තෙල් නැතිව ඇමැති මණ්ඩලය ඇවිලෙයි ඛනිජතෙල් අර්බුදය හේතුවෙන් අද දහවල් පැවැති කැබිනට් රැස්වීමද දැඩි උණුසුම්කාරී වී ඇත. 07 November 2017
වාහන වලට පමණක් පෙට්‍රල් ගැසීමේ නීතිය ඉවතට වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙස ඉන්ධන පිරවුම්හල්වලට නිකුත් කර තිබූ නියෝගය ඉවත් කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය කියයි. 07 November 2017
පාගමනක් ගියැයි කුලියාපිටිය සිසුවකු අස්කරලා ආදර සම්බන්ධතාවක් ඇතැයි කියමින් කිසිදු සාධාරණ හේතුවක් නැතිව පාසලෙන් අස් කර ඇතැයි කියමින් කුලියාපිටියේ පාසලක 13 ශ්‍රේණියේ සිසුවකු පොලිසියට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ. 07 November 2017
මන්ත්‍රී රවීගෙන් නීතිපති නිලධාරියකුට අභියෝගයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද(07දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාට අභියෝගයක් කළේය. 07 November 2017
විදේශීය චිත්‍රපට - ටෙලිනාට්‍ය - වාණිජ වැඩසටහන් බද්ද ඉහළ දමයි පිටරටින් ආනයනය කර හඬකවා ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය ,චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරන ගාස්තුව අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 90000 සිට 150 000 දක්වා වැඩිකර තිබේ. 07 November 2017
සිසුවාට පහරදීමේ සිද්ධියේ විදුහල්පතිට ඇප පාසල් ශිෂ්‍යයකුට පහරදීමේ චෝදනා මත රිමාන්ඞ්භාරයේ සිටි ඌරුබොක්ක ජාතික පාසලේ විදුහල්පති ප්‍රියන්ත කුමාරසිරි මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මොරවක මහේස්ත්‍රාත් ජනක සමරසිංහ මහතා අද (07) නියෝග කළේය. 07 November 2017
යාපන සරසවිය 13 දා යළි අරියි දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පංති වර්ජනය කිරීම හේතුවෙන් වසා දැමුනු යාපනය සරසවියේ සියලු පීඨයන්හි අධ්‍යාපනික කටයුතු ලබන 13 වැනි දා සිට ආරම්භ කරන බව යාපනය සරසවියේ උපකුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා නිවේදනයකින් දැනුම් දී ඇත. 07 November 2017
ගාල්ල නව මන්ත්‍රී පියසේනගමගේ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේනගමගේ මහතාගේ නම හෙට (08) ගැසට් පත්‍රයේ පළකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 07 November 2017
අල්ලස් ගත් රේගු අධිකාරිවරු සිව් දෙනාට සිතාසි මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින රේගු අධිකාරීවරු සිව්දෙනාට ලබන 15 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (7) සිතාසි නිකුත් කළේය. 07 November 2017
මාඋස්සාගොල්ල වත්තේ බඹර ප්‍රහාරයකින් 10 ක් රෝහලේ බඹර ප්‍රහාරයකට ලක්වීම නිසා හපුතලේ දඹේතැන්න මාඋස්සාගොල්ල වතුයායේ වතු කම්කරුවන් දස දෙනෙකු අද (7) දඹේතැන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හපුතලේ දිසා රෝහලට මාරුකර යැවු බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 07 November 2017
සයිටම් විරෝධී දැවැන්ත උද්ඝෝෂණයක් 9 වැනිදා සයිටම් අහෝසි සයිටම් අහෝසි කරන ලෙසට රජයට බලකරමින් සයිටම් විරෝධී සිසු ජනපවුර ලබන 9වැනිදා කොළඹ දී දැවැත්ත විරෝධතාවක් කි‍්‍රයාත්මක කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අද(7) ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 07 November 2017
බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය පාසල හිස් බිමක් වෙයි බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසල අද (7) එකම හිස්බිමක් බවට පත්ව තිබුණි. පාසල් පැමිණි සිසුන් සංඛ්‍යාව 100 කට ආසන්න වු බව වාර්තා වේ. 07 November 2017
ඉන්ධන නැව හෙට කොළඹ වරයාට ඉන්ධන මෙටි්රක් ටොන් 40 000 ක් රැගත් ලේඩි නෙවරස්කා නෞකාව හෙට (8) රාත්‍රි 11.00ට කොළඹ වරායට සේන්දු වීමට නියමිතය. 07 November 2017
සයිටම් විරෝධයට පාසල් සිසුන් යොදාගෙනලු සයිටම් ව්රෝධී උද්ගෝෂණවලට දින කිහිපයක සිට පාසල් සිසුන් යොදා ගන්නා බවට දෙමාපියෝ චෝදනා කරති. ගම්පහ, හලාවත සහ අනුරාධපුර ආදි පෙදෙස් කිහිපයක එලෙස සිසුන් යොදාගෙන තිබේ. 07 November 2017
සාකච්ඡා අසාර්ථකයි - උපවාසය දිගටම රජයත් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා සයිටම් විරෝධී උපවාසය අඛණ්ඩව පවත්වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසයි. 07 November 2017
