රතුපස්වල නඩුව ජනවාරි 24 විභාගයට ගම්පහ රතුපස්වල ජනතාවට වැලිවේරිය නගරයේ දී වෙඩි තබා පහරදී තිදෙනෙක් ඝාතනය කිරිමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු යුද හමුදා බ්‍රිගේඩියර්වරයා ඇතුළු සැකකාර හමුදා සාමාජිකයන් සිව්දෙනාට එරෙහිව නඩුව ජනවාරි 24 වැනි දා නැවත කැඳවන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (1) නියෝග කළේය. 01 November 2017
හල්දුම්මුල්ල බස් රථ අනතුරකින් 6කට තුවාල බණ්ඩාරවෙල සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබු සුඛෝපභෝගි බස් රථයක් හල්දුම්මුල්ල කළුපහණ හන්දියේ දී පාරෙන් ඉවතට පැන වෙළඳසළක ගැටි හය දෙනෙක් තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කරනු ලැබු බව පොලිසිය පවසයි. 01 November 2017
බුද්ධි අංශ ස්ථානාධිපති මැරූ කොටියා දිවි ඇතිතෙක් සිරගෙට දෙහිවල පොලිසියේ බුද්ධි අංශයේ හිටපු ස්ථානාධිපති සුනිල් තාබෘෘ මහතා ඔහුගේ නිල නිවසේ දී වෙඩි තබා ඝාතනය කළ කොටි සාමාජිකයකුට කොළඹ මහාධිකරණය අද(1) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය. 01 November 2017
ඖෂධ සංස්ථාවේ ඔසුසල්වලින් නොමිලේ ඖෂධ දිවයින පුරා රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (1) ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතාවය මගහැරවීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සියලුම ඔසුසල් වලින් නොමිලේ ඖෂධ නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. 01 November 2017
සතොසේ හාල් හා පරිප්පු මිල අද රෑ සිට අඩුවෙයි ලංකා සතොස පොන්නි සම්බා සහල් සහ පරිප්පු මිල අද(1) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 01 November 2017
පුංචි ඡන්දයේ ගැසට් පත්‍රයට ඇමැති ෆයිසර් අත්සන් තබයි ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය සඳහා වන රජයේ ගැසට් නිවේදනයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද(1) අත්සන් තැබීය. 01 November 2017
ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව පිළිබඳ විවාදය හෙටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ විවාදය හෙට(2) දිනත් පැවැත්වීමට කටයුතු කරන බව කථානායක කරු ජයසුරිය මහතා අද(1) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය. 01 November 2017
උතුරු මැද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉවතට උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වත්මන් සභාපතිවරයා එම තනතුරින් ඉවත් කර ඒ සඳහා වෙනත් සුදුසු සභාපතිවරයකු පත් කරන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී බී දිසානායක මහතාට ලිඛිතව දැනුම්දී තිබේ. 01 November 2017
හෙරොයින් සමග පාකිස්තාන යුවළ කොටුවෙයි බ්රව්රන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක් ලාහෝර් සිට රැගෙන ආ පකිස්තාන ජාතික යුවළක් අද(1) අත්අඩංගුවට ගනු ලැබු බව ගුවන්තොටුපොළ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි. 01 November 2017
තෙල් මිල අඩු කරන්න යයි ඩීසල් සහ පෙට්‍රල් මිල ඉදිරි සති කිහිපය ඇතුළත අඩු කිරීමට ඛනිජ තෙල් නීති ගත සංස්ථාව තීරණය කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි. 31 October 2017
බටපොල වෙඩි තැබීමකින් 5කට තුවාල බටපොල ඊරියපිටියේදී සිදුවූ වෙඩි තැබීමකින් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 31 October 2017
ඖෂධවේදියෝ හෙට වැඩ වරති රට පුරා රජයේ රෝහල්වල සේවය කරන ඖෂධවේදීහු හෙට (01) සංකේත වැඩ වර්ජනයක නිතර වෙති. 31 October 2017
පොලිස් නිශ්කාශන වාර්තා ගාස්තු දෙගුණ වෙයි පොලිස් නිශ්කාශන වාර්තා ලබා ගැනීමේදී අය කරන මුදල නොවැම්බර් මස 05 වනදා සිට වැඩි කිරීමට අනුමැතිය ලබී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 31 October 2017
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තව ඕනෑ - සිවාජලිංගම් ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය යැයි ද, එක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කළ යුතු යැයි ද උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතා පැවසීය. 31 October 2017
නුවරඑළියට අලුත් ප්‍රාසභා හතරක් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අලුතින් ප්‍රාදේශීය සභා හතරක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය අද අනුමැතිය ලබා දී ඇත. 31 October 2017
පුංචි ඡන්දයට ශ්රීලනිපය අත ලකුණින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලෙස නිල්පාටින් අත ලකුණින් ඉදිරි පළාත් පාළන මැතිවරණයට තරඟ කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා අද(31) පැවසීය. 31 October 2017
