ආරියදාස කොඩිතුවක්කු
තංගල්ලේ රාජ්‍ය බැංකුවක තැන්පත් කොට තිබූ රුපියල් ලක්ෂ 12 1/2 කට අධික රන් භාණ්ඩ අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කොට සිටින ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳට ඇප නියම කරන්නැයි ඉල්ලමින් තංගල්ල මහාධිකරණයට අද ඇප අයැදුමක් ඉදිරිපත් කරනු ලැබීය.
ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ රිමාන්ඩ් බාරයට පත් කරමින් තංගල්ල මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කොට ඇයට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ මෙම ප්රතිශෝධන ඇයැදුම් පත්‍රය සළකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය මෙහි වගඋත්තරකරුවන්ට ලබන මස 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කළාය.
ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි නිලක්ෂි අමෙන්දා මහත්මිය විසින් ඉදිරිපත් කොට ඇති මෙම ප්රතිශෝධන ඇයැදුම් පත්‍රයේ වගඋත්තරකරුවන් වශ්‍යයෙන් තංගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සහ නීතීපතිවරයා නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා වැරදි කරපු මහා ඇමතිලට ඇප දෙන්න පුළුවන් නම් වික්ටර් රත්නායක මහතාගේ බිරිඳට ඇප නියම කිරීමට අපහසු විය නොහැකියි .
ඌව මහා ඇමතිගෙන් උපදෙස් ගන්න ඇප ලබා ගන්න විදිය.
බැදුම්කර වංචාකාරයන්ගෙන් ඔය සල්ලි අය කරගන්න පුළුවන් ඔවුන් තැන්පත් කරපු විශාල මුදලක් ආණ්ඩුවේ තිබෙනවා කියල එතකොට ප්‍රශ්නේ ඉවරයි කියලා, ඒ විදිහට බලනකොට ඔය රත්රන් වල වටිනාකම ගෙවුවම නිකන්ම නිදහස් වෙලා යන්න පුළුවන් .
හප්පා !! රාජ්‍ය බැංකුවක් නේද ? රාජ්‍ය දේපල හොරකම්කිරිම? විශ්වාසය කඩකිරීම? ඇතුළු චෝදනා? වීඩියෝ සාක්ෂිත් තියනවා නේද? ඇප?
දේශපාලකයෙක් උනා නම් ඇප හම්බු වෙන්නේ පළමු දිනේදිමයි.
කාලයක් යටපත් ව තුබූ මේ නඩුව නැවත විභාග වන්නේ කවරනම් හාස්කමක් නිසා ද? ලංකාවේ අධිකරණය සැමට සාධාරණ වේ ද?
නඩුව ගැන නෙවෙයි දුක් මහන්සියෙන් හම්බ කර ගත් රත්රන් ආභරණ අහිමි වුන උදවියගේ අගතිය ගැන කවුද හිතන්නේ ? හැම බවලතාටම සල්ලි තිබෙන මිනිහෙකුගේ කරේ එල්ලෙන්න බැරි නිසා තමයි කාන්තාවන් අමාරුවෙන් ඉතිරි කරලා තමන්ට අවශ්‍ය කණකර හදා ගන්නේ. ඒ අයගේ හිතේ අමාරුව ගැන කවුරුවත් හිතන්නේනැහැ.
මේ සිද්ධිය අපට කියාදෙන පාඩම: රත්තරන් සොරකම් කරනවා නම් අඩු වශයෙන් රජතුමාගේ "බාල" සොහොයුරෙක් වත් විය යුතුයි. අනික සොච්චමක් සොරකම් කිරීම සොරකමේ වෘත්තීයටත් කරන නිගාවක්. තුන් වනුව, බලයේ ඉන්න අයට ඥාති සම්බන්ධයක් නැතිව සොරකම් කරනවා කියන්නේ කැමැත්තෙන් බෙල්ලේ වැළ දා ගැනීමක්.