පළාත් මන්ත්‍රී ඇතුළු 8ක් යළි රිමාන්ඩ් ගිනි අවි ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින පළාත් සභා මන්ත්‍රී රන්දීර් ආසිරි රුද්‍රිගෝ ඇතුළු සැකකරුවන් 8ක් ලබන 21දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(7) නියෝග කළාය. 07 November 2017
තෙල් ගැටලුවටත් කමිටුවක් පවතින ඉන්ධන ප්‍රශ්නයට ක්ෂණික විසඳුම් ලබා දීමට කැබිනට් මණ්ඩලය මඟින් අමාත්‍යවරුන් සිව් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබ ඇත. 07 November 2017
ගණිකා නිවාසවලින් ඇල්ලූ කතුන් 10ක් රිමාන්ඩ් සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාස 16ක් වටලා සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් 10දෙනකු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (07) නියෝග කළේය. 07 November 2017
කූට ලියවිලි හැදු පුද්ගලයෙක් අත්ඩංගුවට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පුද්ගලයකු බව පවසා පුද්ගලයින් 60 දෙනෙකුගෙන් පමණ මුදල් ගරා කාර්යාලයක් පවත්වා ගෙන ගිය පුද්ගලයකු ව්‍යාජ වෛද්‍ය සහතික,ඡායාරූප ,උප්පැන්න සහතික සහ තවත් ලිය කියවිලි තොගයක් සමඟ අද (7) අත්අඩංගුවට ගත් බව කොටවිල පොලීසිය පවසයි. 07 November 2017
යුද හමුදාව හැරගිය 5412ක් බාර වෙති යුද හමුදාව හැරගොස් සිටින හමුදා සාමාජිකයන්ට හමුදාවට බාර වී නීත්‍යානුකූලව ඉවත් වීම සදහා ප්‍රකාශයට පත්කර ඇති පොදු සමාකාලය තුළ හමුදාව හැරගොස් සිටි 5412 දෙනකු සිය රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත බාර වු බව හමුදාව කියයි. 07 November 2017
හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක් දුම්රිය රියදුරු, නියාමක, පාලක සහ ස්ථානාධිපතිවරු හෙට(8) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයකට එළැඹීමට තීරණය කර ඇතැයි දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමය පවසයි. 07 November 2017
මාවනැල්ලේ කාණුවකින් මළ සිරුරක් මාවනැල්ල ලංගම බස් ඩිපෝව අසල කාණුවෙහි තිබී මළ සිරුරක් සොයා ගත් බව මාවනැල්ල පොලිසිය කියයි. 07 November 2017
හොර පාරෙන් පෙට්‍රල් විකිණූ අයෙක් දැලේ වෙන්නප්පුව ඩිපෝ හන්දියේ සමූපකාර තෙල් පිරවුම්හලේ පෙට්‍රල් අලෙවියට නොමැති අතර ඊට මීටර් 100 ක් පමණ දුරින් නීති විරෝධි ආකාරයෙන් වැඩි මිලට තෙල් අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් අද(7) සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් දුෂණ මර්දන අංශය පවසයි. 07 November 2017
උතුරු පළාත් මන්ත්‍රීවරු - හමුදාව කිලිනොච්චියේදී වචන හුවමාරුවක කිලිනොච්චිය, විශ්වමඩු තේරාවිල් මහාවිරු සොහොන් පිහිටි ප්‍රදේශය පිරිසිදු කිරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා ප්‍රදේශවාසීන් යුද හමුදා කඳවුරකට අයත් ප්‍රදේශයට ඇතුළත් වීමට යාම නිසා උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී තිබේ. 07 November 2017
මදුරන්කුලි අනතුරේ බස් රියදුරු රිමාන්ඩ් හත් දෙනෙකුට මරු කැදවූ 40 කට අධික සංඛ්‍යාවකට තුවාල සිදු කළ මදුරන්කුලියේ බස් රථ අනතුරේ බස් රථයේ රියදුරු ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් බණ්ඩාර රාජකරුණා මහතා නියෝග කළේය. 07 November 2017
බදුල්ල - මහියංගන පාරට ගල් පෙරළෙයි ඇද හැලුණූ වර්ෂාවත් සමග බදුල්ල මහියංගන ප්‍රධන මාර්ගයේ ස්ථාන කිහිපයකට පස් සහ ගල් පෙරළීයාමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී ඇත. 07 November 2017
බෝතල්වලට පෙට්‍රල් නෑ - යතුරුපැදි සංගමයෙන් විරෝධය ඇතිවී තිබෙන පෙට්‍රල් හිඟය හේතුවෙන් රථවාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි. 07 November 2017
හොර සල්ලි අච්චු ගැසූ යුවළක් අත්අඩංගුවට යාපනය මණියන්තොට්ටම් ප්‍රදේශයේදී රුපියල් විසිඑක් ලක්ෂ හැටඅට දහසක ව්‍යාජ මුදල් මුද්‍රණය කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි. 07 November 2017
මාරාන්තික උපවාසය ආරම්භ කරයි මාලබේ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාසය මීට ටික වේලාවකට පෙර ආරම්භ කළේය. 06 November 2017
මොරගහකන්ද ජල මට්ටම ස්වයංක්‍රීය විදුලි ජනනයට මීටර් 4ක් මෑතින් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම තවත් මීටර් හතරක් ඉහළ ගියහොත් විදුලි උප්පාදන යන්ත්‍ර ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බව ව්‍යාපෘති මහජන සම්බන්ධතා නිලධාරී පී.ජී. දයානන්ද මහතා පැවැසීය. 06 November 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026