(අනීෂා මානගේ)
රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්ව සිටි ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි අමේන්ද්‍රා මහත්මිය අද (26) නැවත නඩු විභාගය සදහා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යළි පෙබරවාරි 9 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට වැඩබලන මහේස්ත්‍රාත් විදුර වීරකෝන් මහතා නියෝග කළේය.
2012 සිට 2016 දක්වා කාලය තුළ තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කරමින් සිටියදී එම බැංකුවට උකස් කර තිබූ රුපියල් 12,80,000ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදන් වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව ඇති චෝදනාවවේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ණු දෙවියෝත් බට කොළ කෑවානම් වික්ටර් මොනා කරන්නද? (අසේවනාච බාලානං)
ඒ උනාට කෝටි ගනන් රටේ සල්ලි හොරෙන් කාපු කම්බ හොරුන්ට ඉක්මනින් ඇප දීල ගෙදර.
කළුගලුත් සියුමැලිද? මෙතරම් හිතන්නටවත් බැරි නිසා මම ගියා බලන්නට මෙතුමියට සරණක් වූ පුද්ගලයා සොයා...
වැරදි කරන මහ ඇමතිලාට ඇති වරප්‍රසාද ඇයට නොමැත .
බිලියන 12ක් හොරකම් කරපු අය එළියේ. ලක්ෂ 12ක් හොරකම් කරපු අය ඇතුලේ.
පිනක් දහමක් කරගෙන දරු මුනුපුරොත් එක්ක සැනසිල්ලේ ඉන්න ඕන කාලේ කර ගහගත්තා මරාලයක් දැන් උසාවි ,පොදු දේපල යටතේ නඩු දාපු නිසා ඇප නම් ලගදි ලැබෙන එකක් නැහැ ,
ඉරාජ්ට පණ යනකල් බැන්නා නමුත් එයා විතරයි ඇත්ත කතා කලේ.
බාලයින් ආශ්‍රය නිසා අපට සිටි අගනා කලාකරුවෙක් අහිමි වෙන්නයි යන්නේ.
මුහුණු වහගෙන ගිය කෙනා දැන් සිනාවෙවී එන්නේ ඇතුලේ නිවාඩුව හොඳයි වගේ නිසා වෙන්න ඇති...
ඉරාජ් ඔයාට තව සිංදුවක් හදන්න පුළුවන්...
අහෝ, වික්ටර් නොදිටි මොක්පුර !!!
සමහරු රටේ සිදු වුණු මහා පරිමාණ හොරකම් සමග සංසන්දනය කර ලක්ෂ 12 මොකද්ද කියනවා. ඒ වුණාට ඒ රත්රන් ආභරණ හදාගන්න අදාල බවලතුන් කොච්චර දුක් විඳින්න ඇද්ද? සමහරු පිටරට බැල මෙහෙවර කරලා නේද? කවුරු හරි වයස්ගත සල්ලි කාරයෙකුගේ බෙල්ලේ එල්ලුනේ නැතිව ඒ කාන්තාවන් තමන්ගේ මුදලින් හදා ගත්තු දේවල් ගැන කැක්කුම ඒ අයට මිසක් වෙන කාටද ?
මට නම් තේරෙන්නේ නැහැ.... අපේ රටේ මිනිසුන්ගේ කුහකකම... මම නම් කියන්නේ ගායකයා හරි මිනිස්සු වයසට ගියාම තමයි තනිකම පාළුව තේරෙන්නේ... එතුමාගේ බිරිඳ නැහැනේ, ඔන්න බිරිඳ ඉන්නකොට වෙන කෙනෙක් ගත්ත නම් වැරදිනේ... කව්රු මඩ ගැහුවත් ඔබතුමා හරි... තමන්ගේ මට්ටම් තම්මට්ටම් කියනවනේ. පොදු දේපල පනත යටතේ දේශපාලකයෝ කීදෙනෙක් හිරේ ගියාද? විමල් වීරවංස, මුසාමිල්, අලුත්ගමගේ, පොදු දේපල පනත යටතේනේ හිරේ ගියේ, ඔය යස අගේට එළියේ ඉන්නේ....
ජරා වැඩ... මේවට මේ තරම් ප්‍රසිද්ධියක් දෙන්නේ ඇයිද කියන එකත් ප්‍රශ්නයක්. රටේ ප්‍රකෝටි ගණන් මුදල් මංකොල්ල කාපු හොරු කෝටි ගණන් දේපල යාන වාහන තියාගෙන ආයෙත් ඡන්ද හිඟාකන්නේ. හොරකමට දඬුවම් දියයුතුවුවත් මේක අග්‍රගන්‍ය කලාකරුට අපහාසයක්...
කොහොම නමුත් දැන් අලුත් සින්දු නොකීවත්, වික්ටර්ට හොඳ ප්‍රසිද්ධියක් නම් ලැබෙනවා. මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියන්නේ ඕකටයි....
අපේ රටේ ඉන්නෙ දවල්ට නිදියන රෑට කෑම හොයන්යන වවුල්ලු වගේ මිනිස්සු
රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුනේ සැමදා පවතී.. එය රැකීම අප උරුමේ... මම හරි උගතා මම හරි හපනා සිතනා මිනිසා මෝඩයෙක් වැනිය.
බල්ලොත් එක්ක ලැග්ගහම මොකද වෙන්නේ? මැක්කොත් එක්ක නේද නැගිටින්න වෙන්නේ?
රටේ මෙතරම් ප්‍රශ්න තියෙද්දි මේ වගේ ප්රවෘත්ති සඳහා මෙතරම් අවධානයක් දෙන්නේ ඇයි ? කරුණාකර එතුමාට පාඩුවේ ඉන්න දෙන්න
කව්රුවත් මිනිසුන් පිනවන්න පිනට සින්දු කියල නෑ. කියපු හැම සින්දුවලටම රුපියල් ශත වලින් අය කරලා ඇති. අනිත් අතට මිනිස්සු ලොකු හොරු සමග සසදා පොඩි හොරු පව් කියන්න තරම් ඔල මොට්ටල වීම තමයි මගේ රටට හෙන ගහල ගිහින් තියෙන්නේ අද. මේ වගේ මිනිසුන්ගේ හොරකම දුරාචාරය සාධාරණීය කරනය කරන්නේ මොලේ කලදක් නැති රටේ සාමාන්‍ය හරක් ජනතාව. මට නම් කේන්ති මගේ රටේ ඉන්න මේ සාමාන්‍ය ජනතාව කියන හරක් ගැන.
මට තියෙන ප්රශ්නය කොහොමද මේ නඩුව පොදු දේපල පනත යටතේ ගොනු කලේ කියල? එහෙමනම් බැංකුවෙන් නයක් අරන් නොගෙවා හිටියොත් නඩු වැටෙන්නේ පොදුදේපල පනත යටතේ. එතකොට ලංකාවේ ඉන්න ගොඩක් දෙනා හිරේ යයි.
කම්කරුවාගේ , මහාචාර්යගේ , කලාකාරයාගේ හෝ රටේ නායකයාගේ නෝනා වුනත් වරදක් කලොත් දඬුවම් ලැබිය යුතුයි. මේවා ප්‍රසිද්ධ කරනවා කියලා මාධ්‍ය වලට බැනලා වැඩක් නැහැ. තමන්ගේ ප්‍රසිද්ධ සැමියන්ගේ සමාජ කටයුතු වලදී ඒවා ප්‍රචාරය කලේ නැහැ කියලා මාධ්‍යකරුවන්ගේ ඇඟට ගොඩ වෙන ලොකු නෝනලා ඊට පසුව සමාජවිරෝධී කටයුතු ගැන පරීක්ෂණ හැමතැනම ප්‍රචාරය කළා කියලා ඊළඟට බනිනවා. එක්කෙනෙක් කිව්වත් වගේ රත්රන් ආභරණ නැති වුන කෙනාටනෙ ඒකේ අගතිය තියෙන්නේ. හැබැයි සමහරු කියන්නේ සැමියා නිසා නෝනාට රටම අනුකම්පා කල යුතුයි කියලා .
