින් පළ කර තිබිණි.
විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හෝ එවැනි කමිටුවක් පිහිටුවා නොමැති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා සීනිව්ස් එකටමයි මේක දාල තියෙන්නේ...
අම්මෝ මේ බොරුව දම දමා පොහොට්ටු අරගෙන වන්දනාවේ යන කට්ටිය ගත්ත දේවල්!!! පව් අප්පා..
එඩ්වඩ් කුමරුනී සිංහල කියවන්න පුලුවනිනම් කියවා බලන්න අපේ මිනිසුන්ගේ වැඩ කිඩ
ඕවා කොහොම වුනත් එඩ්වඩ් කුමරු පුදුම වෙයි මේ රටට ලැප්ටොප් ඇවිත් තියෙන්නේ 2018දී කියලා
රට විනාශ කල නිදහස නැති කරපු අය ගෙන්නලා නිදහස සැමරීම රටෙහි නිදහස නැති කරන, රට විනාශ කරන අයගේ වැඩ බව අපි දන්නවා.. නිවට, නීච, වසළ ආණ්ඩුවක්...
කොහොම නමුත් ලැප්ටොප් නැටුම නවතා දමා ඇත. අපි වගේ හිතන මිනිසුන් තවම මේ රටේ ජීවත් වෙනවා අපෙන් පස්සේ මෙරටට වෙනදේත් අපි දන්නවා. අනේ පව් මේ රටේ මිනිසුන්ගේ අනාගතය...
ඇත්ත එලි වෙනකොට කතාව වෙනස් වෙලා ලියපු ලියුම් බොරු වෙනවද?