මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතරතුර වැල්ලවත්ත කෝකිලාපුරදී හදිසි අනතුරකට ලක් වූ හිටපු ඇමැති රෝසි සේනානායක මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇතැයි ආරංචි මාර්ග කියයි.
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති ධුර අපේකෂිකාව රෝසි සේනානායක මහත්මියයි.
අනතුරෙන් ඇගේ පාදයේ සුළු ආබාධයක් ඇති වී ඇතැයි දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවා.!
මෙයාල සුළු අසනීපයකටත් යන්නේ පුද්ගලික රෝහල් වලට. රටේ දේශපාලනය කරන අයට තමන්ගේ රටේ රජයෙන් නියාමනය වන සෞඛ්‍ය සේවය ගැන විශ්වාසයක් නැහැ. පුද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර අරගෙන ඇවිල්ලා නිදහස් සෞඛ්‍ය සේවය ගැන මහා ඉහලින් කතා කරනවා. මෙහෙව් රටක තමයි අපි ඉන්නේ.
පැරසිටමෝල් දෙකක් දුන්නා නම් මේක සුව වෙයි...................
ඔව්, සල්ලි තියෙනවා නම් තමන්ට කැමති රෝහලකට යන්න පුළුවන්. අනික ජීවිතේ බේර ගන්න ඕනෑනම් පුද්ගලික රෝහලකට යන එක හොඳයි. මොකද රජයේ අය බැලුවොත් වර්ජනනේ.. සැත්කමක් කරන්න මාස ගාණක් යනවා. එක්කෝ ඉන්දියාවෙන් කරගන්න කියයි.. පුද්ගලික රෝහලකින් ඕකනේ ඇත්ත....
මේවට කියන්න තියන දේ මෙහෙම කියන්න බැහැ. මූණට හමු වුණු දවසක කියන්නම්.
දැන් සිංගප්පූර් යාවිද ?
දේශපාලකයා සල්ලි දීලා පෞද්ගලික රෝහලක ලංකාවේ හෝ පිටරටක යවල හරි... ඡන්දෙ දීපු මිනිස්සුන්ට ආණ්ඩුවේ ඉස්පිරිතෙලේ වෙලාවට බෙහෙත් ටිකවත් නැහැ. දැන්වත් හිතන්න ඕනේ... මොන පාටට දුන්නත් ඒ අය හැදෙනවා... රට සහ මහජනයා හැමදාම දුප්පත්..
සල්ලි තිබෙන මිනිස්සු මොනවා කරත් අනික් අයට කරදරයක් නැත්නම් මොකද ඉතින්...
තමුන්ගේ මුදලින් පෞද්ගලික රෝහලින් ප්‍රථිකාර ලබාගැනීම විවේචනය කළ යුතුද? ඇය ජනාධිපති අරමුදලින් හෝ වෙනත් රජයේ අරමුදලකින් කෝටි ගණනක් පිනට ගෙන ප්‍රථිකාර ලබාගත්තේ නම් ඇයට බැන වැදීම සාධාරනීකරනය කළ හැක. හැමදේම වැරදියට දකින්නේ අපේ පුරුද්ද නිසාද?
ප්‍රයිවට් ඒවා වලට යන්නේ රජයේ රෝහල් හොඳ නැති නිසානේ...
ඔය මොනවා කිව්වත් කවුරුත් පෞද්ගලික රෝහල් වලට යනවා. හැබැයි ලෙඩේ අසාධ්‍ය වුණාම ආණ්ඩුවේ ඉස්පිරිතාලේ පිහිට තමයි. මෙයාගේ නම් කකුල ගලක හැපිලා. ඕකට ඉස්පිරිතාලෙකට යන්න ඕන නැහැ. මොකක් හරි තෙල් ටිකක් ගැවානම් හෙට ඕක හොඳයි.