(ක.ග කරුණාරත්න)
පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසු සිසුවි සිසුවියන් 150 ක පමණ පිරිසක් උණ සහ පාචන රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (24) වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බව පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපති කේ.ඒ ගුණපාල මහතා පවසයි.
රෝගී තත්ත්වයට ගොදුරු වූ ගුරු ශිෂ්‍යාවක් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කොට ඇත.
ගුරු සිසු, සිසුවියන් කොටසක් පොළොන්නරුව මහ රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර තවත් පිරිසකට වෛද්‍යවරුන් විද්‍යාපීඨයට කැඳවා අද (24) දිනයේ ප්‍රතිකාර ලබා දුන් බව ද පීඨාධිපතිවරයා සඳහන් කළේය.
මෙම රෝගී තත්ත්වය ඇතිවීමට හේතුව කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd