(අනීෂා මානගේ)
කතරගමදී පොලිස් වෙඩි පහරින් මිය ගිය පතිරණලාගේ නිරෝෂන්(25) මහතාගේ බිරිදට හා දරුවන්ට අංග සම්පූර්ණ නිවසක් හා ව්‍යාපාරික ස්ථානයක් ලබා දීමට කටයුතු කරන බව මාතර හා හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසීය.
නිරෝෂන් මහතා ජීවත්ව සිටි නිවස අබලන් වී පැවතීම නිසාත් ස්වාමියාගේ වියෝවෙන් පසු බිරිදට හා දරුවන්ට ජීවත්වීමට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති වීම නිසාත් ඔවුන්ට ජීවත්වීම සදහා ව්‍යාපාරික ස්ථානයක්ද ලබා දීමට තීරණය කළ බවද නියෝජ්‍ය පොලිස්පතිතුමා පැවසීය.
ඒ අනුව හෙට(25) පෙරවරු 11.25ට යෙදෙන සුභ මොහොතින් කතරගම ප්‍රදේශයේ පිහිටි නිරෝෂන් මහතාගේ නිවස තිබූ ස්ථානයේම නව නිවසක් හා නිවස ඉදිරිපිට ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට මුල්ගල් තැබීමට නියමිතය. මේ සදහා අවශ්‍ය පවිත්‍රතා කටයුතු අද (24) දින සිදු කිරීමට නියමිතය.
මිය ගිය නිරෝෂන් මහතාගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සදහා ඔහු උසස්පෙළ විභාගයට මුහුණ දෙන තුරු අවශ්‍ය වියදම්ද මාසිකව ලබා දීමට කොළඹ කිරුළපන camera.lk ව්‍යාපාරික ආයතනයේ හිමිකරු අනුශ්ක ගුණසිංහ මහතා විසින් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.
මිය ගිය පුද්ගලයාගේ තුන්මාසයේ දානමය පින්කම පැවැත්වෙන දිනට පෙර නිවස හා ව්‍යාපාරික ස්ථානයේ වැඩ කටයුතු අවසන් කර පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔවුන්ට බාර දී නව නිවසේ දානය පැවැත්වීමට කටයුතු කරන බවත් ව්‍යාපාරික ස්ථානයේ වැඩ කටයුතු ආරම්භ කිරීමටත් කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිතුමා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොනවා කලත් වෙඩි තැබීම කල පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
කතරගම ප්‍රකෝප වූ ජනතාව පොලිසියට ප්‍රහාර එල්ල කරද්දී ඉවසිලිමත්ව ක්‍රියා කිරීම පැසසිය යුතුයි. රෙජීමයෙ අණට රතුපස්වල බීමට වතුර ඉල්ලූ ජනතාවට, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක අරගලයට හා වෙන්නපුවේ අරගල කළ ධීවරයින්ට වෙඩි තැබීමෙන් මිය ගිය අයට එදා මේ සහනය ලැබුනේ නෑ.
අසරණ උන පවුලට පිහිට විය යුතුයි.
මිනිහෙක් මරල බහුබූත කරලා වැඩක් නැහැ. මේවගේ දේවල් යලි නොවෙන්න අවශ්‍ය වැඩ කටයුතු කරනවා මිසක්.
25ට යෙදෙන සුබ මොහොතින්. නිකන් විහිලු කරන්න එපා මහත්තයෝ. මේවා කරලා වැඩක් නැ. මැරිච්ච මනුස්සයට අපහාස කරන්න එපා. සාධාරණයක් ඉටු කරන්න යුක්තියෙන්
පොලීසියෙ කුණු සෝදාගන්න යම් තරමකට මේ ක්‍රියාව හොදයි නමුත් අර ලේ පෑල්ලම බදාගෙන අඩපු අම්මට පුතෙක් ලබා දෙන්නවත් දරුවට පියෙක් ලබා දෙන්නවත් ඒ බිරිදට ඒ ස්වාමි පුරුශය ලබාදෙන්නවත් බෑහෑ.
