(අමල් වික්‍රමරත්න)
2018 වර්ෂයේ ගතවූ දින 27 තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 4900ක් පමණ වාර්තාවි ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවාය.
පසුගිය වර්ෂයේ මෙම කාලයට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තාවිමේ අඩුවීමක් ඇතිබවත් එම තත්ත්වය තවත් පහළ අගයක් කරා ගෙන ඒම ජනතාවගේ වගකීම බව ඒ මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම බැරෑරුම් ප්‍රශ්නයක්. ඩෙංගු සහමුලින්ම තුරන් කල හැකිමුත් මහා පරිමාන මදුරු නාශක නිෂ්පාදන කොම්පැනි එයට කිසිසේත්ම ඉඩ තියන් නැහැ.
ඉස්සර හිටපු පාලකයා දැන් පාලකයාට දොස් කියනවා ඩෙංගු මදුරුවා පාලනය කර ගන්න බැරි වුනා කියලා. ඔහු කියන්නේ ත්රස්තවාදීන්ට පහරදී පරාජය කර රට බේරා ගත්තා කියා. අධිවේගී මාර්ග හදා ලැබෙන කොමිස් මුදල් ඩෙංගු කීට නැතිකිරීමෙන් නොලැබෙන බව මනාව අවබෝධ කරගත් පිරිසක් සමග ගිය ගමන තවම කෙළවර වී නැහැ. සෑම දෙයක්ම දේශපාලනීය කලත් පසු ගිය ආණ්ඩුවට බැරි වුණා... ඩෙංගු මදුරුවන් බෝවෙන කුණු කඳු සහ එවන් ස්ථාන දේශපාලන බලය යොදා ඉවත් කරන්න. හිටපු අය මෙන්ම දැන් ඉන්න අයත් දැඩි ලෙස හිතට ගන්න ඕනේ දේශපාලන කඹ ඇදිල්ලකට මදුරු වසංගතය ගා නොගන්න. පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එකතු විය යුත්තේ බලය සඳහා නොව මෙවැනි වසංගත වලින් රට වැසියා බේර ගන්නයි.
ඩෙංගු ගැහැණු මදුරුවන් වඳ කරන්න ජානමය වෙනස්කම් කල පිරිමි මදුරුවන් මුදාහරින සාර්ථක වැඩපිළිවලක් ලොව වෙනත් රටවල තිබෙනවා. තාමත් අපේ රටේ මොනවා කරනවද මන්දා...? දැන් කී දෙනෙක් මැරුණද?