(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
පදවිය බෝගහවැව ප්‍රෙද්ශයේ අනවසර මත්පැන් අළෙවි කල නිවසක් පොලිසිය විසින් වටලන අවස්ථාවේදි එම නිවසේ මත්පැන් පානය කරමින් සිටි 30 හැවිරිදි පුද්ගලයෙකු පොලිසියෙන් බේරිමට දුවයද්දි අසල නිවසක ගෙවත්තක් වටා ඇදැ දමා තිබු විදුලි රැහැන්වල පැටලි ඊයේ(26) දින රාත්‍රි මිය ගොස් ඇතැයි පදවිය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පදවිය බෝගහවැව ගල්වලපාර ලිපිනයේ පදිංචිව සිටි සිරිපාලගේ දිලුක් චතුරංග(30)නැමැති පුද්ගලයෙකි.
මිය ගිය පුද්ගලයා පසුගිය 26 දින රාත්‍රි කාලයේදි පදවිය බෝගහවැව ප්‍රෙද්ශයේ නිවසසක පවත්වා ගෙන ගිය අනවසර මත්පැන් අළෙවි කරන මධ්‍යස්ථානයකට මත්පැන් පානය කිරිම සදහා ගොස් තිබුණි.
ඒ වන විටත් එම ස්ථනයේ මත්පැන් පානය කරමින් පුද්ගලයන් කිහිප දෙනෙකුම රැදි සිටියදි පොලිසිය අනවසර මත්පැන් අළෙවි කල ස්ථානය වටලද්දි බියට පත් පිරිස ඒ මේ අත දුවගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා ඒ අසල නිවසක පිහිටි ගෙවත්තක් වටා දුව යමින් සිටියදි මෙසෙ ගෙවත්ත වටා ඇද දමා තිබු විදුලි රැහැන්වල පැටලි මිය ගොස් තිබුණි.
මෙම විදුලි රැහැන් ඇද දමා තිබු නිවසේ හිමිකාරිය තම ගෙවත්තේ මිනිසෙකු මිය ගොස් ඇති බවට පොලිසියට කල දැණුම් දිම මත පොලිසිය විසින් මිය ගිය අයගේ මළ සිරැර සොයා ගෙන තිබේ.
නිවසේ හිමිකාරිය විසින් තම ගෙවත්තට භව භෝග හානි කිරිම සදහා පැමිනෙන වන සතුන් ඝාතනය කිරිම සදහා මෙම විදුලි රැහැන් ඇද ඇතැයි පොලිසිය කියයි.
අනවසරයෙන් විදුලි රැහැන් ඇදිම සම්බන්ධයෙන් නිවෙස් හිමිකාරිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
පදවිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු. මේ වගේ දෙයක් වෙච්ච පළවෙනි වතාව නෙවෙයි. අන්තිමට මනුස්ස ජීවිතයක් නැතිවුනා. මේ වගේ මෝඩ අවදානම් වැඩ කරලා තමන්ගේ දරුවෙක් වුනත් මේ රැහැනෙ පැටලිලා මැරෙන්න පුළුවන් කියලා නොහිතෙන හැටි. හිතෙන්නේ මොන ක්‍රමේකින් හරි වගාව බේර ගන්න එක ගැන විතරයි. මේවා වැටලීම් කරලා අල්ලන්නේ නැත්තේ ඇයි? මේ මෝඩ මිනිස්සු ග්‍රාමීය මට්ටමෙන් දැනුවත් නොකරන්නේ ඇයි?
විදුලි කම්බි ඇදපු එක්කෙනාට දැඩි දඬුවම් දීම සුදුසුයි!
මේ කාන්තාවට විදුලිබල මණ්ඩලයේ රැකියාවක් දුන්නනම් කොහොම වෙයිද ?