පාතාලේ දෙන්නෙක් තලවතුගොඩදී කොටුවෙති තලවතුගොඩ ශාන්තිපුර සුඛෝපභෝගී නිවසක් වටලා දකුණේ ප්‍රබල පාතාල සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය පවසයි. 10 November 2017
නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයකුගේ වැඩ තහනම් විභාග දෙපාර්තුමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ රාජකාරී වැඩ අද (10 ) සිට තහනම් කර ඇත . ඒ සිය රාජකාරි වගකිම පැහැර හැරිම සහ විෂමාචාර චෝදනා කිහිපයක් හේතුවෙනි . 10 November 2017
ටී 56 ගිනි අවියක් ළඟ තබා ගත් අයෙක්ට සිරදඬුවම් ටී 56 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකුට ජිවිතාන්තය දක්වා සිරදඬුවමක් ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (10) නියම කළේය. 10 November 2017
හොරෙන් සල්ලි රට පන්නන්න හැදු 4 ක් අත්අඩංගුවට නිතීරෝධීව රුපියල් තුන්කෝටි විසිතුන් ලක්ෂ තිස්පන්දහසක් වටිනා ඇමෙරිකා ඩොලර් 208,000ක් මෙරටින් රැගෙන යාමට උත්සහ කළ මැලේසියානු ජාතිකයන් 4 දෙනෙක් කටුනායක ගුවන්තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. 10 November 2017
කොළඹ-නුවර මග ඉලුක්වත්තෙන් අවහිර කරති අඹගස්තැන්න මාර්ගය පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් එහි ප්‍රදේශවාසීහු පිරිසක් මහනුවර කොළඹ මාර්ගය ඉලුක්වත්ත ප්‍රදේශයෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වූහ. 10 November 2017
වැරදිකරු වී අධිකරණයේදී වස බොයි මීනී මැරීමට තැත් කිරීමේ චෝදනාවකට වසර පහක බරපතල සිරඳඩුවමක් ලැබුණු වැරදිකරුවකු අද (10) ගම්පහ මහාධිකරණයේ සිර මැදිරියේදී වස පානය කළේය. 10 November 2017
තොරතුරු කොමිසමට මාසයක් තිස්සේ සතයක්වත් නෑ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ස්ථාපිත කරන ලද තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ වැඩ කටයුතු පවත්වාගෙන යෑම සඳහා ඔක්තෝබර පළමු වැනි දා සිට කිසිදු මුදලක් ලබා දී නැතැයි ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 10 November 2017
ගාමිණි සෙනරත් ඇතුළු තිදෙනා උසාවියට බාරවීම ප්‍රතික්ෂේප කරති හම්බන්තොට හයට් රිජෙන්සි හොටෙල් ව්‍යාපෘතිය සඳහා නීති විරෝධී ලෙසින් රුපියල් බිලියන 4ක් යොදවා රජයේ මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත් මහතා 10 November 2017
ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ගයේ වළකට වැටී දරුවෙක් මරුට ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ කණින ලද ජලය පිරී තිබූ වළකට වැටීමෙන් බෙලිඅත්ත මහා විද්‍යාලයේ 07 වැනි වසරේ සිසුවකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 10 November 2017
බඹරු නිසා උඩරට දුම්රිය ප්‍රමාද වෙයි වටවල දුම්රිය ස්ථානයේ බඹර කුඩුවක් ඇවිස්සීම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා පොඩි මැණිකේ සහ උඩරට මැණීකේ දුම්රිය තරමක් ප්‍රමාද කළ බව වටවල දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසීය. 10 November 2017
දෙදිනකට පෙර මිය ගිය අම්මා සමඟ සිටි දියණියක සොයා ගනී අම්බලංගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් අයුරින් මියගිය එක් දරු මවකගේ මළ සිරුර හා ඒ අසළ නිරුපද්ද්‍රිතව සිටි අවුරුදු එකහාමරාක් වයසැති දරුවකු අද (9) රාත්‍රියේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. 09 November 2017
නිධානයකින් ග්‍රෑම් 300ක මැණිකක් මතුවේ නවගත්තේගම වන්නියාගම රක්ෂිතයේ නිධානයකින් ලබා ගත් බව කියන ග්රැම් 300 ක බරකින් යුත් නිල් මැණිකක් නවගත්තේගම පොලිසියේ නිළධාරින් කන්ඩායමක් සොයාගෙන තිබේ. 09 November 2017
රජයේ තීරණය අධිකරණයට දැනුම් දෙන්නයි වෛද්‍යවරු කියති ‘සයිටම්’ අහෝසි කරන බවට රජය ගෙන ඇති තීරණය හා ඊට හේතු වූ කරුණු ද සහිතව මේ මස 13 වැනිදාට පෙර නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට දැනුම් දීමට පියවර ගත යුතු බවත්, එසේ නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 09 November 2017
මට්ටක්කුලිය හිටපු පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් කූඨ ලේඛන සකස් කළැයි කියන සිද්ධියකට අදාළව මට්ටක්කුලිය පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (09) නියෝග කළාය. 09 November 2017
‘නෙවස්කා ලේඩි‘ නැවෙන් ගෙනා පෙට්‍රල් බෙදා හැරීම ඇරඹෙයි පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු අද (09) පස්වරුවේ සිට ආරම්භ කෙරුණු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ‘ලංකාදීපයට‘ පැවසීය. 09 November 2017
