(සමර ඒකනායක)
විදුහල්පතිවරියක් දණ ගැස්වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ සර්ව පාක්ෂික කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා විසින් මෙම කමිටුව පත්කර ඇති අතර මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා පත්කර ඇත
නිහාල් ගලප්පත්ති මහතාගේ සභාපතීත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාද පත්කර ඇති අතර සෑම පක්ෂයක්ම නියෝජනය වන පරිදි නියෝජිතයින් පත්කිරිමටද නියමිත වේ.
මෙම කමිටුව නියෝජිතයින් නව දෙනකුගෙන් සමන්විත වන අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කර අධ්‍යාපන ආංශික අධික්ෂණ කාරක සභාව වෙත වාර්තාව ලබාදිය යුතු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේල් පාරේ බිංගේ ඇතුලෙන් ලොකු එළියක් එනවිට ඒ එන්නේ ගොන් කරත්තයක්වත් අත් කරත්තයක්වත් නොවන බව සාමාන්‍ය ජනයා හොදින් තේරුම් ගන්නවා.
කමිටු කමිටු කමිටු සහ කමිටු
මොකක්ද මේ විහිළුව... එක්කෝ මෙය උසාවිය මගින් විභාග කල යුතුයි. එසේ නැතිනම් දෙපාර්තුමේන්තු මට්ටමින්, රාජ්‍ය සේවා කොමිසම මට්ටමින්, එසේත් නැතිනම් මානව හිමිකම් කොමිෂම මට්ටමින් කල යුතු වෙනවා. රටම හිනස්වමින් දේශපාලුවෝ මැදිහත් වෙලා. අසරණ විදුහල්පතිනිය මානසිකව වැට්ටිමේ අපරාදය බාරගන්නේ කවුද? හරිම ලැජ්ජයි.
අබයපාල මයා වෙත, මේ අය ලැජ්ජාව කියන වචනයේ තේරුම දන්නවනම් අපගේ මවුබිම දියුණුවට පත්වෙලා සැහෙන කාලයක් වෙනවා.
ඔන්න මහජන මුදල් ගසාකන්න තවත් දේසපාලු උප්පරවැට්ටියක්. මොනවිදියෙන් හරි මුදල් කඩාගන්න බලනවා. ඔය කොමිටියේ වියහියදම්? දීමනා? මේ රටේ නීතියක් තියනවා. නීතිය අනුව ක්‍රියා කරන්න. ඔය කොමිටුවට අට පාස් නැති කීදෙනෙක් දායිද ? ඔයිට වැඩිය හොඳ නැද්ද දියවන්නාවේ ඇතුලේ ඉන්න අයගේ අධ්‍යාපන සුදුසුකම් බලන්න කොමිටියක් පත් කරගත්තොත්. එතොකොට හොයාගන්න පුලුවන්වෙයි කිදෙනේක්ව එලවන්න ඕනද කියල.
මේකට මොන කොමිටිද? ජනාධිපති, එතුමා කියන විදියට වැඩ කරනවා නම් මෙම පුද්ගලයා අයින් කල යුතුයි.
අර කමිටු මේ කමිටු පර්ලිමන්තු කමිටු කමිටු වැඩ මිස රටේ වෙන වැඩ නෑ
අභයපාල ඔබ හරි.
මේ රඟ දක්වන්නේ දේශපාලනයේ තවත් එක් කොමඩියක්
මේවට කිසිකෙනෙක් නෙමේ වගකියන්න ඕනේ මේ වගේ අය පත්කරගත්තු මහජනතවයි වගකියන්න ඕනේ.