රටේ ඇමතිවරු කෝටිගණන් මංකොල්ල කෑවා කියලා, මේ ප්රශ්නය අමතක කරන්නද කියන්නේ? මේකට දැඩි දඬුවම් දෙන්න ඕනේ, ඒ වගේම හොරාකන ඇමතිවරුන්ටත් දඬුවම් දෙන්න ඕනේ. නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ හොරු, වංචාකාරයෝ සහ අනෙක් අපරාධකාරයින්ට ගැලවෙන්න බැරි විදියට.
වික්ටර් කියන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන් සියලු යුතුකම් ඉටුකළ කෝටි ගණන් දේපල හම්බකරලා දරුවන්ට පවරපු කෙනෙක්... ඒ මනුස්සය මොනවා කරගත්තම අපට මොකද? වික්ටර්ට බැනල ලියන සුදනෝ තමන්ගේ දරුවන්ට ලක්ෂ 10ක් වත් පොතේ දාල තියනවද? අනිත් කෙනාගේ පුද්ගලික දේ හොයන්න කලින් කරුණාකරලා තමන්ගේ වගකීම් යුතුකම් කරන්න... ඒ කාලේ වැයකරන්න.
අචලා ඔබ හිතනවාද ජීවත්වෙන්න් බොහොම හොඳ රටක් කියන කැනඩාවේ මැති ඇමතියෝ හොර මගඩි කරන්නේ නැහැ කියලා? මමත් හිතුවේ එහෙමයි නමුත් අපේ රටේ හොරකම් ගැන කැනඩාවේ සිටින මගේ පුතාට කීවාම එයා හිනාවක් දාලා මට කීවා අන්තර්ජාලයේ මෙන්න මේ මේ තැන වලට ගිහිල්ලා බලන්න මෙහෙ මිනිසුන්ගේ කෙරුවාව කියලා. එමනිසා මෑතකාලයේ පත්වෙන දේශපාලකයෝ කව්රුත් මොන මොනවා හරි තමන්ගේ මල්ලට දා ගන්නවා. ඡන්දේ කාලෙට විරුද්ධ පකෂය තමන්ට මිනිසුන්ගේ ඡන්දය ගන්න බින්දු ගැන වැඩිකරලා කතා කරනවා. නමුත් බැංකු කොල්ලය ගැන කතා කරපුවා විවිධ හරස් ප්‍රශ්න යටතේ පිළිතුරු දීපුවා... එම නිසා ඒවායේ බින්දු ගණන වැඩිවී නැත.
අපක්ෂපාතීව ඉක්මන් පරීක්ෂණ පවත්වා රත්රන් බඩු නැතිවීමෙන් අගතියට පත් පාර්ශවයට සහන සැලසිය යුතුයි. නැති නම් බැංකු ගැන පාරිභෝගික විශ්වාසය නැති වෙනවා. මේක ඉතා සැලසුම් සහගතව කර ඇති දෙයක් නිසා, බඩගින්නට අල්ලපු වත්තේ කොස් ගෙඩියක් කැඩුව අහිංසක ගමේ කෙනෙකුගේ තත්වයට මේ කාරණාව දමන්න බැහැ.
මේවා ඉදිරියට හැදෙන අපේ තරුණ බාලිකාවන්ට සුදුසු පුර්වාදර්ශ නෙවෙයි. පුද්ගලික ජීවිතය අපිට වැඩක් නැහැ. වෘත්තීය ජීවිතය වංචාවක් කරගෙන ඒකෙන් දඬුවම් නොලැබෙන්න මාර්ග සොයන්නත් නරක ආදර්ශ සපයන සිදුවීමක් නොවේවා.!!!
