මනෝප්රිය ගුණසේකර
පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වු චෝදනාවකට වරදකරු කොට සිරදඩුවම් නියම වී සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විදේශ ගත වීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් නිතිපතිවරයාගේ ස්ථාවරය ලබන 29 වැනි දා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධීකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.
පෞද්ගලික සංචාරයක සඳහා ඕස්ට්‍රේලියාවට ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පවත්වන වැඩමුළුවකට සහභාගී වීම සඳහා දෝහා කටාර් රාජ්‍යයට යාමට වීරතුංග මහතා අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මේ රට දාලා මගේ දෙවැනි රට කටාර් රාජ්‍යයි. හරිම සුන්දර රටක් මට කිසිම දෙකින් අඩුවක් තිබුනේ නැත.
කෝ දැන් මේ සිල්රෙදි නඩුව? මහජන මුදල් කෝටිගාණක වංචාවක්. මේ වංචා වලට දඬුවම් නැති නිසා මහජනතාව දැඩි කලකිරීමකින් ඉන්නේ. මහජනතාවට හුළං මිසක් රට යන්න අවසර ලැබෙයිද?
වරදකට අධිකරණයෙන් සිර දඬුවම් නියම වී සිටින පුද්ගලයෙකුට විදේශ ගතවීමට ඉල්ලන්න හැකිද? ඇප මත මුදා හැර සිටින්නෙකු සම්බන්ධයෙන් එවැන්නකට අවකාශ ඇති බව සිතමි. නමුත් දඬුවම බලපැවැත්වීම පරිදී මොහු සිර කුටියේ සිටිනවා නම් මෙවැනි ඉල්ලීමකට අවසර ලැබෙයිද? දැන් මේ දඬුවම කඩදාසියකට සීමා වූවක් වගෙයි නේද? මුදල් අවභාවිතා කළ වරදකරුවෙකුට මෙරට විශ්ව විද්‍යාලයකින් පවත්වන සම්මන්ත්‍රණයකට යාමට.....