අෂ්රොෆ් මරණය ගැන වාර්තාව අතුරුදන් මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ හා එහි ආරම්භක නායක එම්.එච්.එම් අෂ්රොෆ් මහතා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අතුරුදන් වී තිබේ. 05 November 2017
සයිටම් විරෝධී උපවාසය ගැන මත ගැටුම් සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් හෙට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය කියයි. 05 November 2017
හරවා යැවූ තෙල් නැව තවමත් ත්‍රිකුණාමල මුහුදේ ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) අසත්‍ය ප්‍රචාර හරහා තෙල් අර්බුදයක් නිර්මාණය කර ප්‍රතික්ෂේපිත තෙල් නැව ගොඩබෑමේ උත්සාහයක නිරත වන්නේ ද යන්න ගැන සැකයක් පවතින බව ලංකා ඛණිජතෙල් පොදු සේවක සංගමය පවසයි. 05 November 2017
නාත්තණ්ඩියේ හදගැස්ම නතර කළ අට දෙනාගේ තතු ලග්ගල තෙල්ගමුව ඔයේ දිය නෑමට ගිය පවුල් දෙකක 08 දෙනෙකු සැඩ පහරකට අසුවී ගසා ගෙන ගොස් ඇති බවත්,ඔවුන් නාත්තණ්ඩියේ පදිංචිකරුවන් බවටත් පැතිර ගිය ආරංචියකින් සෙනසුරාදා (04) සවස නාත්තන්ඩිය නගරයෙම එක් වර ගල් ගැසී ගියේය. 05 November 2017
බෞද්ධ සම්මේලනයේ කොළඹ ප්රකාශනය එළි දකී ජාත්‍යන්තර බෞද්ධ දිනයක් ප්‍රකාශයට පත් කිරීම හා නාලන්දා මහ විහාරය නැවත ස්ථාපිත කිරීම යන කරුණු මුල් කරගනිමින් ‘කොළඹ ප්රකාශනය’ අද (5) ප්‍රකාශයට පත් කරන ලදි. 05 November 2017
වැඩබලන නීතිපති දප්පුලද ලිවේරා වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇත. 05 November 2017
අද පස්වරු 2.00 ට සුනාමි පෙරහුරු වැඩසටහනක් දිවයින වටා පිහිටි දිස්ත්‍රික්ක 14 හි අද (05) පස්වරු 2.00 ට සුනාමි පෙරහුරු වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. 05 November 2017
තෙල්ගමු ඔයේ ගසාගෙන ගිය 8 දෙනාගෙන් සිරුරු 6 ක් හමුවෙයි අතුරුදන් පිරිස් සොයා ලග්ගල තෙල්ගමු ඔයේ සිදුකර මෙහෙයුම් කටයුතු වලට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කරයි. 05 November 2017
අත්තනගලු ඔයේ සැඩපහරට තරුණයෙක් ගසාගෙන යයි අද (4) සවස ඇති වු අධික වර්ෂාවත් සමග අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර කරස්නාල ප්‍රදේශයේ සපත්තු පාලමක් හරහා යතුරු පැදියකින් යමින් සිටි 22 හැවිරිදි තරුණයෙකු ජලයේ ගසාගෙන ගොස් ඇත. 04 November 2017
තෙල්ගමු ඔයේ සැඩපහරට හසුවූ 4ක් මියයති. 5ක් අතුරුදන්.. මාතලේ ලග්ගල තෙල්ගමු ඔයේ දියනාමින් සිටි පුද්ගලයන් පිළිබඳ නවතම පොලිස් වාර්තා අනුව පුද්ගල මළසිරුරු 4ක් මේ වනවිට හමුවී ඇති අතර 5 දෙනෙකු තවමත් ආගිය අතක් නොමැත. 04 November 2017
ඇති තරම් පෙට්ට්‍රල් තියෙනවා - ඛනිජ තෙල් ඇමති අර්ජුන අනියත බියක් ඇති නොකරගෙන සාමාන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. 04 November 2017
ලක්ෂ 50ක කුඩු සමග තරුණ යුවළක් සැකපිට මාලඹේ නගරයේදි අද උදෑසන සූඛෝප බෝගී මෝටර් රථයකින් කුඩු රැගෙන යමින් සිටි තරුණ යුවලක් අත් අඩංගුවට ගෙන අතර එම මෝටර් රථයේ තිබි රුපියල් ලක්ෂ50ක කුඩු සොයාගත් බව පොලිසිය කියයි. 04 November 2017