අදාල බැංකුවේ විගණන කටයුතු වල ලොකු අඩුපාඩුවක් තිබෙන බව නම් පැහැදිලියි. මේ සැකකාරියට විතරක් නෙවෙයි, අනෙක් උදවියටත් කට උත්තර දෙන්න සිදු වෙලා ඇති. සාමාන්‍යයෙන් සේප්පු යතුරු පවා නිලධාරින් දෙන්නෙක් භාරයේ තිබෙන්නේ. වෙනත් බැංකු වල අඩු ගානේ මාසෙකට වරක් උකස් කල රත්රන් භාණ්ඩවල නිවැරදි බව, අදාළ ලියකියවිලි නිලධාරින් විසින් විගණනය කෙරෙනවා. මේක ඉතින් රජයේ බැංකුවක් නිසා ඔක්කොම කට්ටිය බුදිමතේ කිරා වැටෙමින් ඉන්න ඇති...
අහවලාගේ බිරිය වීම නිසා වැරදි විදේශ ගමන් බලපත්‍ර හදා ගන්නත් , මෙහෙවලාගේ බිරිය වීම නිසා වෘත්තීය වංචා සිදු කරන්නත් ලයිසන් දෙන්න බැහැනේ . අපේ රටේ සමහර භාර්යාවන් ආර්යාවන් වෙන්න ගමන් කරන පාරවල් නම් එච්චර සුදුසු නැහැ .
පරාභව සුත්‍රය කියවලා තිබුණා නම් මෙහෙම දෙයක් කර ගන්නේ නැහැ. ලංකාවේ මුල් කාලේ අාගම මාරු කරලා බහුවිවාහ කර ගැනීමට යම් නැඹුරුවක් තිබුණත් දැන් එයට නීතියෙන් ඉඩ ලැබෙන්නේ නැහැ. එය අපරාධමය වරදක්... මේක ලියන්නේ නොදන්නා කෙනෙක් එහෙම උත්සාහයක් කරලා අමාරුවේ වැටෙයි කියලයි. කොහොම වුණත් මේවගේ දේවල් එතරම් ප්‍රසිද්ධ කලයුතු දේවල් නෙවෙයි. මේ හැම දෙයක්ම මානුෂීයව සහ පරිණත විදියට හිතන එකයි ප්‍රේක්ෂකයාගේ වග කීම .කෙසේ වුණත් නිසි අධිකරණයක්, නඩු විභාගයක් පවත්වන තෙක් සැකකරුවෙක් මිස, වැරදි කරුවෙක් නොවෙයි.
මේකට විශාල ප්‍රචාරයක් දෙන එක වැරදියි. රටට ගත්ත ට්‍රිලියන 10 ක ණයවලින් 9 ක් ගසා කාලා. එ්ක මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෙමේ. ඉතින් අපේ රටට හරියයිද?
ලංකාවේ දරු- දෙමාපිය සම්බන්ධය කියන්නේ ලොකු කරලා ඊට පස්සේ එතනින් ඉවරවෙන එකක් නෙමේ. දෙමාපියන්ගේ නම කැත කරන්නේ නැතුව සමාජයේ ජීවත් වෙන එකත් වගකීමක්. ඒ වගේම දරුවන්ගේ නම කැත කරන්නේ නැතුව දෙමාපියෝ ජීවත් වෙන එකත් වගකීමක්. ඒ වගේම යම් වත්කමක් තියෙන දෙමාපියෝ එක්ක දරුවන්ගේ පොඩි ගැටුමක් ඇතිවුණු ගමන් ඒක මැද්දට පැනල දේපල වලට කෙල හලන කට්ටිය විතරක් නෙමේ නෑදැයෝ ඕන තරම්. දෙමාපියන්ගේ දේපල දරුවන්ට මිස වෙන මොකටද? මෙතන සමහරුන්ගේ අදහස් දැක්කම පුදුම කල කිරීමක් ඇති වෙන්නේ..
මෙතන අදහස් දාන ගොඩක් අය සදාචාරයක් සංස්කෘතියක් නැති අය