(ටී.කේ.ජී.කපිල )
රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන 2018 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ කුසලානය කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය .
රටවල් 54 ක් කරා , කිලෝ මීටර් ( 126,000 ) එක් ලක්ෂ විසි හය දහසක දුරක් රැගෙන මෙම කුසලානය මුලින්ම ලන්ඩන් නුවර සිට ප්‍රථම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම විශේෂත්වයකි.
මෙම කුසලාන ඝන රත්තරන් කිලෝග්රෑම් 6.142 ක බරකින් යුක්තය.
අන්තර්ජාතික ලෝක පාපන්දු සංගමයට විශේෂ ගුවන් යානයෙන් ඊයේ (23) රාත්‍රී 10.15 ට පමණ මෙම කුසලානය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය .
මෙම කටයුත්ත සඳහා ජාත්‍යන්තර කොකා කෝලා සමාගම අනුග්‍රහය දක්වන අතර , මෙම කුසලානය රැගෙන නියෝජිතයන් 19 දෙනෙකු පැමිණි අතර , එයින් තිදෙනකු ලෝක පාපන්දු සංගමයේ නිලධාරීන් වේ.
ලෝකයේ රටවල් 32 ක් තරග වදින 2018 ලෝක පාපන්දු තරගාවලිය රුසියාවේ මොස්කව් නුවර ආශ්‍රිතව ඇති ක්‍රීඩාංගණ 12 ක් තුළ 2018 ජුනි 14 සිට ජූලි 15 වැනි දා තෙක් මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතය.
මෙම කුසලානයේ අනු රූ දෙකක් සමඟ සැබෑ කුසලානය ද රැගෙන ආ අතර, ඒවා කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රදර්ශනය නොකර දැඩි ආරක්ෂාව මධ්‍යයයේ කොළඹ බලා රැගෙන ගියහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට ප්‍රදර්ශනය කිරීමෙන් පසු යළි පස්වරුවේ මෙම කුසලානය මාලදිවයින බලා රැගෙන යෑමට නියමිතය .


ඡායාරූප - චතුර එස් කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඉතින් මෙහෙම තමයි දකින්න වෙන්නේ. කුසලානේ ගෙන්න නම් ආත්ම ගණනාවකට බැරිවෙයි.
කොළඹ ගෙනිච්ච නම් සැබෑ කුසලානේට අබ සරණ වෙන්නත් පුළුවන්.
ශ්‍රී ලංකාවට ලෝක කුසනාය ගෙනා අපේ වීරයන්ට උණුසුම් සුබපැතුම්.
වර්තමාන ලෝකයේ නිල වශයෙන් පිළිගත් රටවල් ගණන 195. ශ්‍රී ලංකාව ලෝකයේ වර්තමාන පාපන්දු වර්ගීකරණයට අනුව සිටින ස්ථානය 200 (නිල නොවන රටවල් සමග).
ඕක අපහු යනකොට පිත්තල වෙලා තියෙයිද දන්නේනෑ.