මහබැංකු බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටු අඩුවී ඇති බවට ඇතැමුන් කෑ ගැසුවද එහි පිටු අඩුවීමක් කිසිසේත් සිදුව නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සිදුව ඇත්තේ පරික්ෂණ කටයුතු නිම වනතුරු රහස්‍යභාවය ආරක්ෂා කළයුතු ඇතැම් අනු ලේඛන පවතින බැවින් නීතිමය කටයුතු යම්තාක් දුරට ඉදිරියට කි‍්‍රයාත්මක වන තුරු එම ලිපි ලේඛනවල රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට සිදුව තිබීම බව ද ජනාධිපතිවරයා පැවසීය. ඒවා එළිදැක්වීම තුළ චෝදනාවලට ලක්වූවන්ට අයුතු වාසි ලබාගැනීමට හැකියාව පවතින බවද ජනපති පෙන්වා දුන්නේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය සමඟ අද (23) පස්වරුවේ පිටකොටුවේදී පැවති හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසම සියලු සාක්ෂි සටහන් කරගත්තේ එලිපිට නම් සහ වාර්තාව ලියා අැත්තේ සාක්ෂි මත පදනම්ව නම් වාර්තාවේ අනු ලේඛන වල කිසිම රහස් තොරතුරක් තිබිය නොහැකියි.
මේ ආණ්ඩුවේ ප්රචාරක යාන්ත්‍රය නම් අන්තිමයි. කරන කිසි හොඳ දෙයක් මහජනයා අතරට යන්නේම නෑනේ. සේරම අගුණ තමා රට පුරාම ප්‍රචාරය වෙන්නේ.
ඒක බොරුවක්නම් ගම්මන්පිලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න..
ඔය පිටු අඩු වීමත් දකින්න ඇත්තේ පත්තරේන්ද?
ඕක ඉංගිරිසියෙන් නොවැ තිබුණේ ? ඉතිං කොහොමෙයි දන්නෙ ?
විමර්ශන වාර්තා වල රහස්‍යභාවයක් පැවතීම අපට ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය අවසාන ප්‍රතිපලය.
හැංගිලා තියෙන පරණ දුෂණ ලිපුගොනු ටික ඒකට ඇතුලත් කරන්න බැරිද ?
දැන් ගයන්නේ, කොළ ගැලවී නැහැ, අකුරු මැකී නැහැ, බොඳවී නැහැ සිතුවම් ගීතය.
එක්කෝ ඒ වාර්තාව රහසිගත විය යුතුයි . එහෙම නැතිනම් ප්‍රසිද්ධ කල යුතුයි . ජනපති තුමාට හිතෙන කොටස් ප්‍රසිද්ධ කරන්නත් සමහර කොටස් රහසිගත වෙන්නෙත් කොහොමද ? වාර්තාවේ අඩංගු කරුණු රහසිගතද නැද්ද කියන එක තීරණය කලේ කව්ද ? මොන පදනමකින්ද?
මේ බැදුම්කරයක් අල්ලාගෙන ගැලරියට ගහනවා - රටක නායකයෙක් ගෙන් අපි මිට වැඩිය යමක් බලාපොරොත්තු වෙනවා.
කොමිසමේ හිටියේ උගත් විනිසුරුවරු. ප්‍රසිද්ධ නොකළ යුතු කොටස් තිබුණා නම් ඒ බව එතුමන්ලාම සඳහන් කරනවා. එතුමන්ලාගේ වාර්තාව ගැන මෙහෙම තීන්දු ජනාධිපති ගන්නවා නම් එ්කෙන් මහා ජනතාව හොඳටම තේරුම් ගන්නේ හොරු කට්ටියක් හෙළි වන එක එතුමා විසින්ම වලක්වන බව... එතුමාගේ දූෂණ විරෝධී මහා බෙරිහන් දීම නිකම්ම අවලංගු වෙනවා හොරු ආරක්ෂා කරන්න මේ වගේ වැඩ කරන කොට...
සිරිසේන මහත්තයා අවසානයේදී රනිල්ව බේරෙන ආකාරයට කටයුතු කරයි කියලයි අපට හිතෙන්නේ...
මම හිතන්නේ ඔය අඩුවෙලා තිබෙන්නේ අහවලාගේ සාක්කි වෙන්න ඕනේ...
ඕක ඉංග්‍රීසියෙන් නොවැ තිබුණේ නොවෙයි.... ඕක ඉංග්‍රීසිවලින් හිටං තිබුණේ කියන්න.