සයිටම් විරෝධයක් අදත් අනුරාධපුරයේදි තම මව්පියන්ගේ ජීවිත බිල්ලට නොදී වෛද්‍ය සිසු සිසුවියන්ගේ ගැටළුවට ස්ථීර විසැදුමක් දෙන්නැයි බල කරිමන් සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කළ විරෝධතාවක් අනුරාධපුර නව බස් නැවතුම් පොළේදී අද (4) පැවැත්විණි 04 November 2017
ට්‍රක් රථය ට්රාන්පෝමරයේ ගැටී තුනක් මරුට කටුනායක 18 කණුව ප්‍රදේශයේදී ට්‍රක් රථයක් අද අලුයම 2.00 පමණ අධි බලැති විදුලි උප්පාදන යන්ත්‍රයක් සවිකර තිබූ විදුලි කණු දෙකක ගැටීමෙන් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 04 November 2017
අධිවේගයේදී ලොරියක් ගිනි ගනී මාතර සිට කඩවත ප්‍රදේශයට ධාවනය වූ කුඩා ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 5.6 - 5.7 අතරදී ඊයේ රාත්‍රි 10ට පමණ ගිනි ගෙන ඇති අතර කහතුඩුව අධීවේගි මාර්ග පොලිස් මුරපොළේ නිලධාරීන් හා ගැලනිගම පොලිස් විශේෂ බලකා ගිනිනිවීමේ ඒකකය එක්ව ගින්න මැඩ පවත්වා ඇත. 04 November 2017
ඉරිදා-පොයදා ටියුෂන් නවත්වන්නැයි අගරදගුරුතුමෝ ඉල්ලති ඉරිදා සහ පොහොය දිනවල උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා ටියුෂන් පංති නතර කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් තමා ඉල්ලීමක් කළ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කියති. 03 November 2017
මඩාටුගම දැරියට පාසලක් කුසගින්නේ වමනය කිරීමෙන් පසු ගැබිණියක බව පවසා පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධියට මුහුණදුන් පාසල් සිසුවියට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය ලබා දීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ. 03 November 2017
පෙට්‍රල් හිඟයක් රටපුරා ඉන්ධන පිරවුම්හල්වල අද (3) රාත්‍රියේ පෙට්‍රල් හිඟයක් ඇති වී තිබේ. පෙට්‍රල් බෙදාහැරිම පොහොය දිනයක් වු අද සිදු නොවිම හා ප්‍රමාණවත් තරම් පෙට්ට්‍රල් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු තෙල් ගබඩා වල නොතිබිම යන කරුනු හේතුවෙන් එම පෙට්‍රල් හිඟය මතු වු බවද තෙල් සංස්ථා ආරංච් මාර්ග සඳහන් කරයි. 03 November 2017
පොලිසියේ දෙදෙනා 16 දක්වා රිමාන්ඩ් යාපනය අරියාලෙයි මණියන් තොට්ටම් වෙඩි තැබීමෙන් තරුණයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙදෙනා ලබන 16 වනදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය මහේස්ත්‍රාත් එස් සදීස්කරන් මහතා අද (3) සවස නියෝග කලේය. 03 November 2017
බස් -ත්‍රිරෝද රිය ගැටුමෙන් ත්‍රිරෝද රිය ගිනිගනී දඹුල්ල කුරුණැගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු ති‍්‍රරෝද රථයක් හා පෞද්ගලික මගි ප්‍රවාහන බස් රථයක් අද (3) මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවු රිය අනතුරකින් ති‍්‍රරෝද රථය මහ මග පෙරලි ගිණි ගෙන විනාශ වි ඇතැයි ගලේවෙල පොලිසය කියයි. 03 November 2017
ශ්‍රීලනිප - එජාප දීගය අතහැරෙයි පලාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ඒක්සත් ජාතික පක්ෂය එක්ව තරඟ නොකිරිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිරණය කර ඇත. 03 November 2017
