තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
කාන්තාවන්ට මත්පැන් අලෙවිහල්වල සේවය කිරීම හා මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින් නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සම අවස්ථා අයිතීන් උල්ලංඝණය වී ඇතැයි කියමින් ප්‍රවීන සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි ඇතුළු තවත් කාන්තාවෝ 21 දෙනෙක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
2018 ජනවාරි 10 වැනිදා නිකුත් කළ 2/2018 දරණ සුරාබදු දැන්වීම අනුව ඇමතිවරයාට හෝ අමාත්‍යංශ ලේකම්වරයාට කාන්තාවන්ට සුරාසැල් වල සේවය කිරීම හෝ මත්පැන් මිලඳී ගැනීම වලකාලීමට නීතිමය අයිතියක් නොමැති බවට ප්‍රකාශ කරන්නැයි පෙත්සම්කාරියන් සිය පෙත්සමින් ඉල්ලා ඇත.
සාමජ ක්‍රියාකාරිණී සාවිත්‍රි රොද්‍රිගු ,ඩොරති බාබරා සෙනවිරත්න , කොලි මාරි ගේ‍්‍රස් ද සොයිසා , හිමාජා විජේනායක ,දිනාලි බණ්ඩාරනායක ,දිලක්ෂි මුණසිංහ , සබ්රිනා ක්රැමර් ,ශානා දන්දෙණිය , දිලූක්ෂි මාටිසන්ස් ,ටෙහානි මැතිව් ,ඈන් ද සිල්වා ,ශ්‍යාමලි ටෙරිස්ටා ෆොන්සේකා ,රානි රත්නායක , මිනෝලි සකුණිකා විජේතුංග , තිළණි අනූෂා ද සිල්වා සමරසිංහ , නිශ්රීන් ඊබ්‍රාහිම් ,ශංශියා දාබරේරා , ඩිල්හාරා නාලිනි ද අල්විස් ගුණවර්ධන ,ස්වර්ණා මල්ලවආරච්චි , චේතිකා හපුගල්ල සහ චම්පා රත්නසේන යන මහත්මීන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම සමාජයක ඉන්නවා මේ වගේ කොටසක්..
රැඩිකල් චිත්‍රපටිවල රගපාපු ගමන් හුගක් අය හිතාගෙන ඉන්නේ එයාල මාර රැඩිකල් උදවිය කියලා. මේ රටේ දේශපාලකයින්ගේ මෝඩකම් නිසා වැරදිකරුවන්ට නිසි දඬුවම් නොලැබුනාට එහෙමයි කියලා මේ රටේ පිරිහීම කොහොම හරි අඩු කරගන්න අපි උත්සාහ කරනවා මිසක් එක වැඩි කරන්න කව්රුහරි උත්සාහ කරනවානම් ඔවුන් සැබවින්ම උන්මන්තකයින් විය යුතුය.
පස් පව් කිරීමට හිමිකම් ඉල්ලා නඩු දාන කාන්තාවන්
ඔවුන් නිවැරදිය. මෙමගින් කාන්තාවන් මත්පැන් බීමට අවසරයක් පතනවා යැයි සිතන්නේ මෝඩකමටයි.
මත්පැන්හල් අයිතිකාරයන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කරවන්න බැරිද
මෙච්චරකල් මේරටේ අහිංසක දරුවෝ දුක්වින්දේ පවුලේ සිටින මතට ඇබ්බැහිවූ පිරිමින් හේතුවෙනි. මේ අයගේ නාඩගම මත්පැන් සාමාන්‍ය දෙයක් කර ඒ ගොඩට ගැහැනුන්ද (මවුවරුන්ද ) එක්කිරීමටය. මොවුන් කාගේ අතකොලුදැයි නුවණැත්තො වටහාගනිති.
හැම ගැහණියම මත්පැන් බීලානටන්නේ නැහැ පාරේ. මෝඩ විදියට හිතන්න එපා. මත්පැන් බොන එක්තරා කාන්තා සමාජ පන්තියකුත් ඉන්නවා . අද ලෝකේ අයි.එස්.අයි.එස් වගේ පාලනය කරන්න හිතන්න බැහැ
ඔයතරම් කලබල වෙන්න එපා අයියෝ....
බොහෝ අය මෙය තේරුම් ගන්නෙ වැරදියට. මත්පැන් බොන නොබොන එක තීරණය කල යුත්තේ ගැහැණු හෝ පිරිමි පුද්ගලයා විසින්. බුදුරජාණන් වහන්සේ මත්පැන් නොබොන්න කීවේ ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම. කාන්තාවන්ට පමණක් නීති දැමීම ගෝත්‍රික කමක්.
