(පුෂ්පකුමාර ජයරත්න)
මාරක රිය අනතුරකින් කාන්තාවකට මරු කැඳවා 17 හැවිරිදි පාසල් සිසුවියකට බරපතල තුවාල සිදුකිරිමේ චෝදනාවට රිමාන්ඩ් කළ විශ්රාමික හිටපු මහාධිකරණ විනිසුරුවරයකු ඇප මත මුදාහැරීමට වාරියපොළ මහේස්ත්රාත් ශ්රිමතී රාජපක්ෂ මහත්මිය අද (23) නියම කළාය.
කෑගල්ල මොළගොඩ පදිංචි විශ්රාමික මහාධිකරණ විනිසුරු විමල් එස් නම්බුවසම් මහතා මෙලෙස ඇප මත මුදා හැරිණි.
තවද රියදුරු බලපත්රය මාස තුනකට අත්හිටුවීමට මහේස්ත්රාත්වරිය නියම කළාය.
මීට අමතරව මියගිය කාන්තාව වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම රුපියල් ලක්ෂ පහක මුදලක් ඇගේ සැමියාට අධිකරණයේ දී ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපුරු නීතිය. කුසගින්න නිවාගන්න පොල් ගෙඩිය අහුලන මිනිහට ක්රියාත්මක වෙන විදිහටද, මෙතන ක්රියාත්මක වෙලා තියෙන්නේ. කෙනෙක්ට මරු කැඳවීම, බීමතින් රිය පැදවීම මේ තරම් පහසුවෙන් ඇප ලබාගත හැකි වරදවල්ද? අද තව පුවතක දුටුවා ටික කාලයකට පෙර කහ ඉර මතදී තිදෙනෙකු ඝාතනය කල සංගීත ශිල්පියෙකුට ඇප දීල තියෙන බව. මේවා දකිද්දී රටේ පුරවැසියෙක් විදියට පුදුම කනගාටුවක් දැනෙන්නේ මේ රට කොතනින් නවතිවිද කියල.
මාරක රිය අනතුරකුත් වෙලා. වෙන කෙනෙක්ට නම් ඇප ලැබේවිද?
මත් වී ධාවනය කර මිනිසෙකු මර කෙසේද දින 14 කට ප්රථම ඇප ලබන්නේ.
වැරදි කරලා, ඒ වැරැද්දට මුදල් ගෙවලා නිදහස් වෙන්න පුළුවන් ලෝකේ තියන එකම රට. තම තමන්ම වින්දිතයින්ට අලාභය ගෙවනවා නම් මොකටද වාහන රක්ෂණය කරන්නේ?
දැක්ක නේද ගිනිවතුර උනත් "නිවල බොන නිසා" මේ උන්දලාගේ වාසනාව.
ඔයා දන්නේ නැද්ද මේක ශ්රී ලංකාවනේ...............මේ රටේ නීතිය නවාගෙන යන්න පුලුවන් ලොකු අයට.....හැබැයි පුතෝ අඹ ගෙඩියක්, පොල් ගෙඩියක් හොරෙන් කැඩුව නම් පොඩි මිනිස්සු දින 14 ඇතුලේ ඉදියට පස්සේ තාමා ඇප හම්බ වෙන්නේ...................කොහොමද අසිරිමත් ශ්රී ලංකාවේ හැටි.......අනේ අනිච්චං