මුදිතා දයානන්ද
බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමට බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ජම්පරේ ඇඳගෙන හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්නැයි රවි කරුණානායක මහතාට මතක් කර සිටින බව හිටපු අමාත්‍ය සහ කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා අද (23) පැවසීය.
ගුණසේකර මහතා මෙසේ පැවසූයේ බැඳුම්කර වංචාව හා ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බැඳුම්කර වාර්තාවේ තිබෙන්නේ සාවද්‍ය තොරතුරු බවට රවි කරුණානායක මහතා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඩිව් ගුණසේකර මහතා මෙසේද පැවසීය.
‘රවි කරුණානායක මහතා කවද්ද ඇත්තක් කිව්වේ? මුලින් කිව්වා මෙවැනි සිදුවිමක් නැහැ කියලා. ඊට පස්සේ එයට තමන්ගේ සම්බන්ධයක් නැහැ කිව්වා. ඊටත් පස්සේ කොමිසමට ගෙනත් ප්‍රශ්න කළාම තමන්ට එපාර්ට්මන්ට් එකකින් ගෙයක් ලැබුණ විදිහ දන්නේ නැහැ කිව්වා. කොමිසමේ වැඩ අවසන් කළාට පස්සේ කිව්වා වාර්තාව හදාගන්න බැරුව කොමිසම හිරවෙලා පැටලිලා ඉන්නේ, ඒ ගොල්ලේ කරපු බොරුව අහුවෙන නිසා වාර්තාවක් එළියට දාන්නේ නැහැ කිව්වා. දැන් කියනවා වාර්තාව එයාට ලැබුණා ඒකේ තියෙන්නේ බොරු කියලා.
අපි නම් දන්නේ එතුමා කියපු මේ සේරම බොරු කියලා විතරයි. කොමිසමේ වාර්තාවේ පැහැදිලිව එතුමාට චෝදනාවක් තිබෙනවා බොරු සාක්ෂි ඉදිරිපත් කළා කියලා. දැන් මේක තිබෙන්නේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රියාවලියේ. ඒ නිසා එතුමාට බේරෙන්න බැහැ. එතුමාට හිරේ යන්න සිදුවෙනවාමයි. අපි කියනවා රවි කරුණානායක මහත්තයාට දැන් ජම්පරේ ඇඳගෙන හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න කියලා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ මහා හොරු නීතියට යටත් කලවිට එය රටටම පාඩමක් වේවි.
මෙයා කෝප් කමිටු සභාපති වෙලා ඉන්නකොට සිදුවුනු වංචා, දූෂණ, බැඳුම්කර හොරකම් කිසි දෙයක් හෙළි කළාද? මුදලට විකිණුනේ නැති ජවිපෙ හඳුන්නෙත්ති මංත්‍රීතුමාට සියළුම රටවැසියගේ උපහාරය හිමිවිය යුතුයි මේ මහා වංචාව හෙළි කළාට.
මහරාජාගේ කටු කකා ඉදපු සුරතල් සුනකයෝ දැන් සිංහයෝ වගේ කෑගහනවා,
අපට විහිළු සපයනවා වගේ....ඇතුලට ගියත් ගිය වෙලේ සිට "ඔය අම්බරුවන්ට අසුහාරදහේ ලෙඩ " එතකොට නිතරම හැදෙන කිතුල් ගස් කලන්තෙත් නැහැ, පන යන්න ඔන්න මෙන්න. (දැන් පනයන විදියට තමා රගපෑම) එබැවින් අදාල ආරෝග්‍ය ශාලාවට කඩිනමින් රැගෙන යනු ඇත.පසුව ඇප මුදල්දී එලියටද එනු ඇත.ඔබ අප සියල්ලෝම හොදින් රැවටී ඇත.ලක්මවගේ මුදල් යහමින් සහ ඉතා හොදින් මෙම තිරිසනුන් ගිලදමා ඇත.මෙය තමා නාටකයේ පිටපත.
ලැජ්ජයි. මෙයාත් හිටියේ කෝප් කමිටුවේ සභාපති හැටියට පුටු රත් කරගන. මහින්දගේ පඹය වගේ ඉඳන්, දැන් කට අරිනවා.
මොන බොරුද ඡන්දෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඕක යට ගහනවා. අල්ලනවා නම් මෙපමණ සාක්ෂි තිබියදී අල්ලලා රිමාන්ඩ් කරන්න පුළුවන් නේද ? මම මේ කල්පනා කරන්නේ තාජුදීන් නාඩගම තවම කරලියට ආවේ නැත්තේ මොකද කියල සාමාන්‍යයෙන් ඡන්දයක් තිබෙන කොට ඒක කරලියට එනවා.
අපි කුමක් කරමුද? අසාගෙන සිටිමු.
අපි බලමු ජම්පරය අදින්නේ කවුද කියලා .
ජම්පරේ අඳින්නේ කවුරු උනත්, මෙයාව කවුද පත්කළේ නඩු තීන්දු දෙන්න? මෙයා මේ නඩුව අහන නඩුකාරයාද? නඩුවක තීන්දුව එනතුරු විත්තිකරුවත් නිර්දෝෂී බව කියවෙනවා නේද?
මෙයාව පත්කළේ මේ ආණ්ඩුවෙන්ම තමයි. ඒ කලේ මෙයාගේ තීන්දුව එන්න කලින් මොකද වුනේ කියලා හොයලා බලලා කතා කලොත් දැනුමක් තිබෙන බව පෙනේවි.
රවී විතරද , පහුගිය ආණ්ඩුවේ ඉඳපු හොරුන්ට මොකද ජම්පරේ අන්දන්න එපාද , හොද වැඩේ පහුගිය කම්බා හොරු දැන් වේදිකාව දෙවනත් කරනවා , කඩු වලට බය වේවිද කියල බලමු ,
එස්.ඒ. වික්‍රමසිංහ, එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, උඩකැන්දවෙල සිරි සරණංකර හිමි වැනි පතාකයින් නායකත්වය දුන් එදා වමේ පක්ෂ කොන්ඳේසි විරහිතව ජාතිවදයට එරෙහිව පෙනී සිටියා.
රවී විතරද? නැහැ නැහැ හොරකම් කල ඕනෑම කෙනෙකුට ජම්පර් අන්දන්න. නමුත් දැනට හොරා කියල අහුවෙලා ඇමැතිකමත් නැති වුණේ මෙයාගේ තමයි. පොකට් ගහපු අය අනික් අයට හොරා කිව්වට ඒ අය අල්ලන්න බැහැනේ.
නඩුවක තීන්දුව එනතුරු විත්තිකරුවත් නිර්දෝෂී බව කියවෙනවා නේද? එහෙනම් කොහොමද ඇමතිකම නැති වුනේ?