මොනවා දුන්නත් ස්වාමි පිත්රූ වියෝගය දුක නැති කරන්න බෑ. කාටවත් වෛර නොකර. කර්ම පලවිපාක ගැන හිතල දුක තුනීකරගමු .
පොලීසිය වරද පිළිගන්ත එක අගයකරනවා. නමුත් වරදකරුවන්ට දඩුවම් දෙනව වෙනුවට ගෙයක් දීල බේරෙන්න හදන එකනම් වැරදියි.
දන්නේ නැති නිසයි අහන්නේ, ගෙදර හදන්නේ කාගේ සල්ලි වලින්ද?
මේ සිදුවීමත් සමග මාධ්‍යයට නිකුත් කෙරෙන නිවේදන ගැන මාධ්‍යය මඟින් පසු විමසීමක් සිදු කරාද? මේ හා සමාන සිදුවීමක් වූ ඇඹිලිපිටියේ වැන්දඹුවට මේ වනවිට සාධාරණය ඉටුවී තිබේ ද?
මේවා කතාවට විතරක් සීමා වේවිද දන්නේ නැහැ. මිනිසුන්ගේ උද්ගෝෂණ අඩු වුනාම. මැරුණු මනුස්සයට නැවත පණදෙන්න බැරි නිසා, මෙහෙම උදව්වක් කෙරෙනවනම් ඒ අසරණ පවුලට ලොකු උදව්වක්.
පොලිස්සියෙන් වෙඩිකාල මැරෙන අයට දෙන්න වෙනම ගෙවල් හදලා තියාගෙන ඇති.
මේ දේවල් කරලා වැඩක් නැහැ..පොලීසියේ නරුමයෝ හෙටත් බිල්ලක් ගනීවි..
ඉතාම හොඳ වැඩක්. ඒ පව්ලට උපරිම උදව් කල යුතුයි. එහෙත් නීතිය අකුරට කෙරෙන්න ඕනේ. මේ දෙය සිදු වුණේ කොහොමද කියලා විනිශ්චය කරලා, වැරදිකරුවන් සිටී නම් උපරිම දඬුවම් දිය යුතුයි. නැත්නම් මේක වැරදි ආදර්ශයක් වෙනවා නොඅනුමානයි.
ජර්මනිය වැනි ප්රජාතන්ත්රවාදය දියුණු රටක මෙවැනි දෙයක් සිදු වුනානම් පොලිස්පතිත් ඉල්ලා අස්වෙලා විෂය භාර ඇමතිවරයාත් අස්වෙලා. ශ්‍රී ලංකාවට ඒ තත්වයට කවදා හෝ එන්න හැකිවේදැයි යන්න දැනට නම් සිහිනයක් පමණයි. පොලිසියට ජනතාව දොස් පැවරුවත් පොලිසිය කියන්නේ පවතින ආණ්ඩුවල බලය පාවිච්චි කරන එක හස්තයක් පමණයි. අත කපා දාන්න කතා කරනවා වෙනුවට ජනහිත කාමී ආණ්ඩුවක් පත්කර ගැනීමට ඡන්ද දායක ජනතාව දැනගත යුතුයි. මෙම සිද්ධියේදී අගතියට පත්වූ පාර්ශවයට මෙවැනි සහනයක් හෝ ලබා දෙන්න ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ගන්නා උත්සාහය පැසසිය යුතුයි. නමුත් එය අවසාන විසඳුම නොවන බව ජනතාව දන්නා සේම රජයත් දැනගත යුතුයි.
මම නම් ඔයවගේ මිනීමරුවෝ දෙන ගෙවල් නොවේ හතර මහා නිධානේ උනත් ගන්නේ නැහැ............ ඕව දීල පව් වහගන්න බැහැ පොලිස් කාරයනේ...................