(විනීතා එම් ගමගේ)
ගල්ගමුව, මාදම්පේ සහ පිටකෝට්ටේ පාසැල් තුනක විදුහල්පතිවරුන්ගේ නොසැලකිල්ල නිසා ගුරුවරුන්ට තැපැල් ඡන්දය අහිමි වී ඇතැයි ලංකා ගුරු සංගමය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
මෙම පාසැල් තුනෙහි විදුහල්පතිවරුන්ගේ ක්‍රියාකලාපය නිසා ගුරුවරුන් සියයකට අධික පිරිසකට ඡන්දය අහිමි වී ඇති බැවින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත පැමිණිලි කළ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
ගල්ගමුව යූ බී වන්නිනායක ජාතික පාසැලේ තැපැල් ඡන්දය අයදුම්කළ ගුරුවරුන් 60 දෙනෙකුගේ අයදුම්පත සහතික කිරීමේ නිලධාරියා වන විදුහල්පතිවරයා විසින් ප්‍රමාද කර යැවීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප වී ඇත.
මාදම්පේ සේනානායක ජාතික පාසැලේ ගුරුවරුන් 27 දෙනෙකුගේ තැපැල් ඡන්ද අයදුම්පත් එහි විදුහල්පතිවරයා විසින් වැරදි තැනක අස්සන් කොට යැවීම නිසා ප්‍රතික්ෂේප වී ඇතැයි ද ස්ටාලින් මහතා පැවැසිය.
පිටකෝට්ටේ සී එම් එස් බාලිකා විද්‍යාලයේ ගුරුවරුන්ටද විදුහල්පතිවරයාගේ නොසැලකිල්ල නිසා ඡන්දය අහිමි වී ඇතැයි පැවසූ ගුරු සංගම් ලේකම්වරයා මේ සියලුම ගුරුවරුන් මැතිවරණ රාජකාරි සඳහා යොමු කර ඇති බැවින් ඔවුන්ට ඡන්ද අයිතිය අහිමිවී ඇතැයි ද පැවැසීය.
මේ නිසා මෙකී විදුහල්පතිවරුන් ගැන පරික්ෂණ පවත්වන්නැයි ඉල්ලමින් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළ බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දය අහිමි කිරීම බරපතල වරදකි. විදුහල්පතිවරුන් සේවයෙන් නෙරපන්න. ඔවුන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන්න...