( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකා මුහුදු සීමාවට නීති විරෝධීව විදේශීය ධීවර යාත්‍රා ඇතුළුවීම වැලැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් ධීවර පනත සංශෝධනය කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඊ. පලනිස්වාමි මහතා විසින් ඉන්දීය අගමැතිවරයා වෙත සිය අප්‍රසාදය පළ කර ඇතැයි ඉන්දියාවේ පළවන ඞී.එන්.ඒ. පුවත්සේවය අද (26) වාර්තා කළේය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා වෙත ලිපියක් යොමු කරමින් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලය හරහා මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ විරෝධය පල කරන ලෙසයි.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී සිදු කරන නීතිවිරෝධී ධීවර කටයුතු වැලැක්වීමේ අරමුණින් ධීවර පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත පසුගිය 24 වැනි දා විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එම කෙටුම්පතට අනුව මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරන විදේශීය ධීවර යාත්‍රා සඳහා පනවනු ලබන දඩ මුදල රුපියල් මිලියන 175ක උපරිමයක් දක්වා ඉහළ නැංවෙයි.
මෙලෙස දඩ මුදල් විශාල වශයෙන් ඉහළ නැංවීම පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර ඇති තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා දෙරට අතර ධීවර ගැටළුව පිළිබඳව ස්ථීර විසඳුමක් ලබා ගැනීම සඳහා පෙර පැවැති සාකච්ඡාවලට අනුව මෙය පිළිගත නොහැකි විසඳුමක් බව පෙන්වා දී ඇතැයි ඞී.එන්.ඒ පුවත් සේවා වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරි වැඩක්නේ! අපේ පනත් හදන්න ඒගොල්ලන්ගෙන් උපෙදෙස් ගන්න ඕනෙද?
මේ පැත්තට ආවොත් අඬු කඩනවා කියලා ප්‍රචාරය කරමු.
මේ ගොල්ලත් හරියට ලංකාවේ ත්රීවීල්කාර, බස්කාර මහත්තුරු වගේනේ..
හත්වලාමේ අපේ මවුබිම තියෙන්නේ මේ නිගන්ඨයින්ගේ යටතේද? නැත්නං අපි මේ පෙරේතයන්ගේ යටත් විජිතයක්ද? තව ටික දවසකින් මේ පරයන් කියාවි ඒ අයට ඕනෑ විදියට ලාංකිකයන් වැසිකිලි යන්නත් ඕනේ කියලා. අපේ රටේ තිබෙන සෑම පක්ෂයකම සිටින නිවට දේශපාලකයන් මේවාට කෙලින්ම වගකිව යුතුමයි... අපගේ මෙම ප්‍රකාශය කිසිඳු පක්ෂයකට සුදු හුණු ගෑමක් නොවන බැවින් මෙලෙසම මෙය පළකර දෙන මෙන කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
අයියෝ ඉතින් ගාණ වැඩි නම්, එන්නේ නැතිව හිටියා නම් හරිනේ. සිම්පල්නේ...
බියනොවන්න ..... නීතිය නමන සුළුවේ....
ඉස්සර කාලේ අපේ රටේ රීරි මාංශය උරාගන්න ඉන්දියාවේ සිට මෙරටට ආවේ "කල්ලතෝනින් ". බහුදින ධීවර යාත්‍රා වලින් ඉන්දියාවේ සිට පැමිණ අපේ රටේ මුහුදු සීමා ආක්‍රමණය කර අපේ මත්ස්‍ය සම්පත හොරගන්නා මේ රංචු "නවීන කල්ලතෝනින් " හැටියට හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාව යනු තමිල්නාඩුවේ ප්‍රාන්තයක් නොවන බව උන්ට කියාදීමට අගමැති මෝඩිට හැකි වේදැයි යන්න ශ්‍රී ලංකාවට අදාල නැත ! කෙසේ උනත් අපේ රටේ නීති සම්පාදනය කරන්නේ අපේ රටේ උවමනාවන්ට අනුව මිස තමිල්නාඩුවේ අණසකට යටත්වී යලි හකුලා ගැනීමට නොවන බව තමිල්නාඩුවේ ඔලමොට්ටලයන්ට තේරුම් ගැනීමට පුළුවන් වන පරිදි ශ්‍රී ලංකා රජයත්, අපේ නාවික හමුදාවත් නිසි පියවර ගත යුතු වෙනවා !
ඒ කියන්නේ තවදුරටත් මුහුදු සීමා උල්ලංගනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන එකනේ.
අවරුදු 2600 ප්‍රථම මේ රටට පැමිණි කල්ලතොනිය විජයන් ව මහාවංසය හඳුන්වන්නේ විජය කුමාරයා කියලා ඌ රටින් ගහපන්නු එකෙක් හරියට මාලක වගේ වැඩකට නැති එකෙක් එරටට.