කොළොම්බියාවෙන් කොකේන් ටොන් 12ක් ටොන් 12කට වැඩි කොකේන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කොළොම්බියානු පොලිසිය සමත් වී ඇත. 09 November 2017
මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ගන්නැයි ඉල්ලයි සෑම පාර්ලිමේන්තු මන්ත්රිවරයකුගෙන්ම වෙනත් රටක පුරවැසිභාවයක් නොමැති බවට සඳහන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට පැෆරල් සංවිධානය කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 09 November 2017
විදේශ දුම්වැටි සමඟ චීන්නු පහක් දැලේ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා විදේශ දුම්වැටි තොගයක් සහ චිනයේ නිෂ්පාදිත දුම්කොළ මිශ්‍ර දුම්කුඩු කිලෝ 03ක් නීති විරෝධි ලෙස ගෙන ආ බව කියන චීන ජාතිකයින් පස්දෙනකු අද (09) අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය පවසයි. 09 November 2017
උතුරු- නැගෙනහිර පළාත් වලට තද වැසි දිවයිනට ඊසාන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වලට ඉදිරි දින කිහිපයේදී තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 November 2017
මහින්ද ඇතුළු ඒකාබද්ධයේ පිරිස පාපැදියෙන් පාර්ලිමේන්තුවට තෙල් අර්බුදයට විරෝධය දක්වමින් හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පාපැදිවල නැගී මීට සුළු මොහොතකතට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. 09 November 2017
හෙරොයින් ළඟ තබාගත් 5 කට සිරදඬුවම් හොරොයින් ග්‍රෑම් 6.5 ක් ළඟ තබා ගත්තැයි චෝදනාවට වරදකරු වු මාළිගාකන්ද පදිංචිකරුවන් 5 දෙනෙක්ට ජිවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (9) නියෝග කළේය. 09 November 2017
‘අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධුරය නමට පමණයි‘ තමන්ට ලැබී ඇති රාජ්‍ය අමාත්‍යධුරය නමට පමණක් ලැබී ඇති බවත් කිසිදු වැඩක් කිරීමට නොහැකිව තමන් දැඩි කළකිරීමට පත්ව ඇති බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා පවසයි. 09 November 2017
අයවැයෙන් දෙවැනි තැන අධ්‍යාපනයට අයවැයෙන් රාජ්‍ය ආරක්ෂාවෙන් පසු ප්‍රධාන තැන හිමිවී තිබෙන්නේ අධ්‍යාපනයට යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) මොරටුවේදී පැවසීය. 09 November 2017
‘ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන්ට සිර දඬුවම් දිය යුතුයි‘ ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරු තවත් පාර්ලිමේන්තුවේ සිටින්නේ නම් ඔවුන්ගේ මන්ත්රීභාවය අහෝසි කිරීමෙන් නොනැවතී සිර දඬුවම් දිය යුතු යැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. 09 November 2017
‘මාගම්පුර වරායේ කටයුතු ජනවාරි 18ට පෙර‘ හම්බන්තොට වරායේ නව පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන දිනය දෙසැම්බර් අටවැනිදා ප්‍රකාශ කළ හැකි බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. 09 November 2017
ගිනි අවියක් සමඟ තුනක් සැකපිට විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් සමඟ සැකකරුවන් තිදෙනකු වැලිමඩ දිවිතොටවෙල ප්‍රදේශයේ දී අද (9) අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය කියයි. 09 November 2017
පුදුකුඩුරිප්පු බස් අනතුරින් ඇඟලුම් සේවිකාවන් 24 ක් රෝහලට මුලතිව් පුදුකුඩිඉරිප්පු වට්ටාපලෙයි ප්‍රදේශයේදී අද (9) පෞද්ගලික බස් රථයක් ගසක වැදීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් බස් රථයේ ගමන්ගත් ඇඟලුම් සේවිකාවන් 24 ක් රෝහල් ගත කළ බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි. 09 November 2017
ගාමිණි සෙනරත් අධිකරණයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා නිතිඥයකු මාර්ගයෙන් අද (9) අධිකරණයට ඉදිරිපත් විය. 09 November 2017
මාස 10කට පසු පන්ති වර්ජනය අවසන් මාස 10කට අධික කාලයක් පුරා පැවැති වෛද්‍ය පීඨ ශිෂ්‍ය පන්ති වර්ජනය අවසන් කර සඳුදා සිට යළි දේශනවලට යෑමට තීරණය කර ඇතැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රිකාකාරී කමිටුවේ ආරංචි මාර්ග කියයි. 08 November 2017
මාරාන්තික උපවාසය නතර කරයි සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය ආරම්භ කළ මාරාන්තික උපවාසය මීට ටික වේලාවකට පෙර නතර කරනු ලැබීය. 08 November 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026