විවිධ හේතු නිසා මිනිසුන් මත්පැන් බොනවා. ඒත් එය සෞඛ්‍යයට හා සමාජයට යම් හානි ඇති කරනවා. මත්පැන්වල ඉතිහාසයත් හරිම පැරණියි. කාන්තාවන් මත්පැන් බීම පිළිකුල් කිරිම අපේ සමාජයේ සම්මතයක්. ඒ වාගේම යම් තරමකට මත්පැන් අපේ සමාජය තුළ පිළිකුල් කරන නිසා එහි යම් අඩුවක් තියෙනවා. නීතිගත වීම තුළ මෙම පිළිකුල් බව අඩු වී පෞරුෂය බිද වැටුණ අය ප්‍රසිද්ධියේ භාවිතයට පෙළබෙනු ඇත. ජනාධිපතිතුමා මෙම තීරණය ගෙන ඇත්තේ ඒ නිසයි.
බෞද්ධයන් හැටියට අපට මත්පැන් තහනම්...මේ අය මොනවද මේ කරන්නේ...
අනේ අපොයි රටට වෙලා තියෙන දෙයක්.
කිසිදු ආගමක කාන්තාවන්ට මත්පැන් අලෙවිහල්වල සේවය කිරීම හා මිලදී ගැනීම නිවැරදි බව කියා තිබෙනවා ඔබ අසා තිබේද ? මෙවැනි සමාජ විරෝදී ක්‍රියා වලට ආධාර අනුබල ලැබෙන හා ප්‍රවර්ධනය තුඩු දියහැකි නීති අනුමත කරන්නේ නම් අපට කිසිදු ආගමක් හෝ ආගමික පසුබිමක් හෝ අවශ්‍ය වන්නේද නැත.
වාරණයක් දැමීම හේතුකොට ගෙන මෙවෙනි ගැටළු ඇතිවීම සාධාරණය.
මෙතන ඉල්ලන්නේ මත් පැන් බොන්න අවසරයක් නොවෙයි. පිරිමින් හට එක නීතියකුත් ගැහැනුන් හට තව නීතියකුත් තිබෙන එක නැති කරන්න කියලයි.
ලංකාවේ පිරිමින්ට මත්පැන් මිලදී ගන්න, බාර්වල වැඩ කරන්න තහනමක් නෑ. එහෙම වුනා කියලා හැම පිරිමියම බොන්න ගත්තෙවත් බාර් වල වැඩ කරන්න ගත්තෙවත් නෑනේ. ඒ වගේම බොන පිරිමිත් මෙහෙම නීතියක් තියෙනවා කියලා දැනගෙන නෙවෙයි බාර්වලට යන්නේ. නීතිය දාන්නේ ගෑනු අනිවාර්යයෙන්ම බාර්වලට යන්න ඕන කියලා නෙවෙයි. පිරිමින්ට තියෙන වරප්‍රසාදය කාන්තාවන්ටත් ලැබීමේ වැරැද්දක් නෑ. ඒ වරප්‍රසාදය පාවිච්චි කරනවද නැද්ද කියන එක තමන්ගේ වැඩක්.
ඔවුන්ගේ නම් වලින් අනුමාන කරන්න පුළුවන් ඔවුන් බොහෝ දෙනෙක් බෞද්ධ නොවන හෝ බෞද්ධ ගුණදහම් වල සාර ධර්ම නොදන්නා අය බව. 70% පමණ බෞද්ධ නියෝජනයක් ඇති රටේ බෞද්ධ ගුණදහම් වල වටිනාකම් නැති නොවන ලෙස කටයුතු කිරීම, රටේ පාලකයන්ගේ වගකීමක් සහ යුතුකමක්.
මේ රටේ එක එක ජාතිවලට වෙනස් නීති අැත ඒවටත් සම අයිති ඉල්ලන්න
හැමෝටම සම තැන තියෙන්න ඕන. බොන එක, නොබොන එක පුද්ගලික තීරණයක්.
මේ නීතිය මෙච්චරකල් තිබුණට ක්‍රියාත්මක උනේ නෑ. මේක අයින් කළා කියලා අපේ රටේ කාන්තාවෝ හෙට ඉඳන් පෝලිමේ ගිහින් බාර් වලින් අරක්කු බොන්න යන්නේ නෑ. ස්වර්ණා පැහැදිලිවම කියනවා එයාලගෙ අරමුණ කාන්තාවන් මත්පැනට හුරු කිරීම නොවේ. කාන්තාවන් පහත් කර සැළකීම අපේ රටේ මූලික නීතියවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්නා දීම කියලා.