ජලය විකුණන නල ළිඳකට එරෙහිව පන්නල විරෝධතා පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නැගෙනහිර ගෝනුල්ල ප්‍රදේශයේ ජලය අලෙවි කිරීම සඳහා පෞද්ගලික ඉඩමක ඉදිකරමින් පවතින නල ළිඳ නතර කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීහු අද (31) මාකඳුරේදී විරෝධතාවයක නිරත වුහ. 31 October 2017
අත්අඩංගුවට නොගන්නැයි ශනිල් නෙත්තිකුමාරගෙන් පෙත්සමක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට දුන්නේයැයි කියන ‘මොනෑක්‘ නිවාස සංකීර්ණයේ නිවසේ හිමිකාරිය වු අනිකා විජේසුරිය මහත්මියට ජීවීත තර්ජන එල්ල කළැයි කියමින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යාපාරිකයෙකු වු ශනිල් නෙත්තිකුමාර මහතා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. 31 October 2017
හිටපු කොටි සාමාජිකයන් දෙදෙනකුට සිර දඬුවම් ත්‍රිකුණාමලය මොල්ලිපොතාන සේනවල්ලිකුලම් හිදි පොලිස් පරික්ෂවරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් හතර දෙනකුට ටී 56 ස්වයංක්‍රීය ගිනි අවි වලින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොටි සංවිධානයේ හිටපු සාමාජිකයින් තිදෙනෙක් අද (31) අනුරාධපුර විශේෂ මහාධිකරණයේදී වදර පිළිගත්හ. 31 October 2017
හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති ඇතුළු හයකට අධි චෝදනා පසුගිය ජනාධිපතිවරණ සමයේදී මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියේ විවෘත කිරීමේ උළෙල වෙනුවෙන් රුපියල් ලක්ෂ 112ක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව නිතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලබන බවට දැනුම් දී ඇතැයි අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත දැනුම් දෙනු ලැබීය. 31 October 2017
රජයේ ස්ථාවරය ගැන නෙවිල් ප්‍රනාන්දුගේ සතුට සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජයෙන් ලබා දුන් විසඳුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් පිළිගැනීම ගැන තමා සතුටට පත් වන බව සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කියයි. 31 October 2017
අනියම් බිරිඳ ඝාතනය කළ විත්තිකරුට මරණ දඩුවම ගම්පහ මාකෙවිට ප්‍රදේශයේ දී තම අනියම් බිරිඳගේ ගෙල වයරයකින් සිරකර ඇයව ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වු විත්තිකරුවකුට මරණ දඬුවම නියම කිරිමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු අද (31) නියෝග කළේය. 31 October 2017
සරණාගත රැඳවුම් කඳවුරු වසා දැමීමට එරෙහිව නීතිමය පියවර ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින් රඳවා තැබෙන පැපුවා නිව්ගිනියා හි කඳවුරු වසා දැමීමට ඕස්ට්‍රේලියා රජය ගෙන ඇති තීරණයට එරෙහිව එහි සිටින සරණාගතයින් නීතිමය පියවර ගැනීමට සැරසෙති. 31 October 2017
ජපාන නිවසක ශීතකරණයක් තුළ නව දෙනකුගේ සිරුරු කොටස් ජපානයේ ටෝකියෝ නගරය ආසන්නයේ සමාහි නිවසක ශීතකරණවල තිබී 9දෙනකුගේ සිරුරු වල කොටස් හමු වී ඇතැයි වාර්තා වේ. 31 October 2017
කල්අඩිය විදුහලක කාර්යාලය කඩා පදක්කම් සොරාගෙන කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයේ ප්‍රථම වරට සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියකදී පදක්කම් දිනු කසුනි දේශානි දැරිය ජයග්‍රහණය කළ පදක්කම් පාසලේ ආරක්ෂිත රාක්කයක තිබියදි කිසියම් පිරිසක් සොරා ගැනීම සම්බන්ධයෙන් පුත්තලම මුලස්ථාන පොලිසිය පරික්ෂණ අරඹා ඇත. 31 October 2017
නාමල් ඇතුළු අධ්‍යක්ෂවරුන්ට එරෙහි නඩුව පෙබරවාරියේ විභාගයට හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්යක්ෂවරු ඇතුළු සිව්දෙනාට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි 16 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා තීරණය කළේය. 31 October 2017
කහවත්තේ වෙඩි තැබීමේ නඩුව කල් යයි ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවති මැතිවරණ රැස්වීමක වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධ නඩුව රත්නපුර මහාධිකරණය හමුවේ අද(31) විභාගයට නියමිත වුවත් විනිසුරු රොහාන් ජයවර්ධන මහතා නිවාඩු යාම නිමිත්තෙන් නඩුව ලබන දෙසැම්බර් මස 13 තෙක් කල් තැබිණි. 31 October 2017
අන්තරේ ලහිරුට - ටැම්පිටියේ හිමිට ඇප අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකරට හා අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(31) ඇප නියම කළේය. 31 October 2017
‘කොළඹ ගොඩනගන්න ජල සැපයුම අවශ්‍යයි‘ - චම්පික කොළඹ නගරයේ දුප්පත් පවුල් 30,000 කට පමණ ජලය පැය 24 දීම නොලැබෙන බවත්, කොළඹ නගරය ගොඩනගනවා නම් ඒ ජලය ලබාදීමේ ශක්තිය ජලසම්පත් මණ්ඩලයට ලබාදිය යුතු බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 31 October 2017
ගුවන් තොටෙන් දුම්වැටි සමඟ කතක් අත්අඩංගුවට රුපියල් දහසය ලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ කාන්තාවක් අද (31) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 31 October 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026