රාජිතට වැරදිලා - ඇමති අජිත් කියයි ඉදිරියේදී පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුනෙන් අලියා ලකුණින් තරඟ කරන බව විදුලි බල හා පුනර්ජනනිය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කියයි. 03 November 2017
ගීතා ලබාගත් වැටුප් - දීමනා ආපසු රජයට ගෙවන්න වෙයිලු ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා ඇය මන්ත්‍රීවරියක ලෙස ලබාගත් වැටුප් හා දීමනා සියල්ල නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 03 November 2017
සහල් ආනයන මිල කෝටි 17 පනී මේ වසරේ මුල් මාස අටේදී සහල් ආනයනය සඳහා රුපියල් කෝටි 17කට වැඩි මුදලක් වැය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව මේ වසරේ මුල් මාස අටක කාලයේදී සහල් ආනයන වියදම 2,346.4 % කින් ඉහළ ගිය බව ද මහ බැංකු දත්ත වාර්තා පෙන්වාදෙයි. 03 November 2017
අලවතුගොඩ වැසියෝ වතුර ඉල්ලා පාරට බසිති අලවතුගොඩ සයිස්ටන් පෙදෙසේ පවුල් 300 කට වැඩි පිරිසක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා සිටින බැවින් තමන්ට නළ ජලය ලබාදෙන ලෙස ඉල්ලා අද (3) ප්‍රදේශවාසීහු උද්ඝොෂණයක් පැවැත්වූහ. 03 November 2017
මහරගම දී කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැදී අයෙක් මරුට මහරගම මහ නගර සභාවේ කසල ප්‍රවාහනය කරන ට්රැක්ටරය කොන්ක්‍රීට් කණුවක වැදීමෙන් රියදුරු (59) ට්‍රැක්ටරයෙන් විසි වී කොන්ක්‍රීට් තට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් මිය ගිය බව පොලිසිය පවසයි. 03 November 2017
වකුගඩු රෝගය ගැන හොයන්න විද්‍යාඥයෝ රජරට යති දිවයිනේ පළාත් ගණනාවක පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් සඳහා විද්‍යාඥයින් 80 කට වැඩි පිරිසක් රජරට ඇතුළු වකුගඩු රෝගය පැතිර ඇති පළාත් වල සංචාරයක් සඳහා අද (3 වැනිදා) පිටත්ව ගියේය. 03 November 2017
යාපනයේ තරුණයා ඝාතනයට පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට යාපනය අරියාලෛ ප්‍රදේශයේ ඉකුත් 22 දින වෙඩි වැදී තරුණයෙක් මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට අයත් උප පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 03 November 2017
වසර 23කට පසු මරණ දඬුවම ප්‍රකාශයට කොළඹ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක අජන්ත ලියනගේ මහතාගේ පියා සිය නිවසේ නිදා සිටියදී ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර රටින් පැන ගොස් වසර විසිදෙකකට පසු යළි ලංකාවට පැමිණ සිටියදී අල්ලා ගනු ලැබු විත්තිකරුට නියම කොට තිබු මරණ දඬුවම කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ප්‍රකාශයට පත් කළේය. 03 November 2017
පියා පැදවු වෑන් රියට යටවී දැරිය මරුට පියා පැදවූ වෑන් රථයෙන් බිමට වැටී එම වෑන් රථයටම යටවීමෙන් අවුරුදු තුනහමාරක් වයසැති දැරියක් අද (3) තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව වීරකැටිය පොලිසිය පවසයි